[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

තමන්ගේ කැමැත්ත සියල්ලන්ගේ කැමැත්ත නොවේ

කෙනකුට අයහපතක්,අගතියක් කොට තවත් කෙනකුට ආශිර්වාදයක් ලැබිය නොහැකි සම්බුදු දහමේ අගතින් සතරක් ගැන කියැවේ. එම අගතීන්ගෙන් යුක්ත වීම සාමය, සමගිය, සහජීවනයට මහත් බාධාවකි. එකිනෙකා සමඟ නිදහසේ ජීවත්වීම හා දේපළ රැකගනිමින් කටයුතු කිරීම උදෙසා සතර අගතියෙන් ඉවත්ව ක්‍රියා කළ යුතුව ඇත. ඡන්දය, ද්වේෂය, භය, මෝහය යනු එම අගතීන් ය. ඡන්දය නම් කැමැත්තෙන් අගතියට යාම ය. ද්වේෂය යනු තරහෙන් අගතියට යාම ය. භය නම් වරප්‍රසාද නැති වේ යැයි භයෙන් අගතිගාමී වීම ය. මෝහය නම් මෝහයෙන් අගතිගාමී වීම ය. කෙනෙක් අගතිගාමී වන්නේ යම් ප්‍රතිලාභයක් වෙනුවෙනි. අගතිගාමී වීම තුළ ඇතැම් විට ක්ෂණික ලාභ ලැබිය හැකි වේ. එහෙත් දෙලොව අයහපත ඇති කරවීමට මෙය ඉවහල් වේ. එය නතර කළ නොහැකි ය. අගතිගාමී වීම නිසා ඇතිවන ප්‍රධාන පාඩුව, අලාභය වන්නේ පැවැත්මට හා පෞරුෂයට යි. ඡන්දා දෝසා භයා මෝහා - යෝ ධම්මං නාතිවත්තතී - ආපුරති තස්ස යසෝ - සුක්කපක්ඛේව චන්දිමා, ඡන්දය, ද්වේෂය, භය, මෝහය නිසා යමකු ධර්මය ඉක්මවා කටයුතු නොකරයි ද, ඔහුගේ කීර්තිය පුර පක්ෂයේ සඳ මෙන් බැබළීමට පත් වේ. කුමන ආගමක් විශ්වාස කළ ද, මෙම ධර්මතාව හැමෝට ම පොදු ය. පක්ෂ, පාට, ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියල්ලෝ ම යහපත් සාමකාමි දිවියක් ගත කිරීමට කැමැති වෙති. එහෙයින් ඉහත දක්වන ලද සතර අගතියෙන් වෙන් ව කටයුතු කිරීම දෙලොවට ම මහත් ලාභයකි.


නවම් පුර අටවක

ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා
29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]