[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ලෝ සත නිවා සැනසූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය

මානව වංශ කතාවේ අති විශිෂ්ටතම චරිතාපදාන අතර, ගෞතම බුදුරජාණන් වහන්සේට හිමිවන ස්ථානය අතිශයින් සුවිශේෂී ය. බුදුරජාණන් වහන්සේට සම කළ හැකි කිසිවකු අපට මෙතුවක් මානව ඉතිහාසය තුළ හමුව නැති බව සැබැවින්ම අවිවාද සහිත යි. ඒ අනුව බුදුරජාණන් වහන්සේට සම කළ හැකි වන්නන්ගෙන් උපමා කළ හැකි වන්නේ බුදුරජාණන් වහන්සේ කෙනකුට ම පමණි. අග්‍රගණ්‍ය වූ, අසමසම වූ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වටිනාකම් සමුදායකින් සමලංකෘත නිසා බුදුරජාණන් වහන්සේ මෙලෙස උත්තරීතර උදාරතර මහනීය හා පූජනීය බවින් උපලක්ෂිතව විරාජමාන වන බව හෘදයාංගමව පැවසිය යුතුව තිබේ. බුදුරජාණන් වහන්සේ කවර කෝණයකින් බැලුව ද වචනයෙන් විස්තර කළ නොහැකි උදාරත්වයකින් යුක්ත බව හා වටිනාකමකින් අනූන බව, ශ්‍රේෂ්ඨත්වයකින් පරිපූර්ණ බව එකහෙළා පැහැදිලි වන්නේ ය. කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, විනයෙන්, ගුණයෙන්, නුවණින්, ප්‍රඥාවෙන්, පෞරුෂයෙන්,කුසලතාවෙන් ආදී සියලු අංශවලින් බුදුපියාණන් වහන්සේ පරමාදර්ශී චරිත ලක්ෂණයන්ගේ සැබෑ ප්‍රතිමූර්තිය වේ. ආත්මාර්ථකාමී ගොහොර මඩේ එරී අන්තවාදි, අකාරුණික, කුහකත්වයෙන්, චපලත්වයෙන් හා කූරත්වයෙන් පෙළෙන , සැලෙන, වෙළෙන, ලෝකයක එකී පවිටු කුරිරු ආකල්ප, ආදර්ශ, අදහස්, ගතිගුණ හැර දාම, බිඳ දමා, පරමෝදාර මනුෂ්‍යත්වයේ ආශ්වාදය ස්පර්ශ කරමින් පරාර්ථකාමිත්වයේ පරම නිෂ්ඨාව කරා ගමන් කිරීම නිසා මිනිස් සන්තානයේ හා හදවතේ ජනිත මහා කරුණාවේ, මහා දයාවේ හා මෛත්‍රියේ විශිෂ්ටත්වය තුළින් සුපෝෂිතව, පූර්ණත්වයට පත්ව බුද්ධත්වයේ පරම රමණීය සාර ගුණයෙන් ඔකඳවත්වීම සිදුවිය. අත්‍යන්ත ගුණ සහිත පූජනීයත්වයට හෙවත් බුද්ධත්වයට පත් වූ නිසා සිදුහත් ගෞතමයන් වහන්සේ මානව ඉතිහාසයේ උත්තරීතරය බුදුරජාණන් වහන්සේ එසේ පහළවන්නේ හා බිහිවුණේ හදවත පුරා පැන නැඟුන පිවිතුරු, ලොව්තුරු මහා කරුණාව නිසාම බව හා මෛත්‍රී දයාපරවශ නිසා ම බව දස දහස්වර සපථ කරමින් ප්‍රබෝධාත්මකව ඒකාන්තයෙන් ම ප්‍රකාශ කළ හැකි ය.


පොසොන් අව අටවක

ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.07 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.10 න් ගෙවේ.
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]