[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ජීවිතයක් වෙනස් කළ හැකි සද්ධර්ම දානය

ප්‍රත්‍යුපකාර වශයෙන් කිසිවක් අපේක්ෂා නො කරමින්, ස්වාධීන ලෙස පරිත්‍යාගශීලිව අනුනට දෙන දෙය සැබෑ දානයකි.  සැබෑ දානයේ හරය නම් දෙන දෙය වෙනුවෙන් ආපසු යමක් අපේක්ෂා නොකර දීම ය. කිසියම් පුද්ගලයකු ත්‍යාග වශයෙන් දෙන දෙයින් ප්‍රතිචාර වශයෙන් කිසියම් ප්‍රතිලාභයක් ඇතිවෙති'යි අපේක්ෂා කරන්නේ නම්, ඔහු විසින් දෙන ලද්දේ දානයක් නොව භාණ්ඩ හුවමාරුවකි. ත්‍යාගශීලි තැනැත්තා අනුන් තමාට කිසිසේත් ණය ගැති නොවෙයි. නැතහොත් ත්‍යාග මඟින් යමෙකු පාලනය කිරීමක් අදහස් නො කරයි. කුමක් නිසාද යත්, බොහෝ අය අකෘතඥ නො වන අතර, අමතක කරන්නන් විය හැකි බැවිනි. සත්‍ය වූ දානමය ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවකි. එයට බැඳීම් ඇමිනී නැත. දෙන්නා හා ලබන්නා ද ස්වාධීන වෙති. සෑම ආගමක් ම දානය මහත් සේ අගය යි. යැපීමට තරම් ධනය ඇත්තෝ අනුන් ගැන ද සිතිය යුත්තා හ. තම ත්‍යාගශිලි භාවය සුදුසු අය වෙත යොමුවිය යුතු ය. දන් දෙන්නන් අතර සිටින සමහරු දන් දෙන්නේ තම සමය, වර්ගය වෙත හරවා ගැනීමට ය. එවන් ක්‍රියාවල යටි අදහස තම ආගමට හරවා ගැනීම බැවින් එය සැබෑ දානය ලෙස නම් කළ නො හැකි ය. එය නම් අල්ලසකි. දානය පිළිබඳ බෞද්ධ මතය නම් දානය නමැති ක්‍රියාවෙන් ආධ්‍යාත්මික ප්‍රගතියට බාධක වු පෞද්ගලික ලෝභය ඇති කරන අහිතකර චේතනාවන් අඩු කිරීමයි. ආධ්‍යාත්මික ප්‍රගතිය වෙත ගමන් කරන්නා ආත්ම ලාභය අඩු කර ගත යුතු අතර, වැඩි වැඩියෙන් පින් රැස් කිරීමේ ශක්තිමත් අධිෂ්ඨානය වර්ධනය කළ යුතු ය. ඔහුගේ දේපළ හා ඇති වූ බලවත් බැඳීම් ලිහා දැමිය යුතු ය. ඔහු අධිෂ්ඨාන සහගත නොවුවහොත් ලෝභයට වහලකු විය හැකි ය. තමාට අයත් හා තිබෙන දෑ අනුන් ගේ සතුට හා ප්‍රතිලාභය සඳහා තෝරා ගත යුතු ය. දීමේ දි යම්කිසි පුද්ගලයකු විසින් කරනු ලබන ක්‍රියා ශරීරික වීම ප්‍රමාණවත් නොවේ. තම සිත ද ඒ සඳහා යොදා ගත යුතු ය. සෑම ක්‍රියාවකින් ම සොම්නස ලැබිය යුතු ය. ත්‍යාගයක් හා සාමාන්‍ය දීමනාවක් හා දානය අතර විශේෂත්වයක් දැක්විය හැකි ය.


උඳුවප් අමාවක පෝය

 දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා අ.භා. 07.11 අමාවක ලබා 23 සිකුරාදා අ.භා. 03.46 ගෙවේ.
 23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]