UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර ගමන් මග

මහනුවර, ඇසළ මහ පෙරහරේ කුඹල් පෙරහර අගෝස්තු මස හත් වන දා (7) සහ රන්දෝලි පෙරහර අගෝස්තු මස දොළොස් වන දා (12) ආරම්භ කෙරේ. දියකැපුම් පෙරහර 17 වනදා අලුයම සහ සිරිත් පරිදි දවල් පෙරහර අගෝස්තු මස දාහත්වනදා (17) පැවැත්වෙන පෙරහර පහත සඳහන් වන මාර්ගවල ගමන් කරන බවත් මහනුවර ඇසළ පෙරහර පිළිබඳ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිකුත් කර ඇති පෙරහර පිටත්වන වේලාවන් සහ ගමන් මාර්ග පිළිබඳ විස්තර පත්‍රිකාවෙන් ප්‍රකාශයට පත් කර ඇත.

වේලාවන් සහ මාර්ග වෙනස් කිරීමේ බලය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ සතුව ඇත. පෙරහර ගමන් මග විස්තර මෙසේ ය.

කුඹල් පෙරහර

රාජ්‍ය වර්ෂ 2008 ක් වූ අගෝස්තු මස 07 වන ගුරු දින රාත්‍රී සම්මත වේලාවෙන් 7 පසු වී විනාඩි 32 ට බටහිර දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව සිරිත් පරිදි ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ පසුව රාත්‍රී 8 පසු වී විනාඩි 01 ට බටහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව වැව අද්දර දිගේ දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරේ ඉහළට පැමිණ දේවවීදියෙන් හැරී ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය (කොළඹ වීදිය) ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට හැරී ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 08 වන කිවි දින රාත්‍රී 7 පසුවී විනාඩි 36 ට නැගෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පැමිණ රජවීදියට හැරී ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 09 වන ශනි දින රාත්‍රී 8 පසුවී විනාඩි 00 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය, (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පැමිණ රජවීදියට හැරී ඉහලටවිත් ගෙවදීම.

අගෝස්තු මස 10 වන ඉරු දින රාත්‍රී 7 පසුවී විනාඩි 26 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පැමිණ රජවීදියට හැරී ඉහලටවිත් ගෙවදීම.

අගෝස්තු මස 11 වන සඳු දින රාත්‍රී 7 පසුවී විනාඩි 26 දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ පැමිණ රජවීදියට හැරී ඉහලටවිත් ;ගවදීම.

රන්දෝලි පෙරහර

2008 අගෝස්තු මස 12 වැනි කුජ දින රාත්‍රී 7 පසුවී විනාඩි 32 ට නැගෙනහිර දිශාභිමුඛව සිව්දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 8 පසුවී විනාඩි 02 ට සිරිත් පරිදි නැගෙනහිර දිශාභිමුඛව රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිවිටට පැමිණ පසුව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර සමඟ දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය( ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරේ ඉහළට පැමිණ දේවවීදියෙන් හැරී ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ පැමිණ රජවීදියට හැරී ඉහලටවිත් ගෙවදීම.

අගෝස්තු මස 13 වන බුධ දින රාත්‍රී 7 පසු වී විනාඩි 36 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ පැමිණ රජවීදියට හැරී ඉහලටවිත් ගෙවදීම.

අගෝස්තු මස 14 වන ගුරු දින රාත්‍රී 7 පසුවී විනාඩි 26 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඊ.එල්. සේනානයක වීදිය( කොටුගොඩැල්ල වීදිය) ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය යටිනුවර වීදිය ඔස්සේ පැමිණ රජවීදියට හැරී ඉහලටවිත් ගෙවදීම.

අගෝස්තු මස 15 වන කිවි දින රාත්‍රී 7 පසු වී විනාඩි 36 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය),යටිනුවර වීදියෙන් හරස් වීදියට හැරී ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ (ත්‍රිකුණාමල වීදිය) රජවීදියට හැරී ඉහලටවිත් ගෙවදීම.

අගෝස්තු මස 16 වන ශනි දින රාත්‍රී 7 පසුවී විනාඩි 38 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව වැව අද්දරදිගේ දළදා වීදිය (වෝඩ්වීදිය)යටිනුවර වීදිය, කන්දේ වීදිය, (හිල් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය(ත්‍රිකුණාමල වීදිය) රජවීදියට හැරී ඉහලටවිත් ගෙවදීම.

දියකැපුම් පෙරහර

2008 අගෝස්තු මස 17 වන ඉරු දින අලුයම 01 පසුවී විනාඩි 45 ට දකුණු දිශාභිමුඛව සිරිත්ප්‍රකාර ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදියෙන් (ත්‍රිකුණාමල වීදිය) ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව්දෙවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදේවිකෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීමද,

දවල් පෙරහර

2008 අගෝස්තු මස 17 වැනි ඉරු දින දවල් 12 පසු වී විනාඩි 42 ට දකුණ දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දේ වීදිය (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ (ත්‍රිකුණාමල වීදියේ), මංසන්ධියට පැමිණ එදින සවස 2 පසුවී විනාඩි 28 ට දකුණු දිශාභිමුඛව ආදාහන මළුව, ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්තධාතු මන්දිරයේ පෙරහර කැටුව, ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) දිගේ විත් පන්සල පාර, දේව වීදියෙන්, රජවීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට සවස 4 පසුවී විනාඩි 26 ට ගෙවදීම ශුභවේ යැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත් කර ඇති මහනුවර ඇසළ පෙරහර ගමන් මග විස්තරයේ දැක්වේ.

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]