UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පරවාහැර චන්දරතන නාහිමියන්ගේ මෙහෙයවීමෙන් ශිෂ්‍යාධාර ප්‍රදානය පෝදා

පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුග්‍රහයෙන් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් (උතුරු මැද පළාතට වැඩි නියෝජනයක්) ලැබෙන සේ ශ්‍රී ලංකාවේ ආර්ථික අපහසුතා ඇති සිසුන් වෙනුවෙන් දහසය (16) වෙනි වතාවටත් සිදු කරනු ලබන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මිරිසවැටිය විහාරාධිපති ඊතල්වැටුනවැවේ ඤාණතිලක හිමියන්ගේ සංවිධානයෙන් ඉල් පුරපසළොස්වක් පොහෝ දින පස්වරු 2.00 ට මිරිසවැටිය රජ මහ විහාරස්ථ පිං බිමේදී පැවැත්වේ. මෙවර පාසල් සිසුන් හා වෛද්‍ය සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව හැත්තෑවක් (70) පිරිනමන බව සංවිධායක මිරිසවැටිය විහාරාධිපති හිමියන් පැවසූහ. එම අවස්ථාවට අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි, ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති නාහිමි, මිරිසවැටිය විහාරාධිපති ඊතල්වැටුන වැවේ ඤාණතිලක යන නා හිමිවරු විශේෂයෙන් සහභාගි වනු ඇත. ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය වෙනුවෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක ප්‍රියන්ත බණ්ඩාර, අනුරාධපුර මහ දිසාපති එච්.එම්.කේ. හේරත්, කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චි ගායන ශිල්පී කිත්සිරි ජයසේකර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන ගාමිණී ගුණතිලක, චාමික රූපසිංහ, ශ්‍රී ලංකා එයාර් ලයින් හි චන්න වීරසිංහ, අනුර බන්දුසේන ද සිල්වා රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් අධ්‍යක්‍ෂකවරුන්, කළමනාකරුවන් වන එල්.එම්.කේ.තිලකරත්න ඇම්.බී.අසාවුඩ්, චන්ද්‍රලාල් ලියනගේ නන්දසිරි වාසලතිලක ඊ.අබේරත්න සුදත් තෙන්නකෝන්, සමන්ත කරුණාරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වනු ඇත.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය.
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]