UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

86 වන කොටස

364.
ධම්මරාමො ධම්මරතො
ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු
සද්ධම්මා න පරිහායති

තෙරුවනෙහි ගුණ හැඳින
එය නිතර මෙනෙහි කළ
සැදැහැවතුනගේ සිත්- පාපයෙන් බැහැර වේ.
දහම් ලැදි – කෙනෙකුගේ ජීවිතය – කිසිදිනෙක පාපයට –නැඹුරු වන්නේ නොවේ

365.
සලාභං නාතිමඤ්ඤය්‍ය
නාඤ්ඤෙසං පිහයං චරේ
අඤ්ඤේසං පිහයං භික්ඛු
සමාධිං නාධි ගච්ඡති

ලද දෙයින් තුටුවන්න – ඉරිසියා නොකරන්න – එවිට සිත සමාධිය පහසුවෙන් ළඟා වේ.
ඔබේ සිත – නිරවුල්ව තිබේ නම් – ඔබේ මතු දිවි මඟ ද පැහැදිලිය . නිරවුල්ය.

366.
අප්පලාභො පි චේ භික්ඛු
සලාභං නාතිමඤ්ඤති
තං වේ දෙවා පසංසන්ති
සුද්ධාජීවිං අතන්දිතං

තමා වෙත පිරිනැමෙන - සුළු දෙයින් තුටු වන්න - සුපිරිසුදු දිවි මඟට - දෙවියෝද පුදකරති.
සුළු දෙයින් - සතුටු වන තැනැත්තා - මියෙන තුරු මානසික වේදනා නොම විඳී

367.
සබ්බසො නාම රූපස්මිං
යස්ස නන්ථි මමායිතං
අසතා ච න සොචති
සවේ භික්ඛු ති වුච්චති

නාම සහ රූප දෙක – මගේ යැයි නොසිතුවොන් – ඔහු මහණ කෙනෙකු ලෙස සැලකීම වැරැදි නැත.
මාගේ යන – හැඟීමෙන් මේ ලොවේ – කිසිවකුට දුකක් මිස - සහනයක් හිමි නොවේ.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]