[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුන ඔපවත් කරන අග්ගමහා පණ්ඩිත අකුරටියේ නන්ද නාහිමි

සම්බුදු සසුන ඔපවත් කරන අග්ගමහා පණ්ඩිත අකුරටියේ නන්ද නාහිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අග්ගමහා පණ්ඩිත අකුරටියේ නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹරේ චිරස්ථිතිය වෙනුවෙන් මහ මෙහෙවරක් නිහඬව සලසන සිල්වත්, ගුණවත් ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමක් වෙති.

විද්‍යොදය ආයතනාධිපති ධුරය 1983 සිට 1994 දක්වා දරමින් අකුරටියේ නන්ද හාමුදුරුවෝ මහත් මෙහෙවරක් සැලසූහ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපතීන් වහන්සේ ලෙස ද මහත් මෙහෙවර රැසක් සිදු කළහ. උන්වහන්සේගේ එම මෙහෙවර පිළිබඳ ඉමහත් සතුටට පත්වූ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝසභාව මඟින් කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේට පිරිනැමූහ.

මෙරට සම්බුදු සසුන්කෙත පෝෂණයට සහ ආරක්ෂාවට නිහඬව මහ මෙහෙවරක් සිදුකරන සංඝපීතෘවරයන් වහන්සේ නමක් වන අතර, උන්වහන්සේට ආශිර්වාද සිදු කිරීමේ මහෝත්සවය මෙම මස 14 වැනි දා පස්වරු 2ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ගිහි - පැවිදි සම්භාවනීය ප්‍රභූන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

අග්ගමහා පණ්ඩිත අකුරටියේ නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත තෙරුවන් සරණ ලැබේවා'යි ආශීර්වාද පතමු.

 

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]