UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අටමස්ථානාධිපති නා හිමි ප්‍රසාද ප්‍රණාම උළෙල ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී 18 වැනි දා

ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අටමස්ථානාධිපති පදවි ප්‍රාප්ති දස වර්ෂය වෙනුවෙන් පිදෙන ප්‍රසාද ප්‍රණාමය සහ උන්වහන්සේගේ චරිතාපදානය එළිදැක්වීමේ පුණ්‍යේත්සවය ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම මස 18 වැනි දා පෙරවරු 9 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පැවැත්වේ.

ඉතිරිය»

මහා පරිනිබ්බාණ සූත්‍රයේ සාහිත්‍යමය වටිනාකම

මහා පරිනිර්වාණ සූත්‍රය දීඝ නිකායේ මහාවග්ගයට අයත් සූත්‍රයකි. එම සූත්‍රය ආගමික, සංස්කෘතික, ඓතිහාසික වටිනාකමක් ඇති සූත්‍රයකි. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුසිරිතේ අවසාන භාගය පිළිබඳ තොරතුරු මහා පරිනිර්වාණ සූත්‍රයට අන්තර්ගත වී ඇත. බුදුන් වහන්සේ පන්සාලිස් වසක් දඹදිව නොයෙක් ස්ථානයන්හි, නොයෙක් පුද්ගලයන් පිළිබඳව දේශනා කළ ධර්මයන්හි කෙටි හැඳින්වීම් හෙවත් ඒ ධර්ම දේශනාවන්ගේ මාතෘකා පාඨ පමණක් මහාපරිනිර්වාණ සූත්‍රයේ දී මතක් කර දුන් බව ප්‍රකාශ වේ. බුදුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී කළ දේශනාවන් විශාල සංස්කෘතික වටිනාකමක් ඇති ඒවා බව තේරුම් ගත හැකිවන්නේ එම දේශනාවන් විමසා බැලීමෙන් ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තමා විසින්ම රැකගත යුතු සිත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අත්තාහි අත්තනො නාථො
අත්තාහි අත්තනො ගතී
තස්මා සඤ්ඤම යන්තානං
අස්සංභද්‍රංව වාණිජො

පින්වත,

මේ ගාථාව ඇතුළත් වෙන්නේ ධම්මපදයේ භික්ඛු වග්ගයටයි. බුද්ධ ශ්‍රාවකයා භික්ඛු නමින් හඳුන් වන්නේ ඇයි ? භික්‍ෂුවක් හඳුනාගත හැක්කේ කෙසේද ? සැබවින්ම භික්‍ෂුවක් සතු ලක්‍ෂණ මොනවාද ? මේ ආදි වශයෙන් භික්‍ෂූන් වහන්සේ අරභයා දේශනා කළ ධර්ම කරුණු තමයි භික්ඛු වග්ගයේ ඇතුළත් වන්නේ. එහෙත් ඇතැම් කරුණු භික්‍ෂූන් පිළිබඳව දේශනා කර ඇතත්, ඒවා ගිහි පිරිසට ද බෙහෙවින් ප්‍රයෝජනවත් බව පෙනෙයි’ අද මා මාතෘකා කළ ගාථාවටද ඇතුළත් කරුණු ඔබටත් බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව අදහසයි.

ඉතිරිය»

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2008 ජූනි මස 12, 13, 14 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පැවැත්වේ.

ඉතිරිය»

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොතුපිටිය කත්ලාන ලෙනගිරි විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ, 1985 වසරේදී බී. ලියනරත්න මූර්ති ශිල්පියා විසින් මෙම බුද්ධ ප්‍රතිමාව
නිර්මාණය කර ඇත.

ඡායාරූපය – ජනක වෙත්තසිංහ

 නවම් පුර අටවක පෝය 

 පෙබරවාරි 13 බදාදා
අපර භාග 10.08 ට ලබයි. 14 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග
07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මී ළඟ පෝය
20 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]