UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් බුදුසරණ මෙහෙය වූ උතුරුමැද පළාතේ කථික තරගය

පළමු තැනට ජ්‍යෙෂ්ඨ අංශයෙන් ඊ.ඩී. මලිත් දිල්ශාන්

පළමු තැනට කනිෂ්ඨ අංශයෙන් ඊ.එම්.එම්.සචිනි අනුත්තරා


ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ඊ.ඩී.මලික් දිල්ශාන් (මැද), දෙවන හා තෙවන ස්ථානයන් නිපුන ප්‍රභාත් මධුරංග ජයතිලක සහ එම්.ඒ.එල්.දේදුනු මධුවන්ති

කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ඊ.එම්.එම්. සචිනි අනුත්තරා (මැද), දෙවන හා තෙවන ස්ථානයන් ඉසුරු ඉෂාන් සහ නෙත්මි චාන්‍යා

ජ්‍යෙෂ්ඨ අංශයේ විනිශ්චය මණ්ඩලය: (වමේ සිට) වසන්ත දීපලාල් මාපා බණ්ඩාර, චන්දිමා විජේසිංහ, එස්.එම්.නාලිනී ශීලවංශ සහ සම්පත් ශ්‍රී ලක්මාල් යන මහත්ම මහත්මීහු

කනිෂ්ඨ අංශයේ විනිශ්චය මණ්ඩලය: (වමේ සිට) කුමාරදාස ජයසුන්දර, එන්.එස්.ඒ.ඒ.ඊ.නානායක්කාර, විමාලි වෛද්‍යරත්න සහ රුවන් ජයවර්ධන යන මහත්ම මහත්මීහු

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය)) අඛණ්ඩව පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාවට මෙම 2012දී පනස් වසරක් සපිරෙයි.

ආලෝක පුජාවට සමගාමීව උතුරු මැද පළාතේ පාසල් සහ දහම් පාසල් නියෝජනය කරවමින් බුදුසරණ පුවත්පත සංවිධානය කරන කථික තරඟය මෙවර ද මිහින්තලා මහා විද්‍යාලයේදි පසුගිය 19 වැනි දින පැවැත්විණි.

අදාළ පාසල් හි සිසු සිසුවියෝ විශාල සංඛ්‍යාවක් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ට අංශයෙන් එම කථික තරඟයට ඉදිරිපත් වූහ. බෞද්ධ දර්ශනය, ලංකාවේ බෞද්ධ ඉතිහාසය, සංස්කෘතිය, විශේෂයෙන් මිහින්තලා ඓතිහාසික පසුබිම, සෞඛ්‍ය, පරිසරය ආදී ශිෂ්‍ය දැනුම හා සමගාමී වූ පුළුල් විෂය පරාසයන් ආවරණය කරමින් කුසපත් මගින් ක්‍ෂණිකව සැපැයූ මාතෘකා සමූහයක් අතරින් ශිෂ්‍යයාගේ කථිකත්වය උරගා බැලු කථික තරගයේදී බහුතරයක් සිසු සිසුවියන් එම අභියෝගයට ඉතා සාර්ථකව මුහුණ දෙමින් තම චතුර කථිකත්වය ප්‍රදර්ශනය කිරීම මෙහිදී දැක ගත හැකි විශේෂයක් විය. විෂය ක්‍ෂේත්‍රයට අදාල වුවද එකිනෙකට වෙනස් මාතෘකාවන් රාශියක්, ඉදිරිපත් වූ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ලැබීම නිසා කථික තරග වේදිකාව ඉතා උණුසුම් සහ විවිධත්වයෙන් අලංකාර වූ ස්වරූපයක් ඉසිලීම පේ‍්‍රක්‍ෂක ප්‍රබෝධයට ද හේතුවිය.

මෙහිදී ඉතා දක්‍ෂ කථිකයන් රාශියක් අභිබවමින් ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අනුරාධපර ශාන්ත ජෝෂප් මහා විදුහල නියෝජනය කළ ඊ. ඩී. මලිත් දිල්ශාන් දිනාගත් අතර කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලද්දේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය නියෝජනය කළ ඊ. එම්. එම්. සචිනි අනුත්තරා ය.

ජ්‍යෙෂ්ඨ අංශයේ දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙලින් අනුරාධපුර/ශාන්ත ජෝසප් විද්‍යාලයේ නිපුන ප්‍රභාත් මධුරංග ජයතිලක සහ අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ එම්. ඒ. එල්. දේදුනු මධුවන්ති විසින් ද කනිෂ්ට අංශයේ දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙලින් ඉසුරු ඉෂාන් අනුරාධපුර /මධ්‍ය විද්‍යාලය) සහ නෙත්මි චාන්‍යා, (ශ්‍රී සරස්වතී දහම් පාසල) විසින් දිනා ගන්නා ලදී. හතරවන ස්ථානයේ සිට දහ වන ස්ථානයන් දිනු නාමලේඛනයන් මෙසේය.

ජ්‍යෙෂ්ඨ අංශය :- ඩබ්ලිව්. එම්.මහේෂිකා උදයංගනී (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), ලක්‍ෂිත ප්‍රසාද් (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), එල්. පී. සුමින්ද විජේරත්න (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), ඩීී. එම්. පුබුදුමාලී මධුෂානී (මිහිඳු දහම් පාසල), උදුලී විමංසා වානගුරු (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), කේ. එම්. පවිත්‍ර යසස් සේනාවර්ධන (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), චින්තක මධුෂාන් ගුණතිලක (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය)

කනිෂ්ඨ අංශය :- එන්. පුෂ්පමාලි සෙනෙවිරත්න (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), එච්. වී. සඳනි සමාධී රත්නායක (අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය), විකුම් කාවින්ද (ශ්‍රී ගුණරතන දහම් පාසල), ඩී. ඒ. අචින්ත ශානක ගුණසේන (මිහිදු දහම් පාසල), හසිනි කාවින්ද්‍යා සෝමරත්න (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), ෂයිනි සචිකා සෙනෙවිරත්න (අ/මධ්‍ය විද්‍යාලය), හසලා රසාංජලී ජයතිලක (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය)

ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ අංශයන්හි ප්‍රථම ස්ථානයන්ට මුදලින් රුපියල් දස දහස (රු. 10000/-) බැගින් ද දෙවන හා තෙවන ස්ථානයන්ට රුපියල් හත්දහස් පන්සියය (රු.7500/-) සහ පන්දහස (5000/-) බැගින් ද පිරිනැමේ. ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයට ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ කුසලානයද කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයට පියසේන නිශ්ශංක අනුස්මරණ කුසලානයද හිමිවෙයි.

ජ්‍යෙෂ්ඨ අංශයේ විනිශ්චය මණ්ඩලයට අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සිංහල ගුරු උපදේශිකා එස්.එම්.නාලිනී ශීලවංශ (පශ්චාත් උපාධි), මනෝ සමාජ මැදිහත්වීම් හා උපදේශන සේවා ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශිකා චන්දිමා විජේසිංහ (පශ්චාත් උපාධි), අනුරාධපුර සුචරිත ගම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ගුරු වසන්ත දීපලාල් මාපා බණ්ඩාර (ශාස්ත්‍රවේදී) සහ තන්තිරිමලය මහා විද්‍යාලයේ ආචාර්ය සම්පත් ශ්‍රී ලක්මාල් (පශ්චාත් උපාධි) යන මහත්ම මහත්මීහු සම්බන්ධ වූහ. කනිෂ්ඨ අංශයේ විනිශ්චය මණ්ඩලයට අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශක කුමාරදාස ජයසුන්දර (පශ්චාත් උපාධි -බෞද්ධ සංස්කෘතිය) ගුරු උපදේශිකා විමාලි වෛද්‍යරත්න (ශාස්ත්‍රවේදී), අනුරාධපුර වලිසිංහ මහා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ගුරු රුවන් ජයවර්ධන (ශාස්ත්‍රවේදී) සහ අනුරාධපුර යහලේගම විදුහලේ ආචාර්ය එන්.එස්.ඒ.ඒ.ඊ.නානායක්කාර යන මහත්ම මහත්මීහු කටයුත කළහ.

අනුරාධපුර ලේක්හවුස් ශාඛා කළමනාකාර සරත් පෙරේරා මහතා ඇතුලු කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගයෙන් මෙහි සංවිධාන හා අධික්‍ෂණ කාර්ය සිදු කරන ලද්දේ බුදුසරණ පත්‍රය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය කර්තෘ ජනක වෙත්තසිංහ මහතාය.

අංශ දෙකෙහිම හතර සිට දහය ස්ථානයන් සඳහා මුදලින් රුපියල් දහසක් (රු 1000 ) සහ සියලුම ජය ග්‍රාහකයන්ට ලේක්හවුස් ආයතනයෙන් පිරිනැමෙන වටිනා සහතිකය බැගින් හිමි වෙයි. සියලු කුසලානයන් සඳහා ලේක්හවුස් බෞද්ධ සංගමය අනුග්‍රහය ලබා දුන් අතර මුදල් ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වූයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසිනි. මෙම සියලු ත්‍යාගයන් ජුනි 4 වැනිදා පොසොන් පසළොස්වක දින මිහින්තලා ආලෝක පූජා උළෙලේදී පරිත්‍යාග කෙරෙයි.


ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහකයන් දසදෙනා


කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහකයන් දසදෙනා

 

 

 

 

 

 

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]