UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මාතලේ, මාරක, බෝගහවැව අංක 103 පදිංචි ඩී. එම්. මහින්ද කුමාර බණ්ඩාර නමැති 35 වියැති විවාහක තරුණයා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් වෙනත් වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැය වන බවත් කියයි. එම රෝගියාට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවත්, ගොවිතැන් කරමින් දිවි ගෙවන බවත් ඔහු පවසයි.

ශල්‍යකර්මය සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා මාතලේ මහජන බැංකු ශාඛාවේ ඇම්. ජී. සුදු මැණිකා නමින් 022 – 200 – 0 – 0002147 දරන ගිණුමක් ආරම්භ කර ඇති බව රෝගී ඩී. එම්. මහින්ද කුමාර බණ්ඩාර දන්වා සිටී. 0771281568

*****

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන මාලඹේ මල්ලගහවත්ත පාරේ පදිංචි ටී. ජී. දයා බන්ධුල මහතාට බද්ධකිරීම සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි.

ටී. ජි. දයා බන්ධුල නො. 767 / 5 මිල්ලගහවත්ත පාර, තලංගම උතුර මාලඹේ යන ලිපිනයට හෝ 011 2788943, 0785678854 යන දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක කැරේ.

*****

කෑගල්ල දේවාලේගම රනවන පදිංචි සුධීර ලක්මාල් රුවන්කුමාර ශිෂ්‍යයා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩී. ටී. ඩී. ජේ. අබේසේකර මහතා දැනුම් දී ඇත. රෝහලෙන් කරගත නොහැකි විශේෂ පරීක්‍ෂණ මුදල් ගෙවා පිටතින් කර ගැනීමටත් රෝහලේ නොමැති විශේෂ ඖෂධ වර්ග පුද්ගලිකව මිලදී ගැනීමටත් සිදු වන බවද කියයි.

රෝගී සිසුවාගේ පියා ආර්ථික අපහසුතා ඇති කම්කරු සේවකයෙකු වන අතර රෝගී සිසුවාගේ විය හියදම් දැරීමට අපොහොසත් තත්වයක පසුවන හෙයින් පරිත්‍යාගශීලී භවතුන්ගේ උපකාරය බලාපොරොත්තු වේ.

එසේ එවන පරිත්‍යාග කෑගල්ල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිනුම් අංක 1 – 0018 – 02 – 5144 – 5 දරන ගිණුමට බැර කරන ලෙස රෝගී දරුවාගේ පියා ඉල්ලීමක් කරයි.

*****

වකුගඩු රෝගයකින් පෙළෙන අසාධ්‍යය රෝගියෙකුට ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යය වී තිබේ. පරිත්‍යාගශීලින් කරුණාකර ලෙස්ලි විජේසූරිය මහතා අමතන්න. දුරකථන අංක 0382233433, 131 හොරණ පාර, මහවිල, පානදුර

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 05 වනදා අපර භාග 8.37 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 10.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 6 වන දා බ්‍රහස්පතින්දාය.
 

මී ළඟ පෝය නොවැම්බර් 12 වනදා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]