72 වන කොටස බණ්ඩාර මඩුගල්ලේ
310. අපුඤ්ඤලාභො ච ගතී ච පාපිකා
භීතස්ස භීතාය රතීච ථොකිකා
රාජච දණ්ඩං ගරුකං පණෙති
තස්මා නරො පරදාරං න සේවෙ
පරදාර සේවනය, දුසිරිතකි, පාපයකි.
එයින් වැළකෙනු මැනවි. එය උතුම් පිළිවෙතකි.
කාමයෙන්, සැනසුමක් ලැබෙන්නේ
අසාධාරණ බවක් නොමැත්තේ නම් පමණි.
311. කුසො යථා දුග්ගහිතො
හත්ථ මෙවානුකන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං
නිරයායුපකඩ්ඩති
මහණකම කිලිටි ලෙස, හසුරුවන තැනැත්තා,
නිසැක ලෙස අන්තිමට, අපාගත වන්නේ ය.
හිතවතුනි, ගුණ දහම් පිළිපදින තැනැත්තා, නිසැක
ලෙස අන්තිමේ සුගතියට යන්නේ ය.
312. යං කිඤ්චි සිථිලං කම්මං
සංකිලිට්ඨංච යං වතං
සංකස්සරං බ්‍රහ්මචරියං
න තං හොති මහප්ඵලං
අතිර වූ කිලිටි වූ, පිළිවෙතින් පලක් නැත,
ගිහි පැවිදි කිසිවකට ඉන් පලක් හිමි නොවේ.
කිසිවකින් ඵල ලබනු කැමැති නම්,
ගැඹුරු නුවණින් තිරව, එහි යෙදිය යුත්තේ ය.
313. කයිරා චෙ කයිරාථෙතං
දළ්හමේනං පරක්කමෙ
සඨිලො හි පරිබ්බාජො
භිය්‍යො ආකිරතෙ රජං
ගුණ දහම් වඩන්නට, වෙර දැරිය යුත්තේ ය. වීරියක්
නැති විටෙක අකුසල්ම එන්නේ ය.
ජීවිතය, හැඩ ගසනු කැමැති නම් ගුණ
දහම් වැඩෙන්නට වෙර දැරිය යුත්තේ ය.
මතු සම්බන්ධයි!
|