UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් ජීවමාන කල සිට පැවැති නැගෙනහිර බෞද්ධ උරුමය

පසුගිය පත්‍රය හා සම්බන්ධයි

වරද වී තිබෙන්නේ 1815 දී දෙමළ අය විසින් භාර දුන් රට ඉංගී‍්‍රසීන් 1948 ආපසු භාර දෙන විට එය සිංහල අයට භාරදීමයි කියන ඔහු වරද වී ඇත්තේ ඒ බව යැයි දැඩි ව පෙන්වා දෙනවා. ලංකාවේ තිබෙන සියලු ම ගම් දෙමළ නම් සිංහලට පරිවර්තනය කොට තිබෙන බව ඔප්පු කරන්නට හදනවා. අම්බලන්තොට, අම්බලන්තොටේයි, පානදුර, පානදුරේයි, හම්බන්තොට, හම්බන්තොටෙයි ඒ වගේ ලංකාවේ නම්ගම් අගට දෙමළ ඌරුවේ වචනයක් දමා මේ ලියවිල්ල මුළු ලෝකයට ම ඉදිරිපත් කර තියෙනවා. විදේශීය රටවල මේ දෙමළ නිජබිම පිළිබඳ ව පුදුමාකාර විදියේ සංකල්පනාවක් මෙම ලියවිල්ල නිසා ඇති වී ඇත. නමුත් 2007 වසර වන තුරු මේ ලියවිල්ල පිළිබඳ ව ලංකාවේ කිසිවෙකු දැන සිටියේ නැත. වර්තමාන ජනාධිපතිතුමාට මේ ලියවිල්ලේ පිටපතක් ලැබී, ඊට පිළිතුරු යැවීම සඳහා එය අප වෙත භාර දී තිබුණා. අපේ නැගෙනහිර පළාතේ තිබෙන සිංහල බෞද්ධ උරුමය පිළිබඳ ව අපි ඒ පිළිතුරේ පැහැදිලිව සටහන් කර තියෙනවා. එය දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අංශයට යවා ඇත. මේ ලියවිල්ල යනතුරු මේ රටේ ඉතිහාසය විකෘති කොට මේ කියන ඒවාට පැහැදිලි පිළිතුරක්, අපේ රටේ කිසිම විද්වතෙකු ඉදිරිපත් කොට නැහැ. එය ඉතා ම කනගාටුවට කාරණයක්. මා මෙම කාරණය කියන්නේ නැගෙනහිර පළාත දෙමළ නිජ බිමක් කියා එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්‍ෂපාතිත්වය දරන අය විශාල ව්‍යාප්තියක් මේ මතය පිළිබඳ ව ලෝකයේ ඇති කර තිබීම නිසයි. නමුත් මම හිතන්නේ මේ රටේ කුඹුක්කන් ඔයේ සිට වැලිඔය දක්වා නොවේ. එතැනින් මුළු රවුම ම ගොස් අනෙක් පැත්තෙන් බටහිර වෙරළේ තිබෙන මුණ්ඩිකුලම් මෝදර ගම්මානයේ මුවදොර දක්වා මේ මහා වනාන්තරයේ ගහක් ගලක් ගානේ පයින් ඇවිද්ද මට දෙමළ නිජබිම සහ මුස්ලිම් නිජබිම කියන්න හැකි එකම සාධකයක්, පුරාවස්තුවක් හෝ වේවා, සෙල් ලිපියක් හෝ වේවා වෙන යම් කිසි දෙයක් හෝ වේවා මේ භූමියේ කිසිම තැනක දී හමු වී නැහැ.


කොළඹ විද්‍යෝදය පිරිවෙනේදී 2008 අපේ‍්‍රල් 29 දිනට යෙදුණු අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු උළෙලේදී පැවැත් වූ ශාස්ත්‍රීය දේශනයෙන් උපුටා ගැනිණි

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්වූ ‘සිංහල බෞද්ධ උරුමය උතුරු නැගෙනහිර පළාත’ නමැති මගේ ග්‍රන්ථයේ අලුත් ම සංස්කරණය බලන්න. මේ ග්‍රන්ථයේ සඳහන් කර තිබෙන මේ කරුණු නැගෙනහිර පළාතේ උතුරු පළාතේ තිබෙන අපේ උරුමය ප්‍රකාශ කරන සංකේතවලින් 10% ක පමණ වූ ප්‍රමාණයකි. ඒ අනුව ඒ උරුමය පිළිබඳ කරුණු කොතෙක් නම් ප්‍රකාශ කළ හැකි දැයි පෙනෙනු ඇත. ඒ නිසා මේ භූමියේ නිජබිම් සංකල්පය ගැන කතා කරන්න පුළුවන් පුරා වස්තුවක් හෝ වැව් අමුණක් හෝ එහෙම නැතිනම් වෙනත් දේව සංකල්පයක් දක්වන සටහනක් හෝ කිසිම දෙයක් ඔවුන්ට ඉදිරිපත් කිරීමට නැහැ. ඉතිහාසය වශයෙන් බලනවිට කිසිම දෙයක් පෙන්වන්නට නැති නිසා අපට දෙමළ නිජබිම ප්‍රතික්ෂේප කරන්නට සිදු වෙනවා.

එසේනම් මේ භූමියේ දකින්නට ලැබෙන්නේ මොනවාද? කුඹුක්කන් ඔයේ සිට කෝකිලායි කලපුවට ගලා බසින වැලිඔය නමින් හඳුන්වන මාඔය දක්වා මේ තීරයේ දක්නට ලැබෙන වෙහෙර විහාර පද්ධතිය එක පැත්තකින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ගෙන ආ ථෙරවාදී බුදුදහම ඉතා ම සශ්‍රීක ව මේ නැගෙනහිර පළාත තුළ පැතිරී තිබුණු බවට සාධක අපට දකින්නට හැකි යි. තිරිකුණාමලේ වැලිඔය කෙළවර තිබෙන බ්‍රාහ්මීය සෙල් ලිපියක් ගත් කළ ඒ බ්‍රාහ්මීය සෙල් ලිපිය ක්‍රිස්තු පූර්ව 02 වෙනි ශතවර්ෂයේ මුල් ම බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියවුණු සෙල් ලිපියක් කියමු. (මෙහි මම ඒ සෙල් ලිපිය දක්වා ඇත) ඒ සෙල්ලිපියේ ඇති අකුරු ම ඒ සෙල් ලිපියේ තිබෙන භාෂාව ම ඒ සෙල්ලිපියේ තිබෙන සංස්කෘතිය ම කුඹුක්කන්ඔය මෝයේ බෝවත්තේගල නමැති ස්ථානයේ තිබෙන සෙල් ලිපියක් ගත්විට අපට දක්නට ලැබෙනවා. මේ අතර තිබෙන ඒවායේත් ඒ විදියට ම දකින්නට ලැබෙනවා. නැගෙනහිර පළාතේ දකුණු කෙළවරේ පාවිච්චි කළ අකුරු, ඒ විදියට ම උතුරු කෙළවරේත්, මැදත් පාවිච්චි කර ඇති බව මෙයින් පෙනෙනවා.

ඒ වගේ ම ඒවායේ දකින්ට තිබෙන භාෂාව එක හා සමානයි. ඒ වගේ්ම එයින් දකින්නට ලැබෙන සංස්කෘතිය මේ කියන නම්ගම්, පූජා සංස්කෘතිය මෙහි එක සමාන ව දක්නට ලැබෙනවා.

එහෙම නම්, එකම උරුමයක් පෙන්නුම් කරන ශිලා ලේඛන පද්ධතියක් මේ නැගෙනහිර පළාත පුරා ම පැතිරී තිබුණු බව පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ දීඝවාපියට වැඩම කළා.

දීඝවාපි භූ®මියේ භික්ෂූන් වහන්සේ 500 නමක් පමණ වැඩ සිටියා. සාමාන්‍යයෙන්් පුරා විද්‍යාත්මක ව මහාවිහාර සංකල්පය ගත්කළ අඩුම වශයෙන් අක්කර 500 ක ප්‍රදේශයකවත් මහාවිහාරයක් පැතිරී තිබිය යුතුªයැයි කල්පනා කරනවා. දිවා විහරණය කළ රහතන් වහන්සේ 500 නමක එක ළඟ භාවනා කළේ වර්තමාන සමූහ භාවනා කරනවා වාගේ් නොවේ. අද හාමුදුරුවරු ගිහියෝ එකට එක හේත්තු වෙන්න සිටිමින් සමූහ භාවනා කරති. නමුත් එදා මහ රහතන් වහන්සේ සෑහෙන් දුරකින් වැඩ සිටියේ. මේ අනුව දීඝවාපී පුදබිම කොතරම් විශාල ප්‍රමාණයක් පැතිරී තිබෙන්නට ඇතිදැයි පැහැදිලි වෙයි. ඒ තරම් විශාල පුද බිමක් පරිහරණය කරන්න. භික්ෂූන් වහන්සේ නඩත්තු කරන්න මොන තරම් විශාල ප්‍රමාණයක බෞද්ධ ජනපදයක් බිහි වී තිබෙන්නට ඇතිිද? දීඝවාපිය ආසන්නයේ ම තිබෙන ගල්ලෙන් පද්ධතියක් තුළ විශාල දීඝවාපි නගරයක් තිබුණු බවට දක්වා තිබෙනවා. එය සෙල් ලිපියෙ සඳහන් වන්නේ් දිගවපි පොරණ නමින්. මේ දීඝවාපි නමැති නගරය අපේ බෞද්ධ උරුමයක් වශයෙන් ථෙරවාදි බුදුදහමේ ප්‍රධාන මහාවිහාර පද්ධති එකක් ලෙසට අපේ වංශකථාවල, ඉතිහාසයේ, ශිලාලේඛන ආදිය ආශ්‍රය කර ගෙන අපට දකින්නට ලැබෙනවා. මිහිඳු හිමියන් වැඩියේ මිහින්තලයට යි. මේ පිළිබඳ ව මතභේද ගණනාවක් තිබෙනවා. පරීක්ෂණ කරන විට මිහිඳු හිමි කුරුන්දන්මලයට වැඩි බවටද මැදවච්චියේ තිබෙන ඉසින් බැස්සගලට වැඩි බවටද යනාදි මතාන්තර හමු වෙනවා. නමුත් අප දැනට පිළිගෙන තිබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩම කළ බව යි. නමුත් මිහිඳු මහරහතන්වහන්සේ හෝ උන්වහන්සේ සමඟ වැඩම වූ මහරහතන් වහන්සේ ගැන හෝ සඳහන් වන තත්කාලීන එක ම ශිලා ලේඛනයක්වත් මිහින්තලයෙන් දැනට හමුවී නැහැ. ස්වාමීන් වහන්සේ සිවුනමකගේ නම් සම්බන්ධ වන එකම ශිලා ලේඛනයක් තිබෙනවා. නමුත් එය කොටා ඇත්තේ මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් ශතවර්ෂයක් පමණ ගත වූ පසුවයි. නමුත් නැගෙනහිර පළාතේ් අම්පාර දිස්ත්‍රික්කයේ රජගල නමැති ස්ථානයේ මිහිඳු හිමියන් පිරිනිවන් පෑ වර්ෂයේ මිහිඳු හිමියන් හා ඉට්ඨිය හිමියන් ගැන සඳහන් කර තිබෙන සෙල් ලිපියක් හමු වුණා. ‘ යේ ඉමේ දීප පටම ය ඉඩිය අගතන ඉටික තෙර මහිඳ තෙරහ තුබෙ’ මෙයින් කියවෙන්නේ මේ රටට සෘද්ධියෙන් වැඩම කළ ඉට්ඨිය හා මහින්ද හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ථූපයයි. යනුවෙන්. මෙම සෙල් ලිපිය ඇත්තේ ගල්පොත්තක යි. සෙල් ලිපිය තිබුණු තැන කැට ගල්වලින් තැනූ චෛත්‍යයක් වෙයි. අද ගඩොළු භාවිතයට පෙරාතු ව එදා කැටගල් භාවිතයෙන් අපේ චෛත්‍ය තනා තිබෙන බවද මෙයින් පේනවා. ඒ කැටගල් ගොඩ ඇති ස්ථානයේ මිහිඳු හිමියන්ගේ හා ඉට්ඨිය හිමියන්ගේ භෂ්මාවශේෂ නිදන්කොට චෛත්‍යයක් කරවා තිබූ බව ය. එම සෙල් ලිපියේ කොටා තියෙන්නේ. මෙය ලංකාවේ තිබෙන පැරැණි ම සෙල් ලිපිවලින් එකක්. අනෙක් අතට මේ ලිපියේ වැදගත් ශාසනික කරුණුත් පැහැදිලි කරනවා. මේ ලිපියේ පළමුව සඳහන් කර ඇත්තේ ඉට්ඨිය හිමියන්ගේ නම යි. උපසම්පදාවෙන් වැඩිමහලු හිමියන්ගේ නම මුලින් සඳහන් කිරීමේ ප්‍රතිපත්තියක් අපේ සංඝයා වහන්සේ අතර තිබුණු බව මෙයින් අපට පෙනී යනවා. එහෙම නම් චෛත්‍යය කරව ා එය අධිගෘහිත වූ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට නමස්කාර කරන්නේ ස්තුති කරන්නේ කවුරුන් ද? තපස්සු භල්ලුක නමැති වෙළෙඳ ගණයා ය. ත්‍රපුශ්‍යකෛර්, වල්ලිකෛර්, වණික් ගණෛඞ. වණික් ගණෛඞ යනු වෙළඳ ගණයා ය. වෙළඳ ගණයා යනු වාණිජ ආයතනය. සංවිධාන, කොපරේෂන්. මේ වාණිජ ආයතන ක්‍රිස්තු පූර්ව යුගයේ අපේ ශිලා ලේඛනවල සඳහන් කර තිබුණේ පූග යනුවෙන්. කබොජි යන මහපුහි යන ලෙනේ. බෝවත්තේගල සෙල් ලිපියක සඳහන් වන්නේ කාම්බෝජීයයන්ගේ් මහා වෙළෙඳ ශ්‍රේණිය යනුවෙන්. ඒ අනුව පූග යන වචනයෙන් ඒ ක්‍රිස්තුª පූර්ව යුගයේ ශිලා ලේඛනවල මේ වානිජ ආයතන පිළිබඳ ව සඳහන් කර තිබෙන්නෙ. තපස්සු භල්ලුක දෙදෙනා ගැන ද සඳහන් වෙනවා. මේවායේ තිබෙන්නේ 08 වෙනි 09 වෙනි සියවස්වලට පමණ අයත් භාෂාවයි. ඒ සංස්කෘත භාෂාවෙන් කියවෙන්නේ අර පැරණි වෘත්තාන්තය පදනම් කර ගෙන මෙය කුමන හෝ ලේඛකයකු විසින් කරන තිබෙන බවයි. ත්‍රපුශ්‍යකෛර්, වල්ලිකෛර්, වණික් ගණෛඞ තපස්සු භල්ලුක වෙළඳ ගණයා විසින්. අපේ බුද්ධ චරිතයේ කියැවෙන තපස්සු භල්ලුක වෘත්තාන්තයත්, මේ සංස්කෘත ලිපියේ සඳහන් වන මේ කාරණයත් පිළිබඳ ව හොඳ පැහැදිලි සංසන්දනයක් අපට දකින්නට හැකි වෙනවා. මේ අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය බෝධිසත්ව සංකල්පය අපට ලැබී ඇත්තේ මහායාන බුදුදහමේ ආභාෂය නිසා ය.

ඊළඟට යාං ඔය මුහුදට වැටෙන තැනට ආසන්න ව කුච්චවේලි නමැති පැරැණි විහාරය දැන් පොලිස් මුරපොළක් බවට පත් කරලා. අප පැහැදිලි ව අපේ උරුමය පිළිබඳ අවබෝධ කර ගත යුතුªනිසා මේවා වැඩියෙන් අවධාරණය කළ යුතු ය. බෞද්ධ නටබුන් සමූහයක් තිබෙන මුහුදට නෙරා ගිය විශාල ගල් පර්වත වළල්ලක් කුච්චවේලි ස්ථානයේ වෙයි. ඒ පර්වත වළල්ලේ ගල් බෑවුමක කොටු ගසා ඒ කොටු 16 කට බෙදා ඒ කොටු 16 චෛත්‍ය 16 ක් කොටවා උන්නතව මතු කොට තිබෙනවා. කොටු 16 ක් චෛත්‍ය සංකේත කොත් කැරැල්ල තිබෙන සංකේත සහිත ව මතුකර තිබෙන්නෙ. චෛත්‍ය 16 ක් සකස් කරලා ඊට යටින් සංස්කෘත භාෂාවෙන් ශ්ලෝක දෙකක් ලියලා. ඒ ගාථා දෙක ලියූ ලේඛකයා ගැන සඳහන් වෙන්නේ නෑ. නමුත් ඔහු කියනවා අනේන සර්වං ව්‍යපනීය දුක්ඛං ආදී වශයෙන් මම මේ ගාථා පොතේ සඳහන් කර තියෙනවා. මෙම චෛත්‍ය කර්මාන්තය කරවන ලද පිනෙන් මට බුදුබව ලැබේවා. ලෝකයාටත් බුදුබව ලැබේවා යි ඔහු කියයි. සියලු දෙනා ම බුදුබව ප්‍රාර්ථනා කිරීම මේ බෝධිසත්ව සංකල්පය සමඟ ආ දෙයක්. මහායාන බුදුදහමේ අපි දන්නවා ශ්‍රාවක යාන වගේ් ඒවා පිළිගන්නේ නැති බව.

බුදුවෙලාම නිවන් දැකිය යුතුයි කියන එක මහායානයේ ප්‍රචලිත අදහසක්. එ නිසා කුච්චවේලිය කරවලා ඒ ප්‍රාර්ථනාව නම් මේ කුච්චවේලි විහාරය ආශි‍්‍රත ව මහායාන බුදුදහමේ ආභාෂය කොතෙක් දුරට පවතින්නට ඇතිදැයි එයින් අපට පැහැදිලි වෙනවා.

ඊළඟට ඉතා ම සරලව, වැඩි විස්තර නොකොට අපි දකුණට ආවිට මුහුදු මහා විහාරය, මුස්ලිම් ගෙවල් සමූහයක් මැද ගල් කණු කීපයක් මතු වී තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්විට මෙය කැණ පරීක්ෂා කිරීමේදී මෙතැන විශාල බුදුමැදුරක් මතු වී තියෙනවා. අක්කර 30 ක පමණ ප්‍රමාණයක් නටබුන් තිබේ. මුහුදටත් බිලි වී ඇත. ඒ බුදුමැදුරේ විහාරය ඇතුළත මැද බුදුරජාණන් වහන්සේ වැඩ සිටිති. දෙපැත්තෙන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේත්, අනෙක් පැත්තෙන් මෛත්‍රී බෝධිසත්වයන්ගේත් රූප දෙකක් බුදුරජාණන් වහන්සේට වැඳගෙන සිටින ආකාරයට නිමවා ඇත. මේ බෝධිසත්ව රූප දෙක මැද බුදුරජාණන් වහන්සේ වැඩ සිටිති. මේ නිර්මාණ සාමාන්‍යයෙන් 09 වෙනි සියවසට පමණ අයත් වේ. නැගෙනහිර පළාතේ් ඉතාම දකුණට වෙන්නට තිබෙන දැන් අපි කියූ දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව වාගේ් ඒවා දැනට අයිති වෙන්නේ වෙන පළාතකට නිසා මා ඒවා ගැන කතා කරන්නේ් නැහැ. ඒ සමඟ ම දැන් පොතුවිල්වල තිබෙන මේ බෞද්ධ විහාරයෙන් අපට පිළිබිඹු කෙරෙන්නේ් මහායාන බුදුදහම මේ ප්‍රදේශයේ ව්‍යාප්ත වී තිබුණු ආකාරය යි.

ඒ සමඟ ම සමහර කැළෑබද ප්‍රදේශවල ගල්ලෙන් පරීක්ෂා කර ගෙන යන විට සාමාන්‍ය වර්තමාන රුපියලේ කාසියක තරම් ප්‍රමාණයේ මැටි කැටවල එක් පැත්තක් හොඳින් සිනිඳු කර ඒ පැත්තේ ඉරි ගසා ‘යේ ධම්මා හේතුප්පභවා’ යන ගාථාව නාගරිය අක්ෂරයෙන් කොටා තිබී හමු වී ඇත. මට ඒ මැටි කැට 10 ක් පමණ හමු වී ඇත. ‘යේ ධම්මා හේතුප්පභවා’ යන ගාථාව මහායානිකයන් අතර බොහෝ ප්‍රචලිත ගාථාවකි. මේ සියල්ල එකතු කර බැලූ කල්හි නැගෙනහිර පළාතේ බෞද්ධ වෙහෙර විහාර නෂ්ටාවශේෂ අතර අපේ බෞද්ධ උරුමය පිළිබිඹු කරන 100% ක් සංකේත දකින්නට ලැබෙන බව අපට පැහැදිලි ;ව්. අනෙක් අතට මේ භූ®මියේ මේ ප්‍රදේශය සම්පූර්ණයෙන් ම සංවර්ධනය කර ඇත්තේ සිංහල මිනිසුන් විසිනි. ඒ සංස්කෘතිය සහස්සවත්ථුප්පකරණය, සීහල වත්ථුප්පකරණය, රසවාහිනිය වැනි අපේ රටේ බණ කතා පදනම් කර ගෙන ලියැවුණු ග්‍රන්ථවල ඉතා හොඳින් පැහැදිල කර තිබේ.

කුඹුක්කන් ඔයේ සිට වැලිඔය දක්වා තිබෙන මේ දිගටි තීරුවේ දහස් ගණනක් නටබුන් පුරාවස්තු අපට දක්නට ලැබේ. ඒ සියලු නටබුන්, අපේ ථෙරවාදී බුදුදහම සහ එක්තරා ප්‍රමාණයකට පැතිරුණු මහායාන බුදුදහමේ ආභාසයත් බෞද්ධ සංස්කෘතිය, ඒ වගේ ම සිංහල උරුමය මේ ප්‍රදේශයේ තහවුරු වී තිබුණු බව අපට පිළිඹිබු කර දෙයි. එනිසා මේ පිළිබඳ අප මීට වඩා දැඩි අධ්‍යනයක් කළ යුතුªයි. අනෙක් එක කාරණයකින් මගේ් කතාව අවසන් කරනවා.

හමුදාව විසින් සාම්පූර් නිදහස් කර ගැනීමෙන් දින දෙක තුනක පසු පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා මා එහි ගියා. ඊළඟ ට තොප්පිගල නිදහස් කර ගැනීමෙන් දින දෙකකට පසු තොප්පිගල ප්‍රදේශයටත් මා ගියා. විශ්වාස කරන්න. මා 1960 ගණන්වල මේ ප්‍රදේශවල ගවේෂණය කර තිබුණත්, අලුතෙන් ගොස් ගවේෂණය කරන විට මෙම ස්ථාන දෙකේ් තිබී මට අමුතුම ස්ථාන රාශියක් හමු වුණා. දළදා වහන්සේ වැඩම වූ ලංකාපටුන ආසන්නයේ තිබෙන සාම්පූර් හා ලංකාපටුන අතර කල්අඩි නමින් හඳුන්වන ස්ථානය ඉන් එකකි. මේ ස්ථානයේ තිබී ශිලා ලිපි 06 ක් මට හමුවුණා. එයින් පළමුවෙනි සෙල් ලිපිය මා එතන දී කියවා අපේ හමුදා රණවිරුවන්ට පැහැදිලි කර දුමිනි. ‘ඇමති රබයෙමි මහ දටික මහනක රජ පහන පවත විහරහි’ යනුවෙන් මේ ලිපිය පටන්ගෙන ඇත. මේ අනුව රබය නැමති ඇමතියා වෙමි මහාදාටක මහානාග රජතුමා කරවන ලද පාසාන පබ්බත විහාරය’. මේ ඇමැති කර ඇත්තේ මෙනවාද? සේරුවිල ප්‍රදේශයේ තිබුණු බැංකුවක කහවණු 500 ක් තැන්පත් කර ඇත.

සෙල් ලිපියේ බැංකුවේ නම සඳහන් වන්නේ තඹවටිය යනුවෙනි. මහා වෙළෙඳ නගරයක තිබුණු බැංකුවකි. තඹවටිය නගරයේ බැංකුවේ කහවණු 500 තැන්පත්කර, එයින් ලැබෙන පොළිය මහාදාටික මහානාග රජතුමා කරවන ලද පාසාන පබ්බත විහාරයට භික්ෂූන්ගේ් නමින් පූජා කර ඇත. ඊළඟට තවත් සෙල් ලිපියක තිබෙන්නේ් මහසෙන් රජතුමාට අයත් කුඹුරක් සේරුවිල ප්‍රදේශයේ තිබුණු බවත් මේ කුඹුරෙන් කපා ගන්නා ධාන්‍ය වී වලින් රජතුමාගේ් ධන්‍ය කොටස සේරුවිල ප්‍රදේශයේ මහා වෙළෙඳ නගරයක් වූ තුඹවටිය බැංකුවේ තැන්පත් කළ බවත් ය. කලින් බැංකුව තඹවටිය විය. එම ධාන්‍ය පොළියෙන් මේ විහාරස්ථානයේ මංගල සෑය නඩත්තු කිරීමට රජතුමා නියම කර ඇත. අප මෙතෙක් කල් දැන ගෙන සිටියේ ධාන්‍ය බැංකු ලංකාවේ බැංකු ක්‍රමය පිළිබඳ ශිලාලේඛන දෙකකිනි. එකක් නම් වව්නියාවේ තෝනිගල සෙල් ලිපියයි. අනෙක නිමලව තිබෙන සෙල් ලිපියයි. නමුත් දැන් මෙතන වෙළෙඳ නගර දෙකක්, බැංකු දෙකක්, ජාත්‍යන්තර මට්ටමේ දියුණු වී තිබුණු සේරුවිල ප්‍රදේශයේ නැගෙනහිර පළාතේ. කොහොමද අපේ උරුමය මෙන්න මේ ආකාරයට සඳහන් වන අතිශය වැදගත් ශිලා ලේඛන සමූහයක් අපේ බෞද්ධ උරුමය පෙන්නුම කරයි. ඊළඟට මා තොප්පිගල ගොස් තොප්පිගල ළඟම ඊට හේත්තු වී වාගේ් තිබෙන කුංචනාමලේ කන්ද තරණය කළා. ඒ යන අවස්ථාව වනවිට ඒ පාරේ යෑම ඉතා භයානක විය. ඒ නිසා හමුදා භටයන් පය තබන ස්ථානවල ම පය තබමින් යෑමට සිදුවිය.

එලෙස ගොස් කුන්චනාමලේට නැඟ බැලූ විට ගල් ලෙන් සමූහයක් තිබිණි. එක සෙල් ලිපියක ‘ඇමති රබයෙමි කරිත ලෙනෙ’ යනුවෙන් තිබිණි. රබය ඇමතිවරයා කළ ලෙන. සාම්පූර්වල කල්අඩි නමැති ස්ථානයේ දී මහාදාටික මහානාග රජ කාලයේදී ඒ විහාරයට පූජා කළ රබය ඇමැතිවරයා ම තොප්පිගල කුංචාමලේ ගල්ලෙනත් මහාසංඝයා වහන්සේට පූජා කර ඇති බව පෙනේ. දැන් මේ අපේ උරුමය ගැන මොනවද අපි කතා කරන්නේ. ද්‍රවිඩ ජාතිවාදීන්ට හෝ මුස්ලිම් ජාතිවාදීන්ට හෝ නැගෙනහිර පළාතේ එක ම එක පුරා වස්තුවක්වත් එක ම එක ඓතිහාසික සිද්ධියක්වත් ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් නැත. නිජ උරුමයක් ලෙස එහි තිබෙන්නේ. සම්පූර්ණයෙන් ම අපේ සිංහල බෞද්ධ උරුමය යි. ඒ උරුමය රැක ගැනීම පිණිස අපේ ගෞරවණීය මහා සංඝයා වහන්සේ පෙරට වැඩම කොට එය ආරක්ෂා කර ගැනීම සඳහා මතු පරපුරට දායාද කිරීම සඳහා කටයුතු කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමින් මේ කතාව ශ්‍රවනය කළ සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් මම නිහඬ වෙමි.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]