UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

භාවනාව සාර්ථක කර ගනිමු

නාවලපිටියේ
අරියවංශ හිමි

අපි සිතමු කෙනෙක් ඉන්නවා මෛත්‍රි භාවනාව වඩන්ට උත්සාහ කරනව. එයා සිතනව, මම අද පැයක් මෛත්‍රිය වඩනවා කියල. මෙයා උත්සාහකරනව. දන්නෙම නෑ මෙයා එක්කො නින්දට වැටෙනව, නැත්නම් සිත හැකිලිලා යනවා, නැත්නම් කාමයන්ට ගොදුරුවෙනව, නැත්නම් සිත විසිරෙනව, ඉතින් මෙයාගේ උත්සාහය තියෙන්නෙ පැයක් ඉන්නව කියලා. ඉතින් මෙයා පැයක් ඉන්නව

. සමහර විට නින්ද ගියොත් පැය දෙක තුනක් ඉඳියි. ඉතින් එයා හිතනව අද මම මෙච්චරවෙලා ඉඳගෙන හිටිය බලන් ඉන්න කෙනත් සිතනව හප්පේ මෙයා ගොඩාක් වෙලා ඉඳගෙන හිටිය අනේ.මට බෑනේ කියල බලන් ඉන්න කෙනා පැත්තක ඉඳල දුක්වෙනව.

තව කෙනෙක් ඉන්නව, එයා සිතනව මට පුළුවන් විදියෙන් මම පොඩ්ඩක් කරනව. එයා ඔන්න ඇවිල්ල ඉඳගෙන විනාඩි දෙකක් මෛත්‍රිය වඩනව. එයා ආපහු පොඩ්ඩක් සක්මන් කර විනාඩි දෙකක් මෛත්‍රිය වඩනව. නැවත සක්මන් කරනව. ආයිත් විනාඩි දෙකක් මෛත්‍රිය වඩනව. සක්මන කරනව. අපි සිතමු මෙයා මෙහෙම දවසට තිස් වතාවක් කළා කියල. විනාඩි දෙක බැගින් තිස් වතාවක් මෙයා නැවත සක්මන කරනව,

විනාඩි දෙකක් සිහියෙන් මෛත්‍රිය වඩනව මෙහෙම කර කර සිහි නුවණ උපදවාගෙන වාසය කරනවා. අනිත් කෙනා පැයක් ඉඳගෙන ඉඳල හැබැයි නින්ද ගිහිල්ල. බලන් ඉන්න කෙනා කවුරු සාර්ථකයි කියලද සිතන්නෙ? පැයක් ඉඳගෙන හිටපු කෙනා සාර්ථකයි කියල නේද හිතන්නෙ. ඇත්තෙන්ම සාර්ථක කවුද අර විනාඩි දෙක බැගින් තිස් වතාවක් කරපු කෙනා, පැයක් මෛත්‍රි වඩල, කලක් මේ විදියට පුරුදු කළොත් එයාට සාර්ථකව භාවනාව පුරුදුවෙන කෙනෙක් බවට පත්වෙන්ට පුළුවන්. ඇයි එයා කළ දෙයින් සතුටු වෙනව, මම විනාඩි දෙක බැගින් මෙත් සිත වැඩුවා කියල, එයාගෙ මුලු කාලෙ ගත්තොත් පැයකට වඩා මෙත් සිත වඩල. අර අනවශ්‍ය විදියක් ගත්ත කෙනා ඉඳගෙන ඉඳල නින්ද ගිහිල්ල, එච්චරයි එයා දුක්වෙනව. අපරාදෙ මම ඉඳගෙන හිටිය නින්ද ගියා කියල.

අදත් අසාර්ථකයි කියල තමයි නැගිටින්නෙ. දක්‍ෂයා එහෙම නෑ. එයා ටික ටික කරල සතුටුවෙනව. මම ටික ටික පුරුදු වුණා. එයා දවසෙම සතුටින් ඉන්නෙ. අන්න ඒක තමයි සාර්ථකවීමේ ක්‍රමය. ඒ විදිහට සාර්ථක වෙන කෙනා ක්‍රම ක්‍රමයෙන් කාලය වැඩිකරනවා සිහිනුවණ දියුණුවීමත් සමඟම කලක් යනකොට එක දිගට දීර්ඝ කාලයක් භාවනා කරන්ට එයාට පුළුවන් වෙනවා.

මේ පින්වතුන් දක්‍ෂයි නම් ,අන්න ඒ සාර්ථකවීමේ ක්‍රමය අල්ලගන්න. ඒ කියන්නෙ මුළු ජීවිතේ ම විනාඩි දෙක දෙක කරන්න කියලද? නෑ..නෑ.. පොඩි වෙලාවෙන් පටන්ගන්න කෙනාට කලක් යද්දි දීර්ඝ වෙලාවක් හොඳින් භාවනා කරන්ට පුළුවන් කමක් එනව. ඒකයි ආරම්භයේදීම පුහුණු වෙනවා කියල පටන්ගත යුත්තේ.

පුහුණු වෙන කෙනා ටික ටික කරනවා. ඒ පුහුණුවත් සමඟ එයා බහුල වශයෙන් භාවනා කරන්ට පුළුවන් කෙනෙක් බවට පත්වෙනවා. හොඳයි එහෙනම් අප ආශිර්වාද කරනවා සියලු දෙනාටම සාර්ථකව බණ භාවනා පුහුණුකරගන්ට හැකියාව උදාවේවා! කියල.

මතු සම්බන්ධයි

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]