|
අලුතෙන් සිතන්න අලුත් වසරකට
දැන් ඔබට අලුත් වසරක් ලබා තිබේ. ගෙවී ගිය වසර ගැන ඔබට සතුටු විය හැකි
ද? යම් යම් කරුණු හා සිද්ධීන් පිළිබඳ ඔබ සමාජ සම්මතයෙන් සතුටු වන්නට
ඇත. ඔල්වරසන් දී හඬ නඟා සිනාසෙන්නට ඇත. ඇත්තටම ඒවා සතුටු විය යුතු
දේවල් ද? අවුරුද්ද සකස් වී ඇත්තේද දවස් වලිනි. එදිනෙදා දවස තුළ ඔබ හොඳ
දෙයක් කළේ නම් අවුරුද්ද පුරා හොඳ වැඩ කර ඇත. හොඳ යන වචනයෙන් කියන්නේ
කුසල්ය. හොඳ යන්න පුද්ගල නිශි‍්‍රත හා විෂය නිශි‍්‍රත වශයෙන් දෙකකි.
පුද්ගල නිශි‍්‍රත වන්නේ තමන් පිළිබඳ දේය. විෂය නිශි‍්‍රත වන්නේ සමාජය
පිළිබඳ දේය. ඔබ පුද්ගලයෙකු වුවද සමාජ සත්වයෙකි. එනිසා ඔබෙන් සමාජයට
කරදර නො විය යුතුය. බුදුදහම හැම තැනම හැමදාම උගැන්නුවේ සමාජයට කරදර
හිරිහැර නොකර පුද්ගල සංවර්ධනය විය. සංවර්ධනය පිළිබඳ කොතෙක් කථාකළත්,
ලිව්වත් පුද්ගල සංවර්ධනය නැතිනම්, පුද්ගල සංවර්ධනයෙන් තොර නම් එය
දියුණු රටක් නොවේ. පුද්ගලයන් සංවර්ධනය කොට මිනිසුන් හදා තනා භෞතික
සම්පත් වර්ධනය කිරීම බෞද්ධ සම්ප්‍රදායයි. භෞතික පරිසරය දියුණු කොට
සංවර්ධනය කොට මිනිසුන් සංවර්ධනය කිරීම භෞතික සම්ප්‍රදායයි.
ඉතිරිය»
|
|
දුරුතු පුර අටවක
දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා
සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.
මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය. |
|
|
|
|
|
|