[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

හිතේ හැටියට නොව කුසේ තරමට පිළිගන්න

දුටුගැමුණු මහ රජතුමාට සද්ධාතිස්ස කියලා සහෝදරයෙක් හිටිය බව බෞද්ධ හැමෝම දන්නවා. තිස්ස තමයි නාමය. ඒ වුණත් අසීමිත ශ්‍රද්ධාවක් තිබුණ නිසා කවුරුත් මේ රජතුමා හැඳින්වූයේ ‘සද්ධාතිස්ස’ කියලා. පින්කම් කරන්න හරිම කැමතියි. තමන්ගේ දහදිය වගුරුවා පින්කම් කරන්නත් දැක්වූයේ අසීමිත කැමැත්තක්. දවසක් රජතුමාට වෙළෙඳ නඩයකින් උක් හකුරු ගැල් පන්සියයක් ලැබුණා. වෙළෙන්දන්ට බොහෝ ස්තූති ප්‍රශංසා කළා. තෑගි බෝග ආදියත් දී සතුටු කර ගම් බිම් බලා පිටත් කළා. සවස් සමයේ ලැබුණ නිසා රාජාංගනයේ ගැල් පන්සියය ම නවතා තබා, රාජපුරුෂයන්ට පැවරුවා ඒවා ආරක්ෂා කරන්න. රජ අණ පිළිපදින ඒ පිරිසත් පහන් වනතුරු තම දෙඇස් මෙන් ආරක්ෂා කළා. පසුදා උදෑසන රජතුමා බැහැදැකීමට ගිය රාජ පුරුෂයෙක් රජු අමතලා ‘පින්වත් මහරජතුමනි, උක්සකුරු ගැල් පන්සියය ම හොඳින් ආරක්ෂා කළා. දැන් අපි කුමක් කුමක් කළ යුතුදැයි විමසා සිටියා. එවිට රජතුමා රාජ පුරුෂයා අමතලා ‘එම්බා රාජ පුරුෂය, තොප හොඳින්ම දන්නවා. මගේ ජීවිත කාලයට ම එකදු අවස්ථාවක දී වත් මට ලැබුණ දෙයක් සංඝයාට නො දී අනුභව නො කළ බව. මගේ අයියණ්ඩිත් එහෙමයි කියලා ඔබලා හැමෝම දන්නවා. ඉතිං එහෙනම් දැන් කුමක් කළ යුතු දැයි ඔබම කියන්න’යි රජතුමා රාජපුරුෂයාගෙන් විමසුවා. ‘පින්වත් රජතුමනි, එසේ නම් දැන් කළ යුතු වන්නේ සංඝයා වහන්සේට කොටසක් පූජා කිරීමයි’ යි කියා පිළිතුරු දුන්නා. ‘රාජපුරුෂය, ඔබට සියල්ල වැටහුණා. දැන් තියෙන්නේ ලැබුණ උක් සකුරුවලින් කොටසක් සංඝයා වහන්සේට පූජා කිරීමයි. ගැල් පන්සියයක් තියන නිසා එයින් දෙසිය පනහක් ම මහා විහාරයේ වැඩ සිටින මහා සංඝයාගේ ප්‍රයෝජනය පිණිස අරගෙන යන්න. මම උදේ ආහාර ගත් වහාම විහාරයට පැමිණෙන්නම්’යි කියා කළ යුතු කටයුතු නියම කර රාජ පුරුෂයා පිටත් කර හැරියා. රජතුමා තමාගේ කුසේ පමණට රාජ භෝජන අනුභව කළා.


උඳුවප් අමාවක පෝය

 දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා අ.භා. 07.11 අමාවක ලබා 23 සිකුරාදා අ.භා. 03.46 ගෙවේ.
 23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]