[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිලොවග හිමි

තිලොවග හිමි

තිලොවට තිලක හිමි පළමුව වස් විසුයේ
සත්ගුණ විහිදුවමින් බරණැස පුර මිගදායේ
දෙසුවා දහම් මැදි මඟකින් ලෝ සත වෙත නිසි සේ
හෙළි කළ සේක සදහම් ආලෝකය වෙසෙසේ

දෙක තුන සිව් වසර මුනිඳු වේළුවනේ වස් විසුවා
සැඩොල් දරුවො දෙදෙන සමඟ කාටත් පිළිසරණ වුණා
කෝලිත උපතිස්ස කෙලෙසුන් සිඳුමෙන් පෙරුමන් පිරුවා
මුගලන් සැරියුත් නාමෙන් සම්බුදු සසුනෙහි අගසව් වූවා

හත්වැනි වස තව්තිසාවේ දෙව් ඇරයුම පිළිගන්නේ
මෙත් බෝසත් විවරණ දී මව් දෙව් නිවනට යොමු කරවන්නේ
අට වැනි වස සුංසුමාර භේසකලා වනේ වැඩ ඉන්නේ
බෝධිරාජ පුණ්ණ කුමරුන් හට බණ දෙසමින්නේ

නව වැනි වස කොසැබෑ නුවර ඝෝෂිතාරාමේ විසුයේ
භද්දවග්ගි කළහ සඟුන් සමඟියටයි දම් දෙසුවේ
සහවැනි වස පාරිලෙය්‍ය වනේ සමිඳු ගත කෙරුවේ
උවටැන් කළ ඇතා වඳුරා දෙව්ලොව සිරි බැලුවේ

තුදුස් වසේ දෙව්රම් පුර ජේතවනේ දම් දෙසමින්නේ
පේෂකාර දූ පැනයෙන් නිවන් මඟ පහදන ගුණ අසමින්නේ
අට කරුණක් මත අනඳ තෙරුන් හට උවටැන් පදවි ලබන්නේ
නැමද ලොව්තුරු මඟ සදහම් රස බැති බරට ගොනු කරන්නේ

තුන් චේතිය අනු දැනුවා අඟුල් මල්ට සරණ වුණා
පටාචාරා - සුන්දරීට කිසාට දම් රස බෙදුනා
දෙව්රම් වෙහෙරින් පූර්වාරාමෙන් සව් ලෝ සත සෙත සැදුණා
විසිඑක් වසරේ සිට සිව් සාළිස් තෙක් සැවැතෙහි හිමි වැඩ උන්නා

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]