[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගලහිටියාව 6 කණුව සුදර්ශනාරාමයේ වැඩ සිටින සෑ රදුන් වහන්සේ (ඡායාරූපය - නිශ්ශංක විජේරත්න)

මැදින් අව අටවක

අප්‍රේල් 01 සඳුදා අ.භා. 09.07
අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08.05 ගෙවේ.
02 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

 

 

 

 

 

 

 

 

 

 

පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා - 2024

“පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා 2024” යන මැයෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉමහත් සේවාවක් සිදු කළ පඬිවරුන් ඇගයීමේ උත්සවයක් කැලණිය විශ්වවිද්‍යාලයීය කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති නාහිමි අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පසු ගිය දින ඉමහත් හරසරින් සිදු විය. එම විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ වර්ෂ ගණනාවක් සේවය කරමින් සිට සේවාර්ජිත කථිකාචාර්යවරුන් මෙන් ම සම්මානිත මහාචාර්යවරුන් ලෙස දැනට ද කටයුතු කරමින් සිටින ගිහි පැවිදි පඬිවරුන් හත් දෙනකුගේ සේවාව මෙහිදී ඇගයුමට ලක් විය. පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන්ගේ මඟපෙන්වීම යටතේ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මානවශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් හා ලේඛකාධිකාරී කේ. කේ. කේ. ධර්මතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල සම්භාවනීය ගිහි පැවිදි පිරිසක් සහභාගී විය. කැලණිය විශ්වවිද්‍යාලයේ වර්තමාන කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, සබරගමු විශ්වවිද්‍යාලයේ වර්තමාන කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි, මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද මාහිමි හා දර්ශනපති පල්ලේගම සමිත හිමිපාණන් වහන්සේ යන පැවිදි පඬිවරුන් මෙන් ම සම්මානිත මහාචාර්ය වයි. කරුණාදාස, සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ හා මහාචාර්ය ආනන්ද විජේරත්න යන ගිහි පඬිවරු ද “පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා 2024” යටතේ මෙවර සම්භාවනාවට පාත්‍රවූහ. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ මුලසුන හෙබවූ මෙම උත්සවයේ දී ඉහත පඬිවරුන් විසින් සහස් ගණන් උගතුන් බිහි කිරීමෙන් ද, ශාස්ත්‍රීය කෘති හා ලිපි ලේඛන සපයමින් මෙන් ම දේශන හා සම්මන්ත්‍රණ පවත්වමින් ද බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට මහඟු සේවාවක් කළ අයුරු එහිදී විශේෂ දේශනයක් පවත්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත ගරුසිංහ මහතා පෙන්වා දුන්හ.

පිරිසුදු සිතින් ම පින් කරන්න

අතීතයේ ලංකා ද්වීපයේ බුදු දහම බොහෝම හොඳින් ව්‍යාප්ත වී තිබුණා. භික්ෂූන් වහන්සේ දීපව්‍යාප්ත ව වැඩ සිටියා. සමහර භික්ෂූන් වහන්සේ මහ කැලෑවල ගල් ලෙන්, කුටි බවට සකස් කර ගෙන ආරණ්‍යවාසී ජීවිතයක් ගත කළා. තවත් පිරිසක් වැඩ සිටියේ ගම්වල ම යි. උන්වහන්සේ සැදැහැති බෞද්ධයන්ට ධර්ම දේශනා කරමින් ආගමික කටයුතුවල නියැළුණා. මේ කාලයේ හිටිය ධනවත් තරුණයෙක් පැවිද්ද ලැබුවා. ග්‍රාමවාසී ජීවිතයට වඩා ආරණ්‍යවාසී ජීවිතය භාවනාවට වඩාත් ම නිදහස් තැනක් බව අවබෝධ කර ගෙන වනගත වුණා. පිණ්ඩපාතය ලබා ගැනීමට අසල ගම්මානයට යාම තෙරුන් වහන්සේගේ පුරුද්දක් බවට ද පත් වුණා. ගමේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම මේ තෙරුන් වහන්සේ කලක් යන කොට හොඳින් හඳුනා ගත්තා. පිණ්ඩපාතයේ වඩින පෙර මඟ බලන් ඉඳලා දන් පිරිනමන්න පටන් ගත්තා. දවසක් තෙරුන් වහන්සේ තුන්යම් රාත්‍රියේ ම භාවනා කරලා පාන්දරින් ම සිවුරු පොරවාගෙන, පාත්‍රය අතැති ව පිණ්ඩපාතයට පිටත් වුණා. ගමත්, ආරණ්‍යත් අතර මාර්ගය දෙපස මිනිස් පදිංචියක් නෑ. තනි පාලු මාවතක්. තෙරුන් වහන්සේ ගමට පිණ්ඩපාතයේ වැඩම කරලා පිණ්ඩපාතයත්, දායකයන් විසින් පූජා කරන ලද පිරිකර ආදියත් අරගෙන යළිත් කුටිය වෙත වැඩම කරමින් සිටියා. ගමේ හිටිය හොරෙක් තෙරුන් වහන්සේට බොහොම රසවත් ආහාරත්, වටිනා පිරිකරත් ලැබුණ බව දැක්කා. කැලෑව මැදින් හෙමින් හෙමින් ඇවිත් පාලු තැනක රැකගෙන හිටියා තෙරුන් වහන්සේ එතැනින් වැඩම කරන තෙක්. එතැනට වඩිනවාත් සමඟ සොරා මාර්ගය මැදට පැනලා පාත්‍රයත්, පිරිකරත් ගත්තා. ඒ විතරක් නෙවෙයි. පොරවගෙන හිටිය සිවුරත්, ඇඳගෙන හිටිය අඳනකඩයත් අරගත්තා. ඒ වේලාවේ මේ තෙරුන් වහන්සේ බියට පත් වුණේ නෑ. කෑගැහුවේ නෑ.


මහ සමුදුර උපමා කරමින් දේශිත සම්බුදු සසුනේ ආශ්චර්යවත් අද්භූත කරුණු

ලොව පහළ වූ විවිධ ඉගැන්වීම් අතර සුවිශේෂී ම ඉගැන්වීමක් ලෙස බෞද්ධ දර්ශනය පෙන්වාදිය හැකියි. එහි තිබෙන සුවිශේෂී කරුණු රාශියක් එක් කර ගනිමින් බොහෝ පිරිසක් බුදුසසුනට කැමැති බව තථාගතයන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ඔබ සෑම කෙනකුම සුර අසුර යුද්ධ පිළිබඳ අසා ඇති’ ඒ අතර සුර දෙවියන්ගේ නායකයා සක්‍ර දේවේන්ද්‍රයායි. සක්දෙවිඳු සෝවාන් වූ කෙනෙක්. ඊට හේතුව කර්මය, කර්ම ඵලය විශ්වාස කරන, පින්පව් විශ්වාස කරන ශ්‍රද්ධා, සීල, සුත ත්‍යාග, ප්‍රඥා වඩා එම තත්ත්වයට පත් වූ කෙනෙක් වීමයි. බොහෝ සම්මා දිට්ඨික දෙවිවරු සක් දෙවිඳුට පක්ෂපාතීව සුර දෙවියන්ගේ කොටසේ සිටී. එම දිව්‍ය ලෝකයේ ගැටුමට බර මිථ්‍යාදෘෂ්ටික මතවාදවලින් යුතු පිරිසක් ද සිටිනවා. ඔවුන් අසුරයන් ලෙස හඳුන්වනවා. සාමාන්‍ය කෙනකුට මෙය විස්තර කිරීමේ දී ඔවුන් කල්පනා කරයි නැටුමට බර, මිථ්‍යා මතධාරින් දෙවියන් අතරත් සිටිනවා ද යනුවෙන්. එසේ ඔවුන් දිව්‍ය ලෝකයේ ඉපදුණේ කෙසේද කියලා හිතෙන්න පුළුවන්. නමුත් මතක තබාගත යුතු කරුණ නම් බොහෝ පිරිසක් එනම් බෞද්ධ, අබෞද්ධ යන සෑම කෙනකුම දන් දීම, ගුණදම් පිරීම හා යහපත් වැඩ සිදු කරනවා. නමුත් මෙහි ඇති වෙනස නම් බොහෝ අබෞද්ධ, අන්‍යාගමික පිරිස් යහපත් කටයුතු සිදු කළාට ඔවුන් නිවන පිළිබඳ හෝ ධර්මය පිළිබඳ සම්බෝධයන් නොමැති වීමයි. එම කටයුතු සිදු කරයි. එවැනි පින් බලවත් වී බොහෝ පිරිස් දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබනවා. ඔවුන් බොහෝ වෙලාවට මෙකී අසුර පිරිස්වල ඉපදෙනවා. එවැනි අසුර නායකයකු වන පහාරාද අසුර නායකතුමා සමඟ සිදු කළ සාකච්ඡාවක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ‘පහාරාද සූත්‍රය” තුළ අන්තර්ගතයි.

 

ජීවිතයේ දියුණුව ධර්මානුකූල වන තරමටයි

පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ සාරජ්ජං ධක්ඛන්තෝ හෝති... අංගුත්තර නිකායේ උපාසක වර්ගයට අයත් සාරජ්ජ සූත්‍රයේ දැක්වෙන ඉතාම වැදගත් කරුණක් මෙහි විස්තර කෙරේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව “මහණෙනි යම් උපාසකයෙක් හෝ උපාසිකාවක් මා කියන මේ කරුණු පහ ආරක්ෂා කරන්නේ නැති නම්, කඩ කරන්නේ නම් ඒ පුද්ගලයා සාරද්‍ය බවට පත්වේ. බියට පත්වේ. එම කරුණු 5 නම්, පරපණ නැසීම, හොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, රහමෙර පානය නම් වේ. යමෙක් මේ කරුණු පහට බිය ව ඉන් මිදී කටයුතු කරන්නේ නම්, ඔහු විශාරද බවට පත් වේ. පි‍්‍ර‍්‍රයජනක වේ. මෙලොව පරලොව දෙලොව දිනනු ලබයි. බුදුදහමට අනුව යහපත් චර්යාධර්ම පුද්ගලයකුගේ කායික, වාචික සංවරයට ප්‍රධාන කරුණකි.මනුස්ස ජීවිතය ගොඩනඟා ගන්න ශීලය නමැති අත්තිවාරම ශක්තිමත් විය යුතු ය. සංවරකම කියන්නේ හැදිච්චකමයි. කය වචනය හැදුවොත් ජීවිතය හැදුවා වෙයි. ඒ වගේමයි භාවනාව තුළින් සිත සංවර වේ. විමුක්ති මාර්ගයට පිවිසෙන පුද්ගලයා තුළ මූලික ව තිබිය යුතු කරුණ වන්නේ සිත, කය, වචනය සංවරයයි. එය මෙලොව පරලොව සුඛය පිණිසත්, ලෞකික ලෝකෝත්තර සැපය පිණිසත් හේතු වේ. මිනිසාගේ දියුණුව මනින මිණුම් දණ්ඩ ආර්ථිකය යි යන අදහස අපේ මනස තුළ කිඳාබැස ගෙන තිබේ. ලෝකයේ දියුණුූ යැයි සම්මත රටවල ලෞකික දියුණුව බලාපොරොත්තුවෙන් වේගවත් ආර්ථික සංවර්ධනයක් ඔස්සේ විවිධ ක්‍රම භාවිත කරමින් විවෘත ව හා සංවෘත ව රට රටවල් යටපත් කරගෙන විවිධ ක්‍රම භාවිත කරයි. ඒවායේ ගොදුරු බවට දැන හෝ නොදැන හෝපුද්ගල වශයෙන් හෝ පිරිස් වශයෙන් හෝ හසුවී තිබේ. ඉතා වටිනා ශ්‍රේෂ්ඨ දර්ශනයක් සහිත බෞද්ධ පරිසරයක් තුළ ජීවත් වෙන අපට එදා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්ම මාර්ගය තුළ මිනිසා බලාපොරොත්තු වන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික දියුණුවට...

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 


























 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]