UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විද්‍යාවාස පිරිවෙනේ පින්කම්

මීරිගම, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ 126 වැනි වරට සිදුකැරෙන කඨින මහා පූජෝත්සවය සහ විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයෙහි, විහාරාධිපති හා පරිවේණාධිපති ධූරයන් හොබවා අපවත් වී වදාළ, නිතලව ශ්‍රී ඤාණේශ්වර නාහිමි, පිදුමේ රතන නාහිමි, නුගදෙණියේ ධම්මානන්ද නා හිමි, මකුලෑවේ විජය නාහිමි යන ස්වාමීන් වහන්සේලාගේ ගුණානුස්මරණ පින්කම් ද ඔක්තෝබර් මස 08, 09, 10, 11, 12 යන දිනයන් හි විද්‍යාවාස පිරිවෙනේ දී පැවැත්වේ.

වස් කාලයේ දිනපතා පවත්වාගෙන ආ මල්, පහන් ගිලන්පස බුද්ධ පූජාව හා බෝධි පූජාව එම දිනවල ද සිරිත් පරිදි රාත්‍රි 6. 45 ට ආරම්භ කැරේ. ඒ දිනවල ද රාත්‍රි 7. 30 ට විශේෂ ධර්ම දේශනා පැවැත්වේ. 8 වනදා හරස්ගම නන්දවංස නා හිමි, 9 වනදා බොරැල්ලේ කෝවිද හිමි, 10 වන දා තලම්පිටියේ සුමංගල හිමි, 11 වනදා කිරිහට්ටි කුලමේ සරණංකර හිමි එම දම් දෙසුම් පවත්වති. එම ඔක්තෝබර් 12 වැනි දින බදාදා අළුයම 3. 30 ට පමණ කඨින වස්ත්‍රය රැගෙන එන පෙරහර කදන්ගමුවේ පොඩි මහත්තයාගේ නිවසේ සිට පිටත්ව කණ්ඩලම හරහා ඉල්ලාන දක්වා ගොස් නැවත කදන්ගමුව ගම මැද පාර හරහා පොල් මෝල තෙක් ගොස් පෙ. ව. 6. 00 ට ආපසු විහාරස්ථානයට පැමිණ කඨින වස්ත්‍රය මහා සංඝරත්නය වෙත පූජා කැරේ. පෙ. ව. 10 .30 ට බුද්ධ පූජාව පැවැත්වේ. එදින පෙ. ව. 11. 00 ට හැත්තෑපස් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාව පැවැත්වේ. ප. ව. 7. 00 ට බෝධි පූජාව පවත්වා කඨිනානිසංස ධර්මදේශනය පැවැත්වේ.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]