[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරයේ පෝදා වැඩසටහන

පෙ.ව. 06.00 - 07.00 සීල සමාදානය හා උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 08.00 - 09.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 09.00 - 10.00 ධර්ම දේශනාව කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 බුද්ධ පූජාව ගොඩපොල නන්ද හිමි, ප.ව. 02.00 - 03.00 වෛද්‍ය දේශනය 03.00 - 04.00 ධර්ම දේශනාව කරවිලකොටුවේ ධම්මතිලක හිමි, 04.00 - 05.00 ධර්ම දේශනාව කොබ්බෑවල මේධංකර හිමි, 05.00 - 06.00 භාවනා කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 06.00 - 07.00 ගිලන්පස බුද්ධ පූජාව දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය - තරුණ ශීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව කුඹුකසිරි වජිරඤාණ ධර්මනිකේතනාධිපති ගල්කිස්සේ සෝමානන්ද හිමි. 8.00 - 9.00 භාවනාව කොත්මලේ ඤාණවංස හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත නීතියගම චන්දිම හිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව රාජකීය පණ්ඩිත කන්දේගෙදර සෝභිත හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම ආචාර්ය චමිල ලියනගේ මහතා, 3.00 - 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 4.15 - 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි නාහිමි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි ශීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී අමුණුමුල්ලේ ජිනවංස නාහිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පාණදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව බදුල්ලේ සුනීත හිමි, පමුණුවිල නන්ද විමල හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ තලංගල්ලේ ධම්මරතන හිමි, බණ්ඩාරගම ධම්මවිජය හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති පණ්ඩිත ගොම්බද්දල දමිත හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, 5.00 - 6.00 ධම්ම පදය ශාස්ත්‍රවේදී පූජාපිටිය සන්තුසිත හිමි, 6.00 - 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 05.30 අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූ මහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා ප්‍රණීත ක්ෂීරපායාස පූජාව, පෙරවරු 6.00 - 7.00 ශීල සමාදානය සහ සම්බුද්ධ පූජාව, 8.00 - 9.00 ධර්ම දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 10.00 - 11.00 ධර්ම දේශනාව වතුරුවිල සිරි සුජාත හිමි, 11.00 සම්බුද්ධ පූජාව, 12.30 - 1.30 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 1.30 - 2.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, 4.00 - 5.00 ධර්ම දේශනය තලගල ධම්මගවේෂී හිමි, 6.00 අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූමහා ශ්‍රාවකයන් වහන්සේ උදෙසා පවත්වන ගිලන්පස පූජාව.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රනීත කිරි ආහාර පාත්‍ර 32ක් පූජා කිරීම, 5.30ට පින්වතුන් අෂ්ටාංග උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව, උදෑසන 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 7.45 සිට 8.45 දක්වා ධර්ම දේශනාව, ගෞරව ශාස්ත්‍රවේදී මාදූවේ කොලිත හිමි, 9.00 සිට 10.45 දක්වා ධර්ම සාකච්ඡාව, මහාචාර්ය අශෝක පි‍්‍රයදර්ශන මහතා, ධර්මාචාර්ය කේ.එච්.ඒ.ආර්. කුමාරසිංහ මහතා, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද මහතා ඇතුළු වියතුන්, 10.45 ට වෑංජන, පලතුරු, කැවිලි වර්ග 32 ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා මුරුතැන් බුද්ධ පූජා පූජා කිරීම, පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 01.15 සිට 02.15 දක්වා කාව්‍ය ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී ගල්වලයායේ සුගතරංසි හිමි, 2.45 සිට 3.45 දක්වා විශේෂ ධර්ම සාකච්ඡාව, වෛද්‍ය, කීර්ති බණ්ඩාර රත්නායක මහතා, 3.45 සිට 4.45 දක්වා ධර්ම දේශනාව, ශාස්ත්‍රවේදී ඇල්ලේවල ඉන්ද්‍රජෝති හිමි, 5.30 ට අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම පැවැත්වේ.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනය හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 2.00 - 3.30 ධර්ම දේශනය මඬිහේ සුගතසිරි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය ඉද්දමල්ගොඩ වජිරඤාණ හිමි.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

පෙරවරු 8.30ට ධර්ම දේශනාව බේරුවල මග්ගොන ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති කොබවක ධම්මසීවලී හිමි, 10.00ට සදහම් වන්දනාව හා දහවල සම්බුද්ධ පූජාව ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, පස්වරු 1.30ට භාවනාව වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, 3.30ට උපදේශන වැඩසටහන පේමරතන ගමගේ මහතා, සවස 6.00 ගිලන්පස බුද්ධ පූජාව වීරියගම අනුරුද්ධ හිමි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]