UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්පාර අරන්තලාවේ භික්‍ෂු ඝාතනය පාදක කරගෙන 2006 වසරේ දී මහාභාරකාර දෙපාර්තමේන්තුවේ අදහසක් අනුව කොළඹදී සාමණේර හිමිවරු 31 නමක් සසුන්ගත කෙරිණි. අම්පාර ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙනේ එම හිමිවරු පිරිස පරිවේණාධිපති ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියන්ගේ රැකවරණය යටතේ අකුරු කරති. මහාභාරකාර ජනක බණ්ඩාර මහතාගේ ඉල්ලීමක් අනුව ඉකුත් දා එම හිමිවරු කොළඹ නගරයේ අධ්‍යාපන චාරිකාවක යෙදුණි. මහාභාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී උන්වහන්සේ වෙනුවෙන් උපහාර උළෙලක් ද පැවැත්විණි. අරන්තලා භික්‍ෂු ඝාතනය සමරා සසුන් ගත කළ සාමණේර හිමිවරු 31 නම මහාභාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයට වැඩම කළ අවස්ථාව.
මහරගම විශේෂ, වේහැල්ලේ, පියතිලක

අටමස්ථානාධිපති නා හිමි ප්‍රසාද ප්‍රණාම උළෙල ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී 18 වැනි දා

ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අටමස්ථානාධිපති පදවි ප්‍රාප්ති දස වර්ෂය වෙනුවෙන් පිදෙන ප්‍රසාද ප්‍රණාමය සහ උන්වහන්සේගේ චරිතාපදානය එළිදැක්වීමේ පුණ්‍යේත්සවය ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම මස 18 වැනි දා පෙරවරු 9 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පැවැත්වේ.

ඉතිරිය»

 නවම් පුර අටවක පෝය 

 පෙබරවාරි 13 බදාදා
අපර භාග 10.08 ට ලබයි. 14 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග
07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මී ළඟ පෝය
20 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]