UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැටබරු ඇසළ මහා පෙරහර

මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානයේ හා රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය මෙම වර්ෂයේ ද පෙර සිරිත් පරිදි චාරිත්‍රානුකූලව පැවැත්වීමට මේ දිනවල සංවිධානය කෙරේ. සම්ප්‍රදායානුකූලව පෙර සිරිත් පරිදි වසර 51 ක කාලයක් වාර්ෂිකව පවත්වාගෙන එන ලද ප්‍රදේශයේ එකම ජාතික ආගමික සංස්කෘතික මංගල්‍යයක් වූ ගැටබරු ඇසළ උත්සවය අඛණ්ඩවම පැවැත්විය යුතු යැයි පසුගියදා රැස් වූ ඇසළ උත්සව සංවිධාන කමිටුව තීරණය කළ අතර ඒ අනුව 2008 සැප්තැම්බර් 10 සිට 16 දක්වා පුරා දින 07 ක් අති උසස් අන්දමින් පෙර පැවැති සියලුම උත්සව අංග සහිතව පැවැත්වීමට තීරණය කර මේ දිනවල උත්සව සංවිධානය කටයුතු සිදු කරන බව ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියෝ නිවේදනය කරති.

සැප්තරම්බර් 10, 11, 12 පේලි පෙරහර ද 13, 14 රන්දෝලි මහ පෙරහර ද, 14, 15 උඩ මළුවේ මහා දේව තොවිලය සහ 16 අලුයම ගිනි පෑගීම, දාවල දේව දානය පැවැත්වේ. සැප්තැම්බර් 10 – 15 තොරණ ප්‍රදර්ශනය කැරේ.

ඉහත සඳහන් අයුරින් දින 07 ක් පුරා පැවැත්වෙන ගැටබරු ඇසළ උළෙල රජය පිළිගත් පුණ්‍යායතනයක් හා ප්‍රසිද්ධ වන්දනා ගමන් ආඥා පනත යටතේ රජය පිළිගත් ප්‍රසිද්ධ පෙරහරක් ලෙස ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර පැවැත්වේ. ලක්‍ෂ සංඛ්‍යාත බැතුමතුන්ගේ සහභාගීත්වයෙන් රජයේ පිළිගත් ජාතික පෙරහරක් ලෙස පැවැත්වෙන ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය සියලුම ආයතනවල දායකත්වයෙන් පැවැත්වෙන අතර සමස්ත උත්සවය සඳහා ලක්‍ෂ 60 කට අධික මුදලක් වැය වෙන බවද ආනන්ද හිමියන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]