UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

දෙහිවල ගල්විහාර පාරේ නව පොළොන්නරු ගල් විහාරාධිපති ආචාර්ය කනුමුල්දෙණියේ ධර්මාශෝක නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරයේ ඓතිහාසික පොළොන්නරු ගල් විහාරයේ සැලැස්ම අනුව ඉදිකර ඇති අනුරුවේ වැඩ නිමවා 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ සුරතින් පසුගියදා (11) විවෘත කැරිණි. එහිදී ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරත වූ අවස්ථාව.විහරාධිපති කනුමුල්දෙණියේ ධර්මාශෝක නාහිමියෝද මෙහි වෙති.

2600 සම්බුද්ධත්ව ජයන්ති වසරට සමගාමීව දනවතී ජයවීර මහත්මිය විසින් රචිත සිය දෙවන ගද්‍ය සංග්‍රහය වූ “දිවමන් බුදුන් දුටුවෙමි” කෘතිය දොරට වැඩීම පසුගියදා කළුතර නාගොඩ සංදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී සිදුකැරිණි. ධර්ම දානයක් වශයෙන් බෙදාදීමට අපේක්‍ෂිත එම කෘතියේ මුල් පිටපත දම්බුළුවන සුමංගල නාහිමියන් වෙත දනවතී ජයවීර මහත්මිය විසින් පිළිගැන්වූ අවස්ථාව.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]