UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්ම පද සැහැල්ල - 38 වන කොටස

172. යො ච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡා සො නප්පමජ්ජති.
සො ඉමං ලොකං පභාසේති – අබ්භා මුත්තො ව චන්දිමා

පමා වූ තැනැත්තා, නොපමාව සිටී නම්, ඔහු පුරා සඳ පරිදි, ලොව බබළවන්නේ...ය.

හිතවතුනි, නැණැත්තා, ලොව බබළවන්නේය. ඒ සමඟ නිසැකවම ඔහු ද බැබළෙන්නේ...ය...

173. යස්ස පාපං කතං කම්මං - කුසලෙන පිථීයති
සො ඉමං ලොකං පභාසෙති – අබ්භා මුත්තො ව චන්දිමා

අකුසලය වැසෙන සේ, කුසල් රැස් කරන්නා, පුරා සඳ පරිද්දෙන්, ලොව බබළවන්නේ...ය...

හිතවතුනි, වැරැදි අඩු, තැනැත්තාගෙන් ලොවට, සේවයක් වන්නේ ය. එළියක් ලැබෙන්නේ...ය...

174. අන්ධ භුතො අයං ලොකො - තනුකෙත්ථ විපස්සති
සකුන්තො ජාලමුත්තො ච – අප්පොසග්ගාය ගච්ඡති.

ලොව වෙසෙන මෝඩයෝ - අනුවණින් වැසී ඇත. දැලට වන් සතුන් මෙන් මිදෙන්නේ ටික දෙනෙකි.

හිතවතුනි, නුවණැතිව, ජීවිතය ගෙන යන්න. එසේ නැතහොත් නිතර දුක් විපත් ළඟා වේ.

175. හංසාදිච්චපථෙ යන්ති – ආකාසෙ යන්ති ඉද්ධියා
නීයන්ති ධීරා ලොකම්හා - ජෙත්වා මාරං සවාහිනිං

රහත් පෙළ හංසයන් - මෙන් අහස්හී වඩිති – පස් මරුන් පැරදවූ - නිසා නිවට වඩිති.

හිතවතුනි, දිරි ගන්න, නොකළ හැකි දෙයක් නැත. අලස වුවහොත් ඔබට කිසි දෙයක් කළ නොහැක.

මතුසම්බන්ධයි.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]