[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

උසස් පහත් බව තීරණය වන්නේ තමන්ගේ හැසිරීමට අනුවයි

බ්‍රාහ්මණයින් හඳුන්වා දෙන වර්ණ ධර්ම බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමඟ දෙදරා යෑමට පටන් ගත්තේ ය. එම මිථ්‍යා දෘෂ්ඨික නිර්මාණවාදය බුදුරජාණන් වහන්සේගේ දෝෂ දර්ශනයට ලක් වූ ආකාරයත්, එය ප්‍රතික්ෂේප වූ ආකාරයත් ත්‍රිපිටක සාහිත්‍යයෙන් මැනවින් ප්‍රකට වේ. ඒ අතර අග්ගඤ්ඤ, චක්කවත්තී සීහනාද, අස්සලායන, අම්බට්ඨ,මධුර, වසල, වාසෙට්ඨ ආදී සූත්‍ර ඉතා වැදගත් වේ. බුදුරදුන්ගේ දේශනය වූයේ, “අත්තාහි අත්තනෝ නාථො” යනුවෙන් තමාට පිහිට තමාම යන බව ය. පුද්ගලයා හා සමාජ සංස්ථාව කිසිවකුගේ මැවීමක් නොව කාලීනව හේතුඵලවාදීව ඇති වූවක් බව දී.නි. අග්ගඤ්ඤ සූත්‍රය තුළින් පැහැදිලි වේ. එහි සාරාංශය වශයෙන් දැක්වෙනුයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වූ සත්වයෝ විශ්වයෙහි ප්‍රථම වරට පහළ වී රස පොළොව, බදාලතා, භූමි පප්පටක හා ස්වයංජාත සහල් ආදිය අනුපිළිවෙලින් ආහාර වශයෙන් ගනිමින් ජීවත් වූ ආකාරයකි. එම සූත්‍රයේ ඓතිහාසික කතා පුවතට අනුව සත්වයාගේ සම්භවය සිදුවූ ආකාරයත් ක්‍රමයෙන් එය විකාශය වූ ආකාරයත්, දීර්ඝ ලෙස එම සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත. එම පුරා වෘත්තය තුළින් බුදුරජාණන් වහන්සේ බමුණන් විවේචනයට ලක් කොට ඇත. බැමිණියක කුසින් උපන් පමණට ම බමුණකු නොවන බව මම කියමි යනුවෙන් සඳහන් කළ අතර, “යේ බ්‍රාහ්මණෙ බාහිත පාපධම්මා” යනුවෙන් යමෙක් පව් දුරු කළේ ද හෙතෙම බ්‍රාහ්මණයෙක් බව අවධාරනය කළහ. එබැවින් බමුණන් මෙම මුසාවාදය ඔවුන් ඔවුනට කර ගන්නා පවක් හැටියට පෙන්වා දී ඇත. උතුනී (මාසිකව ඍතු වෙන),ගබ්බනී (ගැබ් ගන්නා බව),විජයමාන (ප්‍රසූත කරන), පායමාන (කිරිපොවන) ආදී ක්‍රියාකාරකම්වලින් යුතු බැමිණියන් සිටියදී මහා බ්‍රහ්මයාගේ මුවින් බමුණන් උපන්නා බව කියන දෙය සත්‍යයක් ද යන්න දී.නි. අග්ගඤ්ඤ සූත්‍රය තුළින් බුදුහිමි ප්‍රශ්න කොට ඇත.


පොසොන් පුර අටවක

ජුනි 07 අඟහරුවාදා පූර්වභාග 07.55 පුර අටවක ලබා 08 බදාදා පූර්වභාග 08.30 ගෙවේ.
07 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

මැයි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]