UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
ප්‍රථම සංගීතියෙහිදී සූත්‍ර හා විනය පිටක වශයෙන් බෙදා වෙන්කර දැක්වූයේ කෙසේද?

පිළිතුර
විනය පිටකය උපාලි තෙරුන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට පවරන ලදී.

සූත්‍ර පිටකය

දීඝ නිකාය :- ආනන්ද හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට
මජ්ඣිම නිකාය :- සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට
සංයුත්ත නිකාය :- කාශ්‍යප හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට
අංගුත්තර නිකාය :- අනුරුද්ධ හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට
ඛුද්දක නිකාය :- සියලු භාණක වරුන්ට


ප්‍රශ්නය - භව හෙවත් සසර සැකසෙන්නේ උපාදාන ඇතිකල්හිය. පැහැදිලි කරන්න.

පිළිතුර
කාම උපාදාන – දිට්ඨි උපාදාන - සමවත් සුව උපාදාන- සීලබ්බතුපාදාන අත්තවාදුපාදාන – යනුවෙන් උපාදාන සතරෙකි. කම් සැප උසස් ලෙස සිතන සත්වයා කාමය උපාදාන කරයි. රූපාවචර අරූපාවචර තත්වයන් හඳුනාගත් අය ඒවාට අයත් ‘සමවත් සුව‘ උපාදාන කරයි. ඒ අරමුණු කරගෙන අත්තවාදුපදානයත් සීලබ්බතුපාදානයත් පවතියි. “ මම වෙමි” යන දිට්ඨිය උපාදාන කිරීම භවත්‍රයටම පොදුය. උපාදාන ප්‍රත්‍යය තුළ මමත්වයේ බලවත් බව කියැවෙයි.


ප්‍රශ්නය
බුදු දහමට අනුව “ඛත්ති –සොච්ච” යනුවෙන් සඳහන් වන ඉවසීම සහ සුවචබව, උසස් ගුණයකි. දස පාරමිතාවන්ගෙන්ද එකක් වන ඉවසීම (ක්‍ෂාන්ති) උසස්ම ආගමික ශික්‍ෂාය වශයෙන් හඳුන්වනු ලැබේ. (ඛන්තී පරමං තපො තිතික්ඛා”) මෙම ගුණදහම් පිළිවෙතත් වශයෙන් පුරන තැනැත්තාට අනුසස් පහ ලැබෙන බව ධර්මයෙහි සඳහන් වේ. ඒ මොනවාද?

පිළිතුර
1. ගෞතම බහුතර ජනතා ප්‍රසාදයට පත්වෙයි
2. කාරුණික තැනැත්තෙක් වෙයි
3. දිවි පෙවෙත නිවැරැදි වෙයි
4. සිහි නුවණින් යුතුව කලුරිය කරයි
5. මරණින් මතු සුගතිගාමී වෙයි


ප්‍රශ්නය
“තීනි පුඤ්ඤ කිරිය වත්ථුනි” පුණ්‍යක්‍රියා වස්තු තුනකි. පැහැදිලි කරන්න.

පිළිතුර
දානය - ශීලය , භාවනා


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේට ආශ්‍රය –නිශ්‍රය වූ පූජනීයත්වයට පත් වූ ස්ථාන 04 ක් පිළිබඳව උන්වහන්සේ අනුදැන වදාළහ. සැදැහැ වතියන් විසින් ප්‍රසාද සංවේග සහිතව එළිඹිය යුතු ස්ථාන වශයෙන් නම් කළහ. මෙම ස්ථාන හතර මොනවාද?

පිළිතුර
1. බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය (ලුම්බිණිය)
2. බුද්ධත්වයට පත්වූ ස්ථානය (බුද්ධගයාව)
3. දම්සක්පැවැතුම් සූත්‍ර දේශනාව පැවැත්වූ ස්ථානය (බරණැස සාරානාත්)
4. බුද්ධ පරිනිර්වාණය සිදුවූ ස්ථානය (කුසිනාරා නුවර)


ප්‍රශ්නය
දහමට අනුව සෑම දිවිපෙවෙතක්ම අපරාජිත බවම අරමුණුකොට ගෙනම පවත්වාගත යුතුය. (සබ්බත්ථ මපරාජිතා) ඒ සඳහා ඉදිරිපත් වන බාධක අටකි. ඒවා “මල” හෙවත් “කිලුටු” නමින් දහමෙහි සඳහන් වෙයි. ඒ මොනවාද?

පිළිතුර
මිනිස් දිවිය අවනතියට පරිහානියට යොමුවන කිලිටි හෙවත් බාධක අටකි.

1. අසජ්ක්‍ධාය මලා මන්තා
උගත් ශාස්ත්‍රය නිතර භාවිතාවෙන් ඉවත් කිරීමෙන් පිරිහීමට හේතුවකි.

2. අනුට්ඨාන මලා ඝරා
ගිහි ජනයා උත්සාහය අත්හැරීම පිරිහීම සඳහා වෙයි.

3. මලං වණ්ණස්ස කොසජ්ජං
ශරීර පැහැපත්ව කුසීතකමින් පිරිහීමට පත්වෙයි.

4. පමාදො රක්ඛතො මලං
ධනය ආරක්‍ෂා කරනා ප්‍රමාදය පිරිහීමට හේතුවකි.

5. දුසිරිත කාන්වට පිරිහීමකි
මලිත්ථිය දුච්චරිතං

6. මච්ජෙරං දදතොමලං
දානපතියාට මසුරුකම බාධකයකි.

7. පාපය මෙලොව පරලොව දෙකහිම අවනතියට හේතුවෙයි

8. මේ සියල්ලටම වඩා “අවිද්‍යාව” සසරින් එතරවීම මහත්ම බාධකය වේ.

තතො මලා මලතරං අවිජ්ජා පරමං මලංති

 

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]