UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සහජ් මාර්ග් භාවනා ක්‍රමය

යමක් සිතීම හෝ යමක් පිළිබඳව නොකඩවා මෙනෙහි කිරීම භාවනාව වශයෙන් අරුත් දැක්විය හැකිය. එබැවින් කිසිවෙකු යමක් පිළිබඳව නොකඩවා සිතන්නේද ඔහු භාවනාවක නිමග්න වී සිටිනා බැව් කිව හැකිය. පෙර අපර දෙදිගම පැරැණි ගුරුවරුන් උගන්වා ඇත්තේ යමෙකු යමක් පිළිබඳව භාවනා කරන්නේද, ඔහු එම ස්වභාවයට පත් වන බවය. මෙය ප්‍රතිලෝම වශයෙන් ගත්කළ අපට යම් ස්වභාවයට පත්වීමට අවශ්‍ය වන්නේ ද අප වෙන කිසිවක් පිළිබඳව නොව, එම තත්ත්වය පිළිබඳව භාවනා කළ යුතුය. එබැවින් අපගේ අරමුණ වන්නේ උත්තරිතර වූ තත්ත්වයට පත්වීම නම් අපගේ් භාවනාවේ අරමුණ උත්තරිතර ස්වභාවය විනා අන් කිසිවක් නොවිය යුතුය.

කුරුල්ලෙකුට පියාසර කිරීමට අත්තටු දෙකක් අවශ්‍ය වන්නේ යම් සේද, මිනිසෙකුට ස්වභාවික පී‍්‍රතිමත් දිවියක් ගත කිරීම සඳහා ආධ්‍යාත්මික හා භෞතික යන අංග දෙකින් ජීවිතය සමන්විත විය යුතුය.

එකක් උදෙසා අනෙක අතපසු කළහොත් ජීවිතය අස්වාභාවික වන අතර, අපේක්ෂිත ප්‍රතිඵලය අත්නොවනු ඇත. එබැවින් අධ්‍යාත්මික මගක් අනුගමනය කිරීම සඳහා භෞතික දිවිය සම්පූර්ණයෙන් නොසලකා හැරීම භෞතික පැවැත්ම උදෙසා අධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම අමතක කිරීම මෙන්ම අස්වාභාවික, නිෂ්ඵල එමෙන්ම අරමුණට බාධා පමුණුවන ක්‍රියාවක් විය හැකිය. යමෙකුගේ හැකියාව උපරිම තත්ත්වයට පත්කර ගැනීම සඳහා එම පුද්ගලයා භෞතික මෙන්ම ආධ්‍යාත්මික දිවිය සඳහා සමතැන් ලබාදිය යුතුය. එම ක්‍ෂේත්‍ර දෙකෙහිම එක විට වෑයම් කළ යුතු වේ.

බොහෝ ආධ්‍යාත්මික මාර්ග මගින් තැන් කොට ඇත්තේ භෞතික පැවැත්ම අමතක කොට එහි අත්‍යවශ්‍ය බව නොසලකා, අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරිමය.

ජීවිතයේ මෙම අංග දෙක තුළම නිසියාකාර ලෙස ශක්තිය මෙහෙයවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් සහජ් මාර්ග ක්‍රමය මෙම විකෘති තත්ත්වය නිවැරැදි කරයි. එහි විශ්වීයත්වය රඳා පවතින්නේ මෙහිය. සහජ් මාර්ග් යන පදයෙන් ස්වභාවික මාර්ගය යන අරුත ගනී. ඇතැම් විට මෙම ක්‍රමය භෞතික දිවිය තුළද සමාන තෘප්තියක් ළඟා කර ගැනීම සඳහා ඉඩ සලසන පළමු ක්‍රමය විය හැකිය. මේ මගින් මිනිසෙකුගේ සියලු ඉන්ද්‍රියයන් පරිපූර්ණ සංවර්ධනය කරා යොමු කරන අතර සුපේශලතාවයට පත්වීම යැයි හඳුන්වා දෙනු ලබන්නේ සියලු ඉන්ද්‍රියන්ගේ අංග සම්පූර්ණ ක්‍රියාකාරීත්වය යි.

තම ආදරණීය ආචාර්ය තුමා වූ ෆටේගර්හි ශ්‍රී රාම් චන්ද්‍ර තුමා (ලාලාජි) සිහි කරණු වස් ශ්‍රී රාම් චන්ද්‍ර මෙහෙවර පිහිටවනු ලැබුවේ ෂාජහන්පූර්හි ශ්‍රී‍්‍ර රාම් චන්ද්‍රජිතුමා (බාබුජි) විසිනි. 1983 දී මහා සමාධියට පත්වන තාක් බාබුජිතුමා ලොව පුරා පිහිටි මධ්‍යස්ථාන වලදී අභ්‍යාසකරුවන් පුහුණු කළේය. එතැන් පටන් වත්මන් සභාපතිවරයා මෙන්ම ආචාර්යතුමාද වන ශ්‍රී පාර්තසාරතී රාජගෝපාලාචාරිතුමා ඉන්දියාවේ චෙන්නයි හි මනප්පාක්කම් හි පිහිටි තම මධ්‍යස්ථානයේ සිට මෙහෙවරෙහි කටයුතු මෙහෙයවයි. වත්මන් ආචාර්යතුමා උපත ලැබුවේ 1927 ජුලි මස 24 වන දින දීය. 1999 නොවැම්බර් මස දෙවන දින තම බිරිඳ වූ සුලෝචනා මියයන විට එතුමා 40ක් වසරක විවාහ දිවියක් ගත කොට තිබුණි. එතුමාට පුතෙක් ලේලියක් හා මුනුපුරන් දෙදෙනෙක් සිටිති. සමාගම් සමූහයක විධායක අධ්‍යක්ෂවරයා වූ එතුමා 1985 දී විශ්‍රාම ලැබුවේය. එතුමා මහාද්වීප පහට අයත් රටවල් 96 ක් තුළ පිහිටි මධ්‍යස්ථාන කරා ගොස් සහජ් මාර්ග ක්‍රමය පිළිපැදීමට දිරි ගන්වනු ලැබේ.

2008 ජුලි මස 24 දිනට වයස අවුරුදු 81 සපුරන ලද ශ්‍රී පාරතසාරතී රාජගෝපාලාචාරී වත්මන් ආචාර්යතුමාගේ ජන්ම දිනය සැමරීම සඳහා ලෝපුරා රටවල් 96 ක ‘සහජ් මාර්ග්’ අභ්‍යාසින් පනස් දහසකට අධික පිරිසක් ඉන්දියාවේ ලක්නව් නුවරට වූහ.

 

නිකිණි

අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 2.56 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 01.25 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු 30 වන දා සෙනසුරදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]