[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙදීමේ නිස්සාරත්වය

බෙදීමේ නිස්සාරත්වය

බුදුන් වහන්සේ මිහිපිට උපන් ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ ය. උන්වහන්සේ හා සමවන්නකු නැත. සමවන්නේ තවත් බුදුකෙනකුම ය. ශාන්ති නායකයාණන් වහන්සේ. ලෝක නායක, අසමසම, සම්මා සම්බුද්ධ යන පර්යාය පද බුදුන් වහන්සේ හැඳින්වීම සඳහා භාවිත වන අතර, ඒ සෑම පදයක් තුළින් ම ප්‍රකට වන්නේ බුදුරජාණන් වහනසේ සතුව පැවති විශිෂ්ට නායකත්ව ලක්ෂණයන් ය.

සුභවාදී දැකීම නායකයාගේ ප්‍රමුඛ කාර්යයකි. බුදුන් වහන්සේ හැසිර වූ සෑම සංවාදයක් තුළ ම සුබවාදී බව ප්‍රකට වේ. සච්චක, අම්බට්ඨ, අස්සලායන, උපාලි, අභයරාජ, සුබ මානවක, වාසෙට්ඨ, භාරද්වාජ සමඟ කළ සංවාද මෙයට උදාහරණ වේ.

නායකයකු සතු ගුණාංගයක් වන ධර්ම කථිකත්වය ප්‍රකට වූ අවස්ථාවන් ලෙස ඉහත අවස්ථා පෙන්වා දිය හැකි ය. සැකයක් කිවහොත් වහාම පවසා සැකය දුරු කර ගන්නා ලෙස ප්‍රකාශ කිරීම බහුශ්‍රැතත්වය වේ. එය ද බුදුන් වහන්සේ සතු ප්‍රකට ගුණයකි.

බුදුන් වහන්සේ ජනමතයට මූලිකත්වය ලබා දුන්හ.

භික්ෂුවට වර්ෂා කාලයේ දී වස් විසීමට අනුදැන වදාළහ.

ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම මත භික්ෂූන් වහන්සේට අතිරේක චීවරය පිළිගැනීමට අවසර ලබා දුන්හ.

විශාකා මහ උපාසිකාවගේ ඉල්ලීම මත වැසිසළු, ගිලන් බෙහෙත්, ආගන්තුක බත් අනුදැන වැදෑරීම, බිම්බිසාර රජුගේ ඉල්ලීම මත ගල්ගුහා රුක්මුල්හි දුක සේ කාලය ගෙවූ භික්ෂූන්ගේ පහසුව සඳහා ආරාම පිළිගැනීමට අවසර ලබාදීම, බිම්බිසාර රජුගේ ඉල්ලීම මත රාජ භටයන් පැවිදි කර ගැනීමේ දී රජුගෙන් විමසිය යුතු ය යන ප්‍රඥප්තිය ඇති කළහ.

සත් ගුණවත් පැවැත්මෙන් නිරතුරු පිරිස සතුටු කිරීම සඳහා ජීවිතය කැප කිරීම යහපත් ලක්ෂණයකි. බුදුදහමට අනුව එය නිවැරැදි නායකත්වයයි. කූටදන්ත සූත්‍රයෙහි නිවැරැදි නායකත්වය අංග 8කින් යුතු බව ඉහතින් දක්වන ලදී.

බහුශ්‍රැත අයකු විය යුතු ය, කාරණා අවබෝධ මැනවින් දත් අයකු විය යුතු ය. බුද්ධිමත් විය යුතු ය. ගුණයෙන් හා නුවණින් යුතුවිය යුතු ය. ලෞකික ජන සමාජයෙහි නායකයා මෙවැනි කාරණාවලින් සමලංකෘත නායකයෙකි.

බුදුහිමියන්ගේ නායකත්වයේ විශිෂ්ට ලක්ෂණයන් අතර සමාජය විසින් පිළිගැනුණු හීන, මධ්‍යම, උත්තම සම්මත කුලවාදී ජාතිවාදි සාධකයක් සැලකිල්ලට නොගෙන සුදුස්සාට සුදුසු තැන දීම පැහැදිලිව ම දක්නට ලැබේ.

මිනිසා කුලමල ජාති වශයෙන් බෙදීමේ නිස්සාරත්වය පෙන්වාදෙන බුදුරදුන් මිනිස් සංහතියේ ඒකීයත්වය පෙන්වා දෙන ලදී.

නායකයා මනා කළමණාකරුවෙකි. ඔහු අන්තගාමියකු නොවිය යුතු ය. සිතා බලා විමසා කටයුතු කිරීමේ ප්‍රබල හැකියාවක් නායකයා සතු විය යුතු ය. කියන දේ කරන කරන, දේ කියන උදාර ලක්ෂණ නායකත්වය තුළ පැවතිය යුතු ය. මනා පෞරුෂයක් හිමිවීම ද මහා නායකයකු බව නිගමනය කළ හැකි කාරණාවකි.

උඳුවප් අමාවක පෝය

 දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා අ.භා. 07.11 අමාවක ලබා 23 සිකුරාදා අ.භා. 03.46 ගෙවේ.
 23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]