UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මාවනැල්ල නුංගමුව විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී ත්‍රිපිටක ධර්ම කොටස් සජ්ඣායනාවක්

සත් දිනක් පුරා දේශනා කරන ධර්ම කාණ්ඩයෝ අගෝස්තු මස 31 සහ නොවැම්බර් 1 වන දා විනය පිටකයෙහි මහාවග්ග පාලිය ද නොවැම්බර් 2, 3, 4 දිනයන්හි සූත්‍ර පිටකයෙහි මජ්ඣිම නිකාය ද නොවැම්බර් 5, 6 දිනයන්හි අභිධර්ම පිටකයෙහි පට්ඨාන ප්‍රකරණය ද සජ්ඣායනා කැරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දසත පැතිරෙන සුවඳ

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

අප්පමතෙතා අයං ගෙන්‍ධා
යායං තගර චන්දනී
යො ච සීලවතං ගෙන්‍ධා
වාති දෙවේසු උත්තමො
 

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් සඳහන් කරන ලද්දේ ධම්ම පදයට අයත් පුෂ්ඵ වග්ගයේ දහතුන් වන ගාථාවයි. මේ ගාථාවේ සරල තේරුම නම් ‘තුවරලා සුවඳ, සඳුන් සුවඳ යන යම් මේ සුගන්ධයන් ඇද්ද, ඒවායේ සුවඳ ඉතා ස්වල්පය, සිල්වත් වූ බුද්ධාදී සත් පුරුෂයන්ගේ යම් සිල් සුවඳක් වේද ඒ සිල් සුවඳ උතුම් වූයේ දෙව්ලොවෙහිදු හමන බවයි. ඉහත ගාථාවේ ‘අප්පමතෙතා’ යැයි වචනයක් වේ. එහි තේරුම නම් සුළු බව යන්නයි. තුවරලා ආදී මල්වල හා සඳුන්වල සුවඳ ඉතා සුළුය. ඒ සුවඳ මිනිස් ලොවටම වුවත් දස දිග නොපැතිරේ. උඩු සුළඟට නොහමයි. හැම තැනකම නොපැතිරෙන හෙයින් සුළුය. සිව්වන පදයේදී ‘දේවේසු’ යැයි සඳහන් වචනයකි. එහි අර්ථය නම් දෙවියන් අතර පවා හමන බවයි. සිල්වතුන්ගේ සිල් සුවඳ දෙව්ලොව පවා හමන බව සඳහන් වේ. අප මනුෂ්‍යයකු ලෙස ජීවත්වන කාලයේ දී ජීවත්වන්නට උත්සාහ ගත යුතු වේ. යහගුණයන්ගෙන් හෙබි මනුෂ්‍යයෙකු විය යුතු ය. හිස, දෙඅත්, දෙපා ආදී අවයව මිනිසෙකුට සමාන වූ තරමින් හෝ දෙපා නගා ගිය තරමින් මිනිසෙක් නොවනු ඇත. වහා කිපීම, ඉතා පහත් අන්දමින් රාග අදහස් ක්‍රියාවේ යෙදවීම, අන්‍යයන්ට ඊර්ෂ්‍යා කිරීම ආදී පහත් ගුණ මනුෂ්‍යයන් තුළද පවතී නම් ඔවුහු නියම මනුෂ්‍යයෝ නොවෙති. අප තුළ එබඳු ගුණ පවතී නම් වහා එය වෙනස් කර නියම මනුෂ්‍යයෙකුවීමට උත්සාහ කළ යුතු ය.

ඉතිරිය»

 

මහා කවි එඩ්වින් ආර්නෝල්ඩ් හා ආසියාවේ ආලෝකය

සර් එඩ්වින් ආර්නෝල්ඩ් ඔහුගේ “ආසියාවේ ආලෝකය” නමැති මහා කාව්‍ය පළ කළේ 1879 වන වර්ෂයේ ය. එබැවින් දැනට වර්ෂ 125 කට පමණ පෙරය. 1979 වන වර්ෂයේ බෞද්ධාලෝකයා එහි ශත සංවත්සරය පැවැත්වූයේ ය. මේ සුලලිත පැදි සහිත මධුර මනෝහර කාව්‍ය බුදුසිරිත හා බුදු දහම අවරදිග වාසීන්ට හඳුන්වා දුන් ප්‍රථම ග්‍රන්ථය විය. සියලුම පාහේ ඉංගී‍්‍රසි උගතුන් මේ උසස් සාහිත්‍යය කෘතිය කියවා බුදුදහම හා බුදුපියාණන් වහන්සේ ගැන නිවැරැදි අවබෝධයක් ලබා ගත්හ. යුරෝපයේ හා ඇමෙරිකාවේ පමණක් නොව එකල ඉංගී‍්‍රසි අධිරාජ්‍ය තුළ සියලු රටවල ඉංගී‍්‍රසි උගත් සාහිත්‍ය ධරයින් හා කාව්‍ය රසිකයන් බුදු දහම ගැන මනා අවබෝධයක් ලබා ගත්හ. දුර්මත හා වැරැදි අවබෝධ දුරු කරගත්හ. නොයෙක් වෘත්තයන් යොදා අනේක කාව්‍යාලංකාර ක්‍රමවලින් ප්‍රතිමණ්ඩිත වූ මහාකාව්‍ය පළකර ඉතා කෙටිකලකින් අතිශය මහත් වූ ජනපි‍්‍රය භාවයට පත්විය. යුරෝපීය භාෂාවන්ට මෙය පරිවර්තනය විය. එංගලන්තයේ මුද්‍රණ 60 ක්ද ඇමෙරිකාවේ මුද්‍රණ අසුවක් ද පළවිය. එකල ඉංගී‍්‍රසි පොත්වල පළ කිරීමේ නීතිමය අයිතියක් ලබා ගැනීම අවශ්‍ය නොවූ හෙයින් ඇමෙරිකානු පොත් ප්‍රකාශකයෝ කර්තෘගෙන් හෝ ප්‍රකාශකයන්ගෙන් අවසර නොගෙන ග්‍රන්ථ මුද්‍රණය කර ඉතා ලාභ මිලකට විකුණා ගත්හ. පිටපත් දස ලක්‍ෂණයක් පමණ අලෙවි විය. ලක්දිවද මුද්‍රණ හතරක් පළවිය. ඉන්දියාවේ ජයිකෝ සමාගම පළකළ ග්‍රන්ථද ලංකාවේ පොත්හල්වල විකිණීමට තිබුණි. කොළඹ ගුණසේන සමාගමද මුද්‍රණයක් පළ කළේ ය.

ඉතිරිය»

 

ඇල්පිටිය පිටුවල දිවංකරලෙන අරණ්‍ය සේනාසනය

ලොවට උතුම් පින්කෙත වූ රහතන් වහන්සේ ගණනින් කිව නොහැකි තරම් වැඩ සිටි බවට බෞද්ධ ඉතිහාසය දෙස් දෙයි. එම රහතන් වහන්සේලාගේ පරපුරේ වැඩ සිටි ‘දිවංකර ‘ රහතන් වහන්සේ අප රටේ වැඩ සිටිය මහානුභාව සම්පන්න රහතන් වහන්සේ නමක් බව ප්‍රකටය. උන්වහන්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටුවල ග්‍රාමයේ බෙරළිය මූකලාන රක්ෂිතය තුළ පිහිටි රමණීය ගල් ලෙනක වැඩ සිටි බවට ඓතිහාසික සාධක හමු වෙයි. ඒ අනුව පසු කාලීනව උන්වහන්සේට කළ උතුම් ගෞරවයක් ලෙසට භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින එම ගල්ලෙන පිහිටි අරණ්‍ය සේනාසනයට ‘ දිවංකර ලෙන’ අරණ්‍ය සේනාසනය ලෙස නම් කර තිබේ.

ඉතිරිය»

 

ඇල්පිටිය දිවංකරලෙන අරණ්‍ය සේනාසනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ගාල්ල දිස්තික්කයේ ඇල්පිටිය පිටුවල දිවංකර ලෙන අරණ්‍ය සේනාසනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. හික්කඩුවේ එච්.එම්. තුතිපාල නමැති මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කරන ලද්දේ, 1994 වසරේදී ය.

ඡායාරූපය - ක්‍රිශාන්ත අතුකෝරල
 

නිකිණි

අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 2.56 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 01.25 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු 30 වන දා සෙනසුරදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]