UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

සැපත සලසන මඟ

පුඤ්ඤං චෙ පුරිසො කයිරා
කයිරාථෙතං පුනප්පුනං
තම්හි ඡනන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයො

 

බුදුබණ ඇසීම මෙලොව දියුණුව, පරලොව සුගතිය කෙළවර අමා මහ නිවන ක්‍ෂාත් ක්‍ෂාත් කරවන මංගල ධර්මයක් බව මහා මංගල සූත්‍රයේදී ශාන්ති නායකයන්වහන්සේ දේශනා කළහ. ‘කාලේන ධම්ම සවණං - ඒතං මංගල මුත්තමං’ යන මංගල සූත්‍රයේ එන ගාථා පාඨයෙන් ඒ බව පැහැදිලි වෙනව. බුදුබණ පද ඇසීමෙන් ලැබෙන පිනෙන් දෙලොව ජයගෙන අමා මහ නිවණින් සැනසීම ප්‍රාර්ථනා කරමු. මාතෘකා ගාථාවෙහි ‘පුඤ්ඤං’ යැයි සඳහන් වේ. එයින් අර්ථවත් වන්නේ පින්ය. පින් නම් සිත් සතන්හි හට ගැනෙන රාග, ද්වේශ, මෝහ යන මේ අකුසල ධර්මවලින් මුදා ගෙන දන්, සිල්, භාවනා යන මෙයින් වැඩුණු පිවිතුරු සිතිවිලි ඇතිකර ගැනීමයි. පින්කම් කිරීම්, කරවීම් සඳහා මදව හෝ කය වචන වෙහෙසවා නම් සිත හා සංතෝසයෙන් අනුමෝදන් වේ නම් ඒ සුළු පිනකැයි විපාක නැතැයි කුඩා පිනකට වුවත් අවමන් නොකොට යුතුය. පහත්කොට නොසිතිය යුතුය. සුළු සුළු වශයෙන් වුවත් කෙරෙන පින්කම් දියුණුවට පැමිණි සමූහයක් බවට පත් වේ. කාය සුචරිතාදී කුසල කර්ම ක්‍රමයෙන් දියුණුකර ගත යුතුය. දස මහා කුසල් නම් දන්දීම, සිල් රැකීම, භාවනා වැඩීම, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම සම්‍යක්දෘෂ්ටික බව දැඩිකිරීම, යන ඒවාය.

ඉතිරිය»

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 05 වනදා අපර භාග 8.37 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 10.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 6 වන දා බ්‍රහස්පතින්දාය.
 

මී ළඟ පෝය නොවැම්බර් 12 වනදා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]