UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අම්පාර අරන්තලාවේ භික්‍ෂු ඝාතනය පාදක කරගෙන 2006 වසරේ දී මහාභාරකාර දෙපාර්තමේන්තුවේ අදහසක් අනුව කොළඹදී සාමණේර හිමිවරු 31 නමක් සසුන්ගත කෙරිණි. අම්පාර ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙනේ එම හිමිවරු පිරිස පරිවේණාධිපති ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියන්ගේ රැකවරණය යටතේ අකුරු කරති. මහාභාරකාර ජනක බණ්ඩාර මහතාගේ ඉල්ලීමක් අනුව ඉකුත් දා එම හිමිවරු කොළඹ නගරයේ අධ්‍යාපන චාරිකාවක යෙදුණි. මහාභාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී උන්වහන්සේ වෙනුවෙන් උපහාර උළෙලක් ද පැවැත්විණි. අරන්තලා භික්‍ෂු ඝාතනය සමරා සසුන් ගත කළ සාමණේර හිමිවරු 31 නම මහාභාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයට වැඩම කළ අවස්ථාව.
මහරගම විශේෂ, වේහැල්ලේ, පියතිලක

ලේක්හවුස් ප්‍රකාශනයක් වන ‘ධර්මදේශනා මාලා අංක – 13’ මුල් පිටපත, ශ්‍රී ලංකා අමද්‍යප සංවිධානයේ නිර්මාතෘ, කෝට්ටේ නාගවිහාරාධිපති, මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වෙත එහි සංස්කාරක හා දිනමිණ සම්බන්ධීකරණ කර්තෘ රුවන් ඩී. අරත්තනගේ මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව. ඡායාරූපය – රුවන් ද සිල්වා.

හික්කඩුව සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ අභිනව භාරකාර ධූරය සඳහා හික්කඩුව සීනිගම ගුණජය සතුට පදනමේ කළමනාකරු හා ප්‍රධාන සම්බන්ධීකරණ ලේකම් සම්පත් විරාජ් ප්‍රසන්ජන මහතා පත්විය. ජනාධිපති තුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් තුමා විසින් නම් කරන ලදුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා අතින් සම්පත් මහතා අදාළ පත්වීම් ලිපිය භාරගත් අවස්ථාව. එම අවස්ථාවට ආගමික කටයුතු අමාත්‍යංශයේ උපදේශක ශාස්ත්‍රපති ගලගම ධම්මරංසි හිමියෝ ද, සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාල භාරකාර මණ්ඩලයේ සම ලේකම් කුමරාවඩු ප්‍රේමදාස මහතාද සහභාගී වූහ.

මාදම්පේ - මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති රත්මල්අගාරේ සිරිවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකරවූ විහාරස්ථ වාහල්කඩ දොරටුව ආර්. ජේ.ඒ. ධනරත්න මහතා අතින් සිහිවටන ඵලකය නිරාවරණය කරමින් විවෘත කළ අවස්ථාව. රත්මල්අගාරේ සිරිවිමල හිමියෝ ද සේයාරුවේ වෙති. කුඩා බිංගිරිය පදිංචි ආර්.ජේ.ඒ. ආරියරත්න, කිරිමැණිකේ දිසානායක, ශ්‍යාමන් ඒකනායක යන මහත්ම මහත්මීහු ඊට මුල්‍යමය දායකත්වය ලබා දී ඇත.
මාදම්පේ සමූහ - ඒ.පී. ගුණරත්න.

 

 නවම් පුර අටවක පෝය 

 පෙබරවාරි 13 බදාදා
අපර භාග 10.08 ට ලබයි. 14 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග
07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මී ළඟ පෝය
20 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]