UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ජීවත්වීමේ දී නොසිතූ අයුරින් විවිධ ප්‍රශ්න පැමිණීම නොවැලැක්විය හැක්කකි. එය විසඳගත යුත්තේ තමන් විසින්මය. නමුත් අපහට විසඳා ගැනීමට නොහැකිව බාහිර සමාජයේ ආධාර උපකාර පැතීමට සිදුවන අවස්ථාද නැතුවා නොවේ. කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, අංක 66 දරන ලිපිනයේ පදිංචි එස්.ඒ.ගෆුර් මහතා ත්‍රීරෝදරථ දෙකක හිමිකරුවෙකි. ඔහු දරු තිදෙනකුගේ පියෙකි. තම පවුලේ සියලු කටයුතු ඉටු කරමින් සාමාන්‍ය ලෙස ජීවත්විය. ඔහුගේ බාල දියණිය වන එස්.ඒ. රිකාසා අවුරුදු 09 ක දැරියකි. ඇයට මාස 09 ක් වන විට සිරුර කහපැහැ ගැන්විණි. පියා වහාම ඇය වෛද්‍යවරයකු වෙත යොමු කළේ ය. වෛද්‍ය පරීක්‍ෂණ වලින් පසුව නිගමනය වූයේ ඇයට ලියුකේමියාව රෝගය වැළඳී ඇති බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය ඉන්දියාවට රැගෙන යා යුතු බවත්ය. ඒ අනුව ඇය ඉන්දියාවට ගෙන ගියහ. එහි වෛද්‍යවරු පැවසුවේ අනෙක් දරු දෙදෙනාද වෛද්‍ය පරීක්‍ෂණ සඳහා රැගෙන ආ යුතු බවයි.

ඉන්දියාවේදී දරුවන් පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ දෙවැනි දියණිය වන සමීරා ද ලියුකේමියාව රෝගයට ගොදුරුව ඇති බවත්, ඇයට හැකි ඉක්මනින් ඇට මිඳුලු බද්ධකළ යුතු බවයි. ඒ සඳහා යන වියදම මිලියන දෙකහමාරක් බවයි. ඒ අනුව මිලියන 05 ක් වියදම් කර සමීරටා සහ රිකාසාට ඇටමිඳුලු බද්ධ කිරීමේ ශෛල්‍යකර්මය ඉන්දියාවේ මීනක්‍ෂි රෝහලේ දී සිදු කළහ. මේ සඳහා ගෆුර් සියලු දේපල විකුණා දැමූ අතර, හිතමිතුරන් ඥාතීන් සහ වෙනත් ආධාර මුදල් මඟින් මෙම කටයුතු සිදුකර ගත්හ. මෙම කටයුතු වලින් පසුව ගෆුර් මහතාගේ බිරිඳ වන ජෙස්මින් මහත්මිය හදිසියේ රෝගාතුර විය. රෝහල් ගත කලද පැය කිහිපයකින් අසරණ දරුවන් සහ ගෆුර් මහතා මෙලොව තනිකර ඇය ජීවිතයෙන් සමු ගත්හ. බිරිඳ මියගිය පසුව මවගේ වැඩ කොටසද ගෆුර් මහතා විසින් කළයුතු විය. පියෙක් ලෙස අදටද ඔහු තම දරුවන්ගේ ජීවිතය ගලවා ගැනීමට මෙම මහඟු කටයුත්ත ඉටු කරයි.

දරු දෙදෙනාගේ ශෛල්‍ය කර්ම වලින් පසුව ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා බෙහෙත් සිරිංජර් දෙකක් උදරයට සම්බන්ධ කර ඇත. මෙමඟින් සෑම මොහොතකම බෙහෙත් බිංදුව බැගින් ශරීරගත කරයි. මෙම ප්‍රතිකාර ක්‍රමය මාස 06 ක් සිදුකළ යුතුය. ඒ සඳහා එක් දරුවකු වෙනුවෙන් මසකට රු. 48000/- ක් වැයවේ. දරු දෙදෙනාටම රු. 96000/- ක් වැය වේ. එහෙත් තම සන්තක සියලු දේපල විකුණා දමා දරුවන්ගේ ජීවිත ගොඩ ගැනීමට කටයුතු කල ගෆුර් මහතා තවත් කිසිඳු වස්තුවක් ඉතිරිව නොමැත.

මෙම අසරණ දරු දෙදෙනාට පිහිටවීමට ලංකා බැංකුව ග්‍රෑන්ඩ්පාස් ශාඛාවේ අංක 71449879 දරන ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් දායකත්වය ලබාදිය හැකිය. අංක 011 – 5724214 දරන දුරකථනයට ඇමතීමෙන් වෙනත් ආධාර ලබාදීමට සහ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකිය.


පිළියන්දල පදිංචි වකුගඩු රෝගියෙකුට “ඕ නෙගටිව් හෝ බී නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 071 8875755, 071 6268880, 075 2889193 දන්වන ලෙස ඥාතීහු ඉල්ලා සිටියි.


අසාධ්‍ය රෝගියෙකු සඳහා “ඕ” වර්ගයේ, “ඕ නෙගටිව්” වර්ගයේ හෝ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. පරිත්‍යාගශීලී අයෙකු ඇත්නම් පහත සඳහන් දුරකථන අංක වලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 071 8399177, 0779127373 ඩ්.ඒ.ඩ්.එස්.සමරජීව, නො. 26, ස්වර්නජයන්ති මාවත, වලව්වත්ත, මීරිගම.

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]