UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන් මාලාව අස්ගිරි මහානාහිමියන් වෙත පිරිනැමු වගයි

ශ්‍රී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ ශ්‍රී‍්‍ර සම්බුද්ධත්ව වැඩසටහන් මාලාව මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගැන්වීමේ විශේෂ පුණ්‍යෝත්සවයක් පසුගියා දා කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර මැදුරේදී පැවැත්විණි.


අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් වෙත, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන් මාලාව පිළිගැන්වීමෙන් අනතුරුව...

බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල ප්‍රධානි හා ශ්‍රී සම්බෝධි විහාරස්ථදායක සභාවේ ප්‍රධාන පැවිදි අනුශාසක සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයේදී මාලිගාකන්ද විද්ද්‍යෝදය පරිවේනාධිපති ආචාර්ය බළන්ගොඩ සෝභිත නාහිමිපාණන් ඇතුළු සංඝරත්නය සියක් නමක් ඒ සඳහා වැඩමකර සිටියහ.

බෞද්ධයා නාලිකාවේ සභාපති කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියන් ප්‍රධාන දායක සභාවේ සංවිධායකත්වයෙන් පැවති එම පුණ්‍ය උත්සවය වාර්ෂික කඨින පූජෝත්සවයට සමගාමිව සිදුකෙරුණි.


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය යන මහත්වරු පින්කමට සහභාගි වී සිටි අයුරු.

පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාගේ නිල නිවසේ සිට උඩ පහත රට නැටුම් සහිත දර්ශනීය පෙරහරකින් විජේරාම මාවත ඔස්සේ ශ්‍රී සම්බෝධි විහාරයට අස්ගිරි මාහිමියන් ප්‍රධාන සියක් නමකට අධික මහා සංඝරත්නය මෙම පෙරහරේ වැඩම කිරීම මනස්කාන්ත දර්ශනයක් විය.

විහාරස්ථ වාහල්කඩ අභියසදී ශ්‍රී සම්බෝධී විහාරස්ථ දායක සභාවේ සභාපති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහා සඟරුවන පිළිගෙන රන්මුවා සධාතුක කරඩුව ගෞරවාකාරයෙන් සඳහම් මැදුරේ විශේෂ මණ්ඩපයේ තැන්පත් කිරීමෙන් අනතුරුව දායක සභාවේ සභාපති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා , පොලිස්පති මහින්ද බාලසූරිය මහතා යන මහත්වරු එක්ව සධාතුක කරඬුවට සමන් මල් පූජාකොට පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සව සභාව ඇරඹිණි.

පුණේ‍යීත්සවයේ මුලසුන දැරූ අස්ගිරිපාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනා හිමිපාණන් වහන්සේ ගිහි පිරිස පංචසීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව සියලුදෙනා පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියන් විසින් සිදුකරන ලදී. අනතුරුව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ‍ෙබෟද්ධයා රූපවාහිනිය රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් මාලාව ඇතුළත් විශේෂ කෙටුම්පත ශ්‍රී මංජුසාවක බහා ශ්‍රී සම්බෝධි විහාරස්ථදායක සභාවේ සභාපති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම නාහිමියන් විසින් අස්ගිරිපාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනා හිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වන ලදී. එහිදී විශේෂ වැඩසටහන් මාලාව මහා සංඝරත්නය හා ජනතාව දැනුම්වත් කිරීම බෞද්ධයා නාලිකාවේ නිවේදක ශසික ජයතිලක මහතා විසින් සිදුකරන ලදී.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය.
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]