UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

62 වන කොටස

268
න මොනෙන මුනි හොති – මුල්හරූපො අවිද්දසු
යො ච තුලං ව පග්ගයහ – වරමාදාය පණ්ඩිතො

මීඩයා මුනිවතින් – නැණැත්තකු වෙන්නේ නෑ.
නැණැත්තා නුවණැසින් – අවැසි දේ අර ගනී.
හිතවතුනි, හිස් වචන – කියන්නා නුවණ නැති - මෝඩයෙකු බව ලොවට හෙළිදරව් වන්නේ ය.

269
පාපානි පරිවජ්ජේති - ස මුනි තෙන සො මුනි
යො මුනාති උභො ලොකෙ – මුනි තෙන පවුච්චති

තිදොර සංවර කෙරුණු - පාපයෙන් දුරස් වූ - ලොව නියම තතු දකින – නැනැත්තා මුනි කෙනෙකි.
හිතවතුනි, ටිකෙන් ටික – පාපයෙන් දුරු වන්න. එවිට ලෝකය ඔබට උපහාර කරනු ඇත.

270
න තෙන අරියො හොති - යෙන පාණානි හිංසති
අහිංසා සබ්බපාණනං - අරියෝ ‘ ති පවුච්චති

අහිංසක නොවන්නා - ‘අරිය’ වන්නේ නොවේ.
අරිය වනු කැමැති නම්, - අහිංසක විය යුතු ය.
හිතවතුනි, ඔබ ලොවට - හොඳ කෙනෙකු වන්ට නම්
නමින් නොව ගති ගුණෙන් - හොඳ කෙනෙකු විය යුතුය.

271
න සිලබ්බත මත්තේ න – බාහු සච්චේන වා පුන
අථ වා සමාධි ලාහේන – විච්ච්ච සයනෙන වා

රකින වත් පිළිවෙතින් - ශීලයෙන් යුතු වුණත් - සෙනසුනක විසුවත් – ජීවිතය පිරී නැත.
හිතවතුනි, ජීවිතය – නිසි ලෙසින් පිරෙන්නේ – පාපයෙන් දුරස් වී - සුපිරිසුදු වූ විට ය.

272
ඵුසාමි නෙක්ඛම්ම සුඛං - අපුථුජ්ජන සේවිතං
භික්ඛු විස්සාසමාපාදි - අප්පත්තෝ ආසවක්ඛයන්ති

ලෝකයෙන් එතෙර වූ - නිවන නම් සැපක් ඇත. එය ලැබෙන තුරාවට – දිරිය නොහැරිය යුත්තේ ය.
හිතවතුනි, අරමුණෙහි – එල්බ ගෙන දිරි ගන්න – නිසැක ලෙස දිනෙක හිස - මත පියුම් පිපෙනු ඇත.

මතු සම්බන්ධයි

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]