[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරය

ත්‍රිකුණාමලය, මොරවැව, ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථානයේ කඨින පින්කම නොවැම්බර් මස 5, 6 දිනයන්හි පැවැත්වේ. 5 දින සවස 6.00 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහිත බෝධි පූජාව, පසුදින අලුයම කඨින චීවරය රැගත් පෙරහර පිටත් වී විහාරස්ථානයට ළඟාවීම, දහවල කඨින චීවරය සඟසතු කිරීම සහ සාංඝීක දානය අරුග්ගොඩ විමලරතන හිමියන්ගේ අනුශාසනා මත පැවැත්වේ.

තල්පිටිය ශ්‍රී දළදා පුරාණ විහාරය

දකුණු තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ මහා විහාරයේ වාර්ෂික කඨින පූජා පින්කම මෙම මස 16 වැනි දා පැවැත්වේ. අලුයම 3.00 ට කඨින වස්ත්‍රය රැගත් පෙරහර වීථි සංචාරය කර මෙදින අලුයම 5.30 ට විහාරස්ථානයට පැමිණෙන අතර විහාරාධිපති පානදුර තොටමුණබද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවේණාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

තල්පිටියේ ඩබ්.එම්.එන්.වී. විජේනායක, (වාද්දුව සංචාරක)

බෝධිරාජ මහා විහාරය

උතුරු තල්පිටියේ බෝධිරාජ මහා විහාරයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින පූජෝත්සවය මෙම මස 16 වැනි දා පැවැත්වේ. කඨින පෙරහර අලුයම 3.00 ට පිටත් වී 5.30 විහාරස්ථානයට ළඟාවීමට නියමිත ය. මෙදින මෙම පූජෝත්සවය තල්පිටිය බෝධිරාජ මහා විහාරයේ විහාරාධිපති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අග්ගමහා පණ්ඩිත කොටපිටියේ රාහුල අනු නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ඥාණතිලක හිමියන්ගේ සංවිධානයෙන් දවස පුරා පැවැත්වේ.

වාද්දුව සංචාරක

විපස්සනා භාවනා මධ්‍යස්ථානය

උතුරු තල්පිටිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින පූජා මහෝත්සවය මෙම මස 15 වැනි දා පැවැත්වේ. මෙදින අලුයම 3.00 ට කඨින වස්ත්‍රය රැගත් මහා පෙරහර වීථි සංචාරය කර අලුයම 05.30 විහාරස්ථානය කරා ළඟාවීමට නියමිත ය.

විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති හැඬිගල්ලේ වජිර නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මහා පින්කම සිදුකෙරේ.

වාද්දුව සංචාරක

මුදලින්දාරාමය

වාද්දුව දකුණු තල්පිටිය මුදලින්දාරාම මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින පූජා මහා පින්කම මෙම මස 22 වැනි දින පැවැත්වේ. එදින පෙරවරු 3.30 කඨින වස්ත්‍රය රැගත් පෙරහර පිටත්වී වීථි සංචාරය කර පෙරවරු. 5.30 විහාරස්ථානයට ළඟාවීමට නියමිත ය. මෙදින දවස පුරා කඨින පූජා පින්කම් පැවැත්වේ.

වාද්දූව සංචාරක

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය

විහාරාධිපති ඇඹිලිපිටියේ රතනජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ කඨින පින්කම සහ ඊට සමගාමීව ගැටමාන්නේ හේමාලෝක නා හිමියන්ගේ හයවන වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම් මාලාව ද පැවැත්වේ.

මේ මස 27, 28, 29 සවස 07.00 ධර්ම දේශනා මාලාව දියතලාවේ පියදස්සි හිමි, ගොම්බද්දල දමිත හිමි, මස්සැන්නේ විජිත හිමිවරුන් විසින් පවත්වනු ලැබේ. 30 වැනි දා රාත්‍රී 6.30 බෝධි පූජාව පුලිකණ්ඩිකුලමේ රතනසිරි හිමියන් විසිනි. එදින රාත්‍රී 8.00 පිරිත් දේශනය ආරම්භ වන අතර 31 වැනි දා අලුයම 5.30 ට කඨින චීවරය විහාරස්ථානයට වැඩම කෙරේ. කඨිනානිසංස ධර්ම දේශනය දර්ශනපති පුස්සැල්ලායායේ චන්දිම හිමියන් විසින් පැවැත්වීමට නියමිත ය.

සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමීව පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මේ මස 21 සිට නොවැම්බර් 03 වන දින දක්වා දිනපතා රාත්‍රී 7.00 ට පැවැත්වේ. සියඹලාගොඩ ධම්මින්ද හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, කැලණියේ අජිත හිමි, ගබ්බෙල වජිර හිමි, බොරැල්ලේ කෝවිද හිමි, අගලකඩ සිරිසුමන හිමි, හසලක සීලවිමල හිමි, හිඟුරේ පඤ්ඤාසේකර හිමි, මාවතගම පේමානන්ද හිමි, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, පදලංගල ධම්මදේව හිමි, ඇත්කඳුරේ සුමනසාර හිමි, මහඔය අනුරුද්ධ හිමි, මස්සැන්නේ විජිත හිමි යන හිමිවරුන්ගේ ධර්ම දේශනා ඇතුළත් වේ. නොවැම්බර් 04 වන දින කඨින චීවර පෙරහර සවස 2.00 ට වීථි සංචාරය ආරම්භ කරන අතර, නොවැම්බර් 5 උදෑසන කඨින චීවර පූජාව, දහවල 50 නමක් විෂයයෙහි සපිරිකර මහා දානමය පූජාවත් පැවැත්වේ. උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම් මාලාව පැවැත්වේ.

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරය

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේ 79 වැනි කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය හා විහාරාධිපතිව වැඩ විසූ කථිකාචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමි ගුණානුස්මරණ මහා සඟසතු දානමය පින්කම මේ මස 16 වැනි දා පැවැත්වේ. විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින්ද සිල්වා මහතා සහ මහාචාරිණී රෝහිණී ද සිල්වා මහත්මිය ප්‍රමුඛ දායකත්වය දරති.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]