UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු හිරිපිටිය මාලිගාතැන්න විවේක සේනාසනයේ චෛත්‍යරාජයාණන් වහන්සේ

රහතන් වහන්සේ වැඩ සිටි බවට විශ්වාස කැරෙන ආරණ්‍යයක් ලෙස ප්‍රකට ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතු හිරිපිටිය මාලිගාතැන්න විවේක සේනාසනය ක්‍රි.පූ. 103 දී පමණ පරසතුරු ආක්‍රමණයන්ට එරෙහිව වලගම්බා රජතුමා කඳවුරු බැඳ වසර 14 ක් පමණ වාසය කළ ස්ථානයක් බව කියැවේ. මෙම පුදබිම කෝට්ටේ යුගයේ සීතාවක රාජ්‍ය සමයේ දී ආරක්ෂාව සඳහා දන්ත ධාතුන් වහන්සේ තාවකාලිකව වඩා හිඳ වූ ස්ථානයක් බව කියැවෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 800 ක් පමණ උස ගිරග මත ඉදි කළ එහි චෛත්‍ය රාජයාණන්ගේ ඡායාරූපයකින් මෙවර සැරසේ.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

මිසදිටු බල බිඳිනට මුල් වූ පානදුර රන්කොත් විහාරය

 

ශත වස් සතරකට වැඩි කලක් සුදු මිසදිටු අයෝමය ග්‍රහණයෙන් මිරිකී ඔද්දල් වුන මානසිකත්වයෙන් සිරි ලක් දන වෙසෙසින්ම සිහළ බොදුනුවන් නිදහස් කරවා ගනු පිණිස සුවිශේෂී වූත් දුෂ්කරවූත් යුග මෙහෙවරක නියැලී ජනතාවගේ ජන්ම භූමිය වූ පානදුරයේ රන්කොත් විහාරය යුග මෙහෙවරක තෝතැන්නකි. ක්‍රි.ව.1890 ට පෙරාතුව ගල් කන්දේ විහාරය සහ ගල් වලේ විහාරය යන නම් වලින් හැඳින්වුන මෙම පුණ්‍යස්ථානයේ උපත අසිරිමත් ය. මෙය ජය බිමක් ලෙස ප්‍රකට ය. 1800 වසරේ දී කුඩා කුටියක් තැනවීමෙන් වත්මන් රන්කොත් විහාරයේ ආරම්භය සිදු විනැයි කියැවේ.

ඉතිරිය»

පොසොන් අව අටවක පෝය

ජූනි 26 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 06.10 ට ලබයි. 27 වන දා සිකුරාදා පූර්ව භාග
05.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 26 වන දා
බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]