UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ පෙරහර

කෝට්ටේ රජමහා විහාරය ඓතිහාසික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන්ද වැදගත්වේ. ඓතිහාසික ස්භාවය ගත් කළ එහි පුරාණ කථාව සය වන පැරකුම් රජ සමය දක්වා විහිදී යයි. එසේම එහි පළමු වන විහාරාධිපති පදවිය ලද්දේ පිලානේ නායක ස්වාමින් වහන්සේය.

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ බෝධීන් වහන්සේට අමතරව නාබෝධිය යනුවෙන් බෝධියක් ඇත. එකල සිටි සපුමල් කුමාරයා මුල්ලේරියා සටන පෘතුගීසින්ට අත්පත් කර දී කෝට්ටේට පැමිණ කඩුව තබා ඇත්තේ මෙම නා බෝධිය අසලයි. එම ස්ථානයේ නා බෝධිය සේම සපුමල් කුමාරයා වෙනුවෙන් දේවාලයක් සාදා තිබේ. මෙයට ගරු බුහුමන් කිරීමට මෙම විහාරයට පැමිණෙන බැතිමතුන් අමතක කරන්නේ නැත.

විහාරයට පැමිණියොත් මෙම නා බෝධිය ද වැඳ පුදා ගනී.

එසේම මෙහි තව දේවාල දහහතරක් දැක ගැනීමට හැකිය. තව ද මෙම විහාරයට ලංකා සහ හේමන්ත යනුවෙන් අලි දෙදෙනකු ද වේ.

එසේම මෙම විහාරස්ථානයේද දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ බැවින් දළදා පෙරහරක් වාර්ෂිකව මෙම විහාරයේ පැවැත්වේ’ වර්තමාන විහාරාධිපති අලුත් නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙවර එකසිය අට වන වතාවට මෙම දළදා පෙරහර පවත් වන බවයි.

මෙම දළදා පෙරහරේ කප් සිටුවීම අගෝස්තු (27) වන දින සිදුකර සැප්තැම්බර් (06) වන දින වීදි සංචාරය කෙරේ.

එසේම අනුරුද්ධ ස්වාමින් වහන්සේ පැවසුවේ මෙම පෙරහර නැරැඹීමට පැමිණෙන සියලු බැතිමතුන් සුදු වස්ත්‍රයෙන් සැරසී පැමිණ දළදා වහන්සේට ගෞරව කරන ලෙසය.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]