UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම
බලගල්ල සරස්වතී මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ආචාර්ය හිඳගල ඤාණාධාර හිමි

වැඩවසන පන්සල
බලගල්ල සරස්වතී මහ පිරිවෙන දිවුලපිටිය

උපන්දිනය
1959 වර්ෂයේ දෙසැම්බර් මස 07 වන දින

පියා
ටී.එම්.පී. තෙන්නකෝන් නිලමේ තුමා

මව
පී.ඒ. කුඩාමැණිකේ තෙන්නකෝන් මාතාව

සහෝදර සහෝදරියන්
සහෝදරයන් හය දෙනෙක් සහ සහෝදරියන් හත්දෙනෙක් පමණ

ගිහි නම
ටී.එම්. එස්. තෙන්නකෝන් බණ්බා

මූලික අධ්‍යාපනය
හිදගල මහාවිද්‍යාලය, බලගල්ල සරස්වතී මහ පිරිවෙන

උසස් අධ්‍යාපනය
1982 – 1986 වර්ෂවල පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය පංති සාමාර්ථයක් සහිතව ලබා ගැනීම. (බී.ඒ)

1989- 1991 වර්ෂවලදි බෞද්ධ අධ්‍යයනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලබාගැනීම (ඇම්.ඒ) බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙනි. 1992 – 1994 වර්ෂවලදි ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය හා මහායාන දර්ශනය පිළිබඳව දර්ශනපති උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව ලබාගැනීම (ඇම්.ෆිල්)

1994- 1998 වර්ෂවලදී ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් දකුණු ඉන්දියාවේ ථෙරවාදි බුදු දහම පිළිබඳව ආචාර්ය උපාධිය ලබාගැනීම (පී.එච්.ඩී)

දිල්ලි විශ්වවිද්‍යාලයෙන් හින්දි භාෂාව පිළිබඳව සහතික පත්‍රයක් හිමිකරගෙන තිබීම.

ආන්ද්‍රා , කර්ණාටක, තමිල්නාඩු, කේරළය යන ඉන්දියාවේ ප්‍රාන්ත හතරක ථෙරවාදි බුදුදහම පිළිබඳව විමර්ශනය කරමින් පර්යේෂණ කටයුතු කිරීම

ආචාර්යන් වහන්සේ
පැවිදි බිමට ඇතුලත් වීමේදී හපුවලානේ ශ්‍රී ඥනාලෝක නා හිමියන් සහ හපුවලානේ සරණංකර නා හිමියන් ද උපසම්පදාවේදී ආචාර්යවරයාණන් වන්සේ ලෙස විද්‍ෙය්‍යීදය විශ්ව විද්‍යලයේ හිටපු මහාචාර්ය හේන්පිටගෙදර ඥනාවාස නා හිමියන්ද කටයුතු කර ඇත.

උපාධ්‍යයන් වහන්සේ
ලෝලුවාගොඩ සුමංගල නා හිමි

උපසම්පදා දිනය
1981 වර්ෂයේ ජූලි මස 06 වන දින අනුරාධපුර මල්වතු ඔය සීමා මාලකයේදි

පැවිදි දිවියේ වැදගත් සිදුවීම්
නාරනාපිටිය ශ්‍රී පුණ්්‍යවර්ධණාරම විහාරයේ විහාරාධිකාරී දිල්ලි යමුනා විහාරයේ විහාරාධිකාරී

පළ කළ කෘති
“බෞද්ධ දේව සංකල්පය ආචාර විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක පදනම” පර්යේෂණ කෘතිය 1999 එම කෘතියේ ඉංගී‍්‍රසි කෘතිය 2001 “මහින්දාගමනය හා කේරළය” පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථය මුද්‍රණය වෙමින් පවතී. The ethico cshycholocical Dasis of the concect of gods in early Buddhist literature

භාෂාන්තර දැනුම
ඉන්දියාව, එංගලන්තය, තායිලන්තය, සිංගප්පූරුව ,නේපාලය, භූතානය

වෙනත්
ජාතික අධ්‍යාපන ආයතනයේ සහ මිනුවන්ගොඩ කලාප කාර්යාලයේ බුද්ධ ධර්මය විෂය පිළිබඳව සම්පත් දායක පුද්ගලයකු වශයෙන් කටයුතු කිරීම.සමස්ත ඉන්දීය ගුවන් විදුලියේ සේවයේ භාෂා පරිවර්තකයෙක් හා නිවේදකයෙක් ලෙස වසර තුනක් කටයුතු කර තිබීම

එංගලන්තයේ ලෙචිචට්හි බෞද්ධ ආගමික මධ්‍යස්ථානයේ ආගමික උපදේශකවරයකු ලෙස කටයුතු කීරීම සහ එංගලන්තයේ බිතාන්‍ය මහ පුස්තකාලයේ ථෙරවාදි බුදුදහම පිළිබඳව තවදුරටත් පර්යේෂණ කටයුතු කිරීම

කාටදෙණියාවේ දොම්බොස්කෝ ආයතනයේ බෞද්ධ දර්ශනය පිළිබඳව කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත.

1987 බලගල්ල සරස්වතී මහ පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස ගුරුසේවය ආරම්භ කරමින් වසර 22 ක කාලයක් තුළ වර්තමානය දක්වාම පිරිවෙන් ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම දිවුලපිටිය ආසනයේ දහම් පාසල් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කිරීම – 1989- 91

ගම්පහ දිස්ත්‍රික්කයේ ධර්ම විජය පදනමේ සභාපති වශයෙන් කටයුතු කිරීම

දිවුලපිටිය රෝහලේ රෝහල් කමිටුවේ සාමාජිකත්වය දරමින් කටයුතු කිරීම, දිවයිනටම සාමවිනිසුරු ලෙස කටයුතු කිරීම

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]