UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රථම ජාතික සම්මේලනය 24 –25 හෝමාගම දී

“බුදුදහම සහ එහි සමාජකරණයේ ව්‍යාප්තිය” නමින් අගෝස්තු 24,25 දෙදින තුළ හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී මෙම සම්මේලනය පැවැත්වේ.

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සිදු කෙරෙන එම සම්මේලනයේ ප්‍රධාන අරමුණක් වන්නේ පිරිසුදු ථේරවාදය පිළිබඳ පර්යේෂණ සිදු කරන පර්යේෂකයන්ට සහ විද්‍යාර්ථින්ට ශාස්ත්‍රීයමය වේදිකාවක් නිර්මාණය කිරීමයි. එමඟින් ථේරවාදී බුදුසමයේ දැනුම පුළුල් කිරීමටත්, ව්‍යාප්ත කිරීමටත්, එසේම එකිනෙකාගේ දැනුම හුවමාරු කර ගැනීමටත් අවස්ථාවක් සැලසෙයි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන එම ජාතික සම්මේලනයේ ලේකම් ධූරය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් විසින් හොබවන අතර අනුශාසක මණ්ඩලය ලෙස මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි, මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමි, මහාචාර්ය වෑගම පියරතන හිමි, මහාචාර්ය ඊ. ඒ. වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය දයා එදිරිසිංහ මහතා විසින් කටයුතු කරනු ලැබේ.

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]