ආගමේ නාමයෙන් සටන් කිරීම
ලෝකයේ සෑම ආගමක් ම මිනිසා ගේ යහපත පිණිස මඟ පෙන්වන බව පොදු
පිළිගැනීම ය. එහෙත්, ඊට පටහැනි මතයක් දැරූ විසිවන සියවසෙහි
විසූ විශිෂ්ට දාර්ශනිකයකු වූ ඉංගී‍්‍රසි ජාතික බර්ට්‍රන්ඩ්
රසල් (1872 – 1970) පැවැසුවේ සෑම ආගමක් ම අසත්‍ය හා අනර්ථකාරී
බව ය. ‘මා කිතුනුවකු නො වූයේ ඇයි’ නමැති ග්‍රන්ථයේ ඔහු මෙ සේ
සඳහන් කැර තිබේ.
‘ධර්මිෂ්ටභාවය’ යන අදහසට මඟ පෑදුවේ ආගම තුළ අන්තර්ගත ව ඇති
තුන් වන මනෝවිද්‍යාත්මක ආවේගය වන වෛරය යි. මේ සංකල්පය නිදහස්
මතධරයන් ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර ව ඇති අතර විරුද්ධ මත නො ඉවසන
ආගම අභාවයට ගිය ද ‘ධර්මිෂ්ටභාවය’ අභාවයට යා නො දී රැක ගත යුතු
බව ඔවුහු කියා සිටිති. ධර්මිෂ්ටභාවය යන සංකල්පය මනෝ
විද්‍යාත්මක විශ්ලේෂණයට භාජනය කිරීමේ දී මට පෙනෙනුයේ එය
පිටුදැකිය යුතු උද්වේගකර හැඟීම් තුළින් උපත ලබා ඇති බවකි.
ධර්මිෂ්ටභාවය හා අධර්මිෂ්ටභාවය වෙන් වෙන් ව නො ගත යුත්තේ
එකෙකින් වෙන් කොට අනෙක අවධාරණය නො කළ හැකි හෙයිනි.’
බර්ට්‍රන්ඩ් රසල් ගේ මේ මතය වර්තමානයට ඉතා අදාළ යැයි සිතෙන
ආකාරයේ පුවත් කිහිපයක් පසුගිය සතියේ අපට අසන්නට ලැබිණ. පසුගිය
විසිපස් වන දා ඉන්දියාවේ බැංගලෝරයෙහි දී විනාඩි තිහක් ඇතුළත
බෝම්බ හතරක් පුපුරා පුද්ගලයන් පනස් දෙනකු මියගොස් දෙසීයකට අධික
පිරිසක් තුවාල ලැබීම එයින් පළමු පුවත ය. ඊට පසු දින ඉන්දියාවේ
අහමදාබාද් නුවර දී පැයක් ඇතුළත බෝම්බ දාහතක් පුපුරා පුද්ගලයන්
හතළිස් හය දෙනකු මියයෑම දෙවන පුවත ය.
අහමදාබාද් බෝම්බ ප්‍රහාර වලට මොහොතකට පෙර රූපවාහිනී මධ්‍යස්ථාන
වෙත මෙ සේ දැනුම් දී තිබිණ.
‘අල්ලා දෙවියන් ගේ නාමයෙන් ඉන්දීය මුජාහිදීන් යළිත් ප්‍රහාරයේ
යෙදෙනවා. හැකි ඕනෑම දෙයක් සිදු කරනු, තවත් විනාඩි පහක දී මරණයේ
භීෂණය අත් විඳුනු.’
මේ ප්‍රහාර, 2002 වසරේ දී දහසකට අධික පිරිසකට ජීවිත අහිමි කළ
ගුජරාටයේ හින්දු හා මුස්ලිම් ගැටුම සැමරීම පිණිස සිදු කැරුණු
බව ද ප්‍රකාශ වී තිබේ.
පසුගිය 27 වන දා තුර්කියේ ඉස්තාන්බුල් නුවර දී බෝම්බ දෙකක්
පුපුරවා පුද්ගලයන් දහසය දෙනකුට මරු කැඳවූ සිද්ධිය අප අවධානය
යොමු කළ තෙවන පුවත ය. තුර්කි ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්
අනාගමික භාවය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත යුක්තිය හා සංවර්ධනය
පිළිබඳ පක්‍ෂය නමැති එ රට පාලක පක්‍ෂය තහනම් කිරීමට අදාළ
අධිකරණ විමර්ශනය ඇරැඹීමට දිනකට පෙර එම බෝම්බ පිපිරවීම් සිදු
විය. එ බැවින් එම බෝම්බ පිපිරවීම් හා අනාගමික භාවය උල්ලංඝනය
කිරීම පිළිබඳ විමර්ශන අතර සබැඳියාවක් ඇතැයි පැවැසේ.
මේ ප්‍රවෘත්ති තුනට ම වෙනස් ආකාරයේ සිද්ධියක් කෙරෙහි ද අප ගේ
අවධානය යොමු විය. එ නම්, කාම්බෝජයේ ගන වනයට මුහුණ ලා කඳු
මුදුනක පිහිටි එකළොස්වන සියවසට අයත් පි‍්‍රයා නමැති බෞද්ධ
විහාරයේ හිමිකම ලබා ගැනීම සඳහා පසුගිය 28 වන දා තායිලන්ත හා
කාම්බෝජ විදේශ ඇමැතිවරුන් අතර සාකච්ඡා ඇරැඹීමයි. එ සේ සාකච්ඡා
ආරම්භ කිරීමට හේතු වූයේ එම දෙරට ම පි‍්‍රයා විහාරයට
අයිතිවාසිකම් කියමින් තම හමුදාව සීරුවෙන් තැබීම නිසා ඇතිවන්නට
ගිය ගැටුම වැළැක්වීම ය.
මේ සියලු සිදුවීම් සමඟ ආගමික සබඳතාවක් ඇතැයි කිව යුතු නැත. එ
බැවින් ආගම් මඟින් අපේක්‍ෂිත ධර්මිෂ්ටභාවය පිළිබඳ බර්ට්‍රන්ඩ්
රසල් ගේ කියමනට වැඩි වටිනාකමක් ලැබෙන ලෝකයක් අද නිර්මාණය වී
තිබේ.
අතීතයේ දී සාම්ප්‍රදායික ආගම්වලට පමණක් අදාළ වූ මේ චෝදනාවෙන්
බුදු දහම නිදහස් කැර ගැනීම වර්තමාන බෞද්ධයන් ගේ වගකීමකි. එහෙත්
අද බහුල ව දකින්නට ලැබෙන්නේ විහාරයේ අයිතිය වෙනුවෙන් සටන්
කිරීමට ම සැරැසී සිටින බෞද්ධයන් නො වේ ද? |