UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර දිගන අඹකොටේ සිරි සුගත තපෝවනයේ ස්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශ්වයේ රජරට වනවාස සංඝ සභාවේ උපසම්පදා පුණ්‍යේත්සවය


කෙහෙල්පන්නල සිරිසුගතවංශ නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර දහයක් සපිරේ. ඒ නිමිත්තෙන් මෙම මස තුළ අනුරාධපුර මිහිඳු අරණ්‍ය සේනාසනයෙහි මෙන්ම ශාඛාවන සෙනසුන්හි පින්කම් සංවිධාන වන අතර ප්‍රධාන ගුණානුස්මරණ පින්කම මහනුවර දිගන අඹකොටේ සිරි සුගත තපෝවනයේදී ජුනි 28 - 29 යන දිනයන්හිදී පැවැත්වේ. ඒ අනුව රජරට වනවාස සංඝ සභාවේ උපසම්පදා පුණ්‍යේත්සවය මෙන්ම පින්වතුන්ගේ ආධාර ඇතිව ඉදිකරන ලද ශ්‍රී රාහුල ස්වාමින්ද්‍ර මංගල උපෝසථාගාරය , ධාතු මන්දිරය විවෘත කිරීම හා සංඝගත දක්ෂිණාව ඇතුළු පින්කම් මාලාව ශ්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක ධුරන්ධර අතිපූජ්‍ය, අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඉතිරිය»

ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේ සිරිලකට වැඩම කරවීම


බුදුන් වහන්සේ තපස්සු, භල්ලුක යන වෙළෙඳුන් දෙදෙන වෙත තම හිස පිරිමැද කේශ ධාතූන් ස්වල්පයක් ලබා දුන් බව, බෞද්ධ සාහිත්‍යයෙහි කියැවෙයි. මෙම සර්වඥ ධාතුන් වහන්සේ නිදන් කර ඔවුහු චෛත්‍යයක් කරන ලදී. පසු කලක පුරාවිද්‍යාත්මක කැණීම් වලදී චිතගොං පෙදෙස ආශි‍්‍රතව කැරුණු ගවේෂණ වලදී හමු වූ පූජා භාණ්ඩ, ඉහත කී සර්වඥ කේශ ධාතු ලෙස හඳුනා ගන්නා ලදී. එසමයෙහි ශ්‍රී ලංකාවේ මහෝපාසක බෞද්ධ ප්‍රභූවරයකු වූ හලාවත මාදම්පේ ප්‍රදේශයේ වාසය කළ වාසල මුදලි ඩී.ඩබ්ලිව්. සේනානායක මැතිතුමා එතුමාගේ  පවුලේ අයගේ ද සහාය ඇතිව 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිතිකොට ගෙන නිර්මාණය කරන ලද මාදම්පේ සේනානායකාරාමයේ නිදන් කිරීම පිණිස ඉහත කී කේශ ධාතූන් වහන්සේගෙන් කොටසක් ලබා ගැනීමට සමත් වූයේ ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බියකරු සසර

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 

අන්ධ භූතෝ අයං ලෝකෝ

තණුකෙත්‍ථ විපස්සති

සකුන්තෝ ජාලමුත්තෝව

අප්පෝ සග්ගාය ගචිඡති
 

කාරුණික පින්වතුනි ,

අද දින ධර්ම දේශනාවට මාතෘකාව කරගනු ලැබුයේ ධම්මපදයේ ලෝක වග්ගයේ අටවන ගාථාවයි. දැන් මේ ගාථාවේ තේරුම ගෙන බලමු. “මෙහි ටික දෙනෙක් වෙසෙසා දකී දැලින් මිදුණු මුවකු මෙන් ටිකදෙනෙකු සුගතියට යති. නිවනට යන්නෝ ටික දෙනෙකි. බොහෝ දෙනෙක් අපායට යති”. මෙයින් පැහැදිලි කරනු ලබන්නේ ලෝක වාසී සත්වයා පුහුදුන් බවින් යුක්ත බවයි. නුවණ නැති මිනිසා ලොව ඇති සියල්ල සැපසේ සලකයි. පංච කාම සම්පතින් ආඪ්‍යව හෝ ඒවා සොයායාමෙන් අනේකවිධ දුක් පීඩා ආදියට සත්වයා ගොදුරු වේ. එවන් සත්වයන් එහි ඇලී ගැලී සිටිනු මිස ඒවායෙන් මිදීමට උත්සාහ කරන්නේ නැත. පුහුදුන් මිනිසා යනු සසරට නිතරම පිවිසෙන්නා යන අර්ථය දෙන්නකි.

ඉතිරිය»

අමරපුර චූලගණ්ඨි මහා නිකායේ උපසම්පදා මහෝත්සවය


අමරපුර චූලගණ්ඨි මහා නිකායේ උපසම්පදා මහෝත්සවය සහ අමරපුර මහා සංඝ සභාවේ සභාපති, මහ ලේඛකාධිකාරී නා හිමිවරු පිළිගැනීමේ උළෙල ජූනි 28 සවස 3.00 ට බළපිටිය ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරස්ථානයේ දී, පැවැත්වේ.

ඉතිරිය»

මහරගම ගොඩිගමුවේ ශ්‍රී සද්ධර්මාරාමය වසර 86 ක් පමණ පැරැණි විහාරස්ථානයකි. එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ ඡායාරූපයකින් මෙවර සැරසෙයි. චිත්‍ර හා මූර්ති වෙනුවෙන් රජයේ කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලද එන්. පී. විජේසිරි නිර්මාණ ශිල්පියා විසින් 2002 වසරේදී මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

පොසොන් අව අටවක පෝය

ජූනි 26 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 06.10 ට ලබයි. 27 වන දා සිකුරාදා පූර්ව භාග
05.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 26 වන දා
බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]