UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කටාන මීගමුව ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා අගැයීම් 7 වන දා

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි ආගමික කටයුතු හා සදාචාර වර්ධන ආමත්‍යංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයයීමෙන් 2008 දහම් පාසල් සිසු නිපුණතා කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රාදේශීය නිපුණතා ඇගයීම් මාලාව සැප්තැම්බර් 07 වැනි ඉරුදින පෙරවරු 8.00 සිට මීගමුව හරිස්චන්ද්‍ර ජාතික විදුහලේදී ප්‍රධාන ලේඛකාධිකාරි ශාස්ත්‍රචාර්ය සීදුවේ සුමනවංශ හිමියන්ගේ සහ කටාන ප්‍රාදේශීය ලේකම් එම්.එච්. ජී. බණ්ඩාර මහතාගේ් සංවිධානයෙන් පැවැත්වේ.

ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයිම් සඳහා ප්‍රාදේශීය බල ප්‍රදේශයේ දහම් පාසල් 46 ක සිසු දරු දැරියන් 2000 කට ආසන්න පිරිසක් සහභාගි වෙති. 1 ශ්‍රේණියේ සිට බෞද්ධ ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා ප්‍රායෝගික දැනුම පද්‍ය ගායනා, දහම් දැනුම, ගද්‍ය රචනා, කථික, පාලි, පද්‍ය ගායනා, බෞද්ධ ළමා චිත්‍ර, ප්‍රථමික, කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වශයෙන් නිපුණතා ඇගයීම් මාලාවක් මෙදින පැවැත්වේ. කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රවේදී හීනටියන නන්දතිස්ස මහ නා හිමියන් ප්‍රධාන ගිහි පැවිදි පිරිසක් මෙදින ප.ව. 4.30 ට සමස්ත සිසු නිපුණතා ඇගයීම් ප්‍රතිඵල වලින් ප්‍රථම ස්ථාන හිමිකර ගන්නා සියලු සිසු දරු දැරියන් දිස්ත්‍රික් නිපුණතා ඇගයීම් සඳහා ද ඉන් ප්‍රථම ස්ථාන හිමිකර ගන්නා සිසු දරු දැරියන් සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් මාලාව සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලබන බව සීදුවේ සුමනවංශ හිමියෝ පවසති.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]