UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

කැලණි රජමහා විහාරය

කැලණි රජමහා විහාරයේ කඨින පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ ශීල භාවනා සමිතියේ සභාපති එම්.ඒ.හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 39 වැනි වරටත් නොවැම්බර් මස 21 වැනි ඉල් පොහෝ දින පැවැත්වේ.

මෙවර කඨින චීවරය හිමිදිරි පාන්දර 4.30 ට පෙරහරකින් වැඩමවනු ලබන්නේ කැලණිය තේක්කවත්ත පටුමග පදිංචි පළාත් සභා මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ නිවසේ සිටයි.

පෙ.ව. 6.00 ට කඨින චීවරය සඟසතුකර පූජා කෙරේ. දවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.


මිහිඳු ආරණ්‍ය  සේනාසනය

මිහිඳු ආරණ්‍ය සේනාසනයේ කඨින මහා පින්කම ඇතුළු පින්කම් රැසක් සිදුකිරීමට මිහිඳු ආරණ්‍ය ශාසනාරක්‍ෂක සමිතිය හා විශාඛා කුලඟන සමිතිය කටයුතු සංවිධානය කර ඇත. මිහිඳු ආරණ්‍ය සේනාසනයේ ආදි කර්‍තෘ වේරකේ ශ්‍රී සුමංගලාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට හා කෙහෙල්පන්නල සිරි සුගතවංසාභිධාන රජරට වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අපවත්වී වදාළ මහා සංඝරත්නයටත්, මිහිඳු ආරණ්‍ය සේනාසනයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ පරලෝ සැපත් සියලු දායක පින්වතුන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම නිමිත්තෙන් 19 – 20 – 21 යන දිනයන්හි මිහිඳු ආරණ්‍ය සේනාසනයේදී පින්කම් මාලාව පැවැත්වේ.

නොවැම්බර් 19 සවස 6.00 අටවිසි මහා බුද්ධ පූජාව මිදේරිපිටියේ චන්ද්‍රවංස හිමි රාත්‍රි 8.30 ධර්‍ම දේශනාව පොතානේ ධම්මානන්ද නාහිමි

19 රාත්‍රි පරිත්‍රාන ධර්‍ම දේශනාව 20 අළුයම 4.00 ට කඨින වස්ත්‍ර පෙරහර කන්නට්ටිය විජේසූරිය මහතාගේ නිවසේ සිට වැඩම කැරේ.

පෙ.ව. 6.30 ට බුද්ධ පූජාව පැවැත්වීම 7.00 ට හීල් දානය පිළිගැන්වීම. 7.55 ට කුල දරුවන් සසුන්ගත කිරීම ද 8.55 ට විහාර මන්දිරය උපෝසථාගාරය හා ධාතු මන්දිරය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ද පෙ.ව. 10.00 ට බුද්ධ පූජාව පෙ.ව. 10.45 ට කප්රුක් සහිත කඨින චීවර අෂ්ඨ පරිෂ්කාර මහා සංඝගත දක්‍ෂණාව හා කඨිනානිශංස ධර්‍ම දේශනාව. කළුගල රතනජෝති නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ද. 21 වෙනි පුරපසළොස්වක දින ශීල භාවනා වැඩ සටහන මිහිඳු ආරණ්‍ය සේනාසනානුශාසක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්පාත සුමන හිමියන්ගේ අනුශාසනා පරිදි රජරට වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක කර්‍මස්ථානාචාය¸ මහෝපාධ්‍යාය කළුගල රතනජෝත්‍යාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අනුබද්ධිත ශාඛා සේනාසනානුශාසක ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් එම පුණ්‍යෙීත්සවය පැවැත්වේ.


ගන්නොරුව

පේරාදෙණිය ගන්නොරුව රජමහ විහාරයේ කඨින පින්කම ඉල් පෝයදින සිදු කෙරේ. විහාරාධිපති අඹන්පොල ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන කඨින පින්කම නිමිත්තෙන් 20 වනදා සවස බෝධිපූජා ඇතුළු ආගමික වැඩ සටහනකි.‍


අමුවල සුමනාරාමය

රත්න හංගමුව අමුවල ශ්‍රී සුමනාරාමයේ කඨින පින්කම මෙම 21 වැනි ;පාහොය දින සිදු කෙරේ. පනස් නමකට අධික මහ සඟරුවන විෂයෙහි කඨින දානය පිරිනැමේ. ප්‍රධාන දායකත්වය දරන්නේ රන්න හංගමුව පදිංචි කේ.ඊ.පුෂ්ප කුමාර ධනසේකර මහතා විසිනි. 20 වැනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද සිදුකොට රටටත්, රටවැසි සැමටත් සෙත්පතනු ලැබේ.


පාලුගම ශ්‍රී සුමනසාර මහා නාහිමි ගුණ සමරුව හා කඨින චීවර පූජාව

අපවත් වී වදාළ ඌව ස්‍යාමවංශික මහා නිකායේ මහා නායක කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද මහා පිරිවෙන්පති මහෝපාධ්‍යාය ශ්‍රී සුමංගල සෝමානන්දාභිධාන රාජකීය පණ්ඩිත පාලුගම ශ්‍රී සුමනසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙවන වර්ෂ පූර්ණ ගුණානුස්මරණ මහා පින්කම, වර්තමාන මහා නායකධුරන්ධර, පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපති මහෝපාධ්‍යාය සද්ධර්මභාරතීශ්වරාචාර්ය අඹේවෙල පඤ්ඤාසාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විහාරාධිකාරි විල්ඔය පඤ්ඤාතිලක හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් ශ්‍රී පුණෝදය ශාසනාරක්‍ෂක සමිතිය, සුචරිතෝදය කුලගන සමිතිය යන සමිතිවල සංවිධානයෙන් වාර්ෂික කඨින මහා පින්කම හා සමගාමීව නොවැම්බර් මස 21 ඉරිදා (ඉල් පුරපසළොස්වක පොහෝ දා) කැප්පෙටිපොල පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරයේ දී පැවැත්වේ.


පින්නගොල්ල

තලාතුඔය පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතිය හා විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කරන ලද කඨින චීවර පින්කම මෙම මස 20 හා 21 යන දෙදින තුළදී පැවැත්වේ. 20 දින රාත්‍රි විශේෂ බෝධි පූජා පින්කමෙන් අනතුරුව පසු දින අළුයම දක්වාම සව¢ රාත්‍රික පරිත්‍රාණ ධර්‍ම දේශනයක් පවත්වා 21 අළුයම නිකතැන්න රත්නාවලිවත්තේ පදිංචි පී.එම්. මඩුගල්ල මහතාගේ නිවසේ සිට කඨින වස්ත්‍රය රැගත් පෙරහර සංචාරය කරමින් එම විහාරස්ථානයට රැගෙන ඒමට ද නියමිතය. දාවල් පනස් නමක පමණ සඟ සතු දානමය පින්කම පවත්වා කඨින චීවර පූජෝත්සවය පැවැත්වේ. පින්කම අවසානයේ අපවත්වී වදාළ බූටාවත්තේ ශ්‍රී රතනජෝති මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට හා සතර පේරුවේ මියගිය දායක කාරකාදීන්ට පුණ්‍යානුමෝදනා කැරේ.


බෙලිගල

කෑගල්ල බෙලිගල රජ මහා විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 21 වැනි දින විහාරාධිපති දම්මල ධම්මාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.


තෙලවල

කටුබැද්ද තෙලවල විජය රූපාරාමයේ කඨින පින්කම දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 20, 21 යන දිනවලදී සිදු කැරේ.


දෙහිවල

දෙහිවල සිරි දුමින්දාරාම නව පොළොන්නරු ගල් විහාරයේ කඨින පින්කම නොවැම්බර් 20 වැනි දින පැවැත්වීමට විහාරාධිපති අන්තර් ජාතික විහාර පදනමේ අධ්‍යක්‍ෂක ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.

කඨින වස්ත්‍රය රැගත් පෙරහර දෙහිවල ගල්විහාර පටුමගේ කේ.කේ. පීරිස් මහතා එම මහත්මිය සහ දියණියන් දෙපලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය.
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]