[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ඡත්තමානවක ගාථා

ඡත්තමානවක ගාථා

යෝ වදතං පවරො මනුයේසු
සක්‍යමුනි භගවා කත කිච්චො
පාරගතො බල විරිය සමංගි
තං සුගතං සරණත්ථමුපෙමි

ඒ ශාක්‍ය මුනි භාග්‍යවතුන් වහන්සේ ලෝ සතුන් අතුරෙහි ධර්මවාදීනට අග්‍ර වූ සේක. (උන්වහන්සේ) නිවන් සඳහා කළ යුතු සියල්ල ම නිම කරවා වදාළ සේක. සසර සයුරෙහි පරතෙරට ම පැමිණි සේක. කාය බලයෙන්,ඤාණ බලයෙන් හා වීර්යයෙන් යුක්ත වූ සේක. මම ඒ සුගතයන් වහන්සේ සරණ යමි.

රාග විරාග මනේජ මසෝකං
ධම්මම සංකත මප්පටිකූලං
මධුරමි මං පගුණං සුවි භත්තං
ධම්මමි මං සරණත්ථ මුපෙමි

රාගය නැති කිරීම සඳහාත්, තෘෂ්ණාව ක්ෂය කිරීම සඳහාත්, ශෝක රහිත වීම සඳහාත් අසංඛත ධර්මය( නිවන) ලබා ගැනීම සඳහාත් (සතර මඟ සතර ඵල හා නිර්වාණය යන නව ලොව්තුරා ධර්මය ලබා දෙන්නා වූ) මිහිරි ලෙසත් සියුම් ලෙසත් මනාව බෙදා දේශනා කරන ලද්දා වූ මේ උතුම් ධර්මය මම සරණ කොට යමි.

යත්ථච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසු පුරිස යුගේසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසා තෙ
සංඝ මිමං සරණත්ථ මුපෙමි

යම් කෙනකුට දෙන ලද්දා වූ දානය මහත්ඵල වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක් ද, මේ ශාසනයෙහි එබඳු පිරිසුදු පුරුෂ පුද්ගලයෝ සතරෙක් වෙති. ධර්ම අවබෝධ කර ගන්නා වූ එකී අට වැදෑරුම් ආර්ය මහා සංඝ රත්නය මම සරණ කොට යමි.

ඛු:නි: මහා රථ වග්ගයෙහි ඡත්ත මානවක විමාන වත්ථු

නවම් පුර අටවක

ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා
29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]