[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සියඹලාණ්ඩුව ඓතිහාසික මානාභරණ රාජමහා විහාරය

ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ ස්මාරකයක් වූ මානාභරණ රාජමහා විහාරය පිහිටා ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානාභරණ ග්‍රාම නිලධාරී වසමේ ය. රෝහණ දේශය ඉතා කෙටි කාලයක් පාලනය කළ නමුදු සිරිවල්ලභයන් ගේ පාලන සමය රට දේශපාලන ස්ථාවරත්වයකින් යුත් කාල පරිච්ඡේදයක් විය. සිරිවල්ලභයන්ගේත්, සුගලා දේවියගේත් පුත්‍රයා වූ මානාභරණ රෝහණ දේශයේ නැඟී එන දේශපාලන චරිතයක් වුව ද අවාසනාවකට මෙන් ඔහු අනපේක්ෂිත ලෙස අසාර්ථක අවසානයකට පත් වෙයි. මානාභරණ මියයෑමට ටික කලකට පෙර කරවූ කටගමුව පුවරු ලිපියට අනුව ඔහු ජීවත් වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1146 ආසන්න කාලයක දී ය. සිරිවල්ලභ සහ මානාභරණගෙන් අනතුරුව සුගලා දේවිය රෝහණය අත්පත් කර ගත්තා ය. සිරිවල්ලභ රාජකීය පවුලේ සාමාජිකයන් බුදු දහම වෙනුවෙන් බෙහෙවින් පරිත්‍යාගශීලී ව ප්‍රදේශය තුළ බෞද්ධ විහාරාරාම ගොඩනැඟීම සඳහා උදව් උපකාර කළ බව ඉතා පැහැදිලි ය. මානාභරණ විහාරය ද නොමඳ අයුරින් එකී රාජ්‍ය අනුග්‍රහය ලැබූ සිද්ධස්ථානයකි. දැනට මෙම ආරාම භූමියෙහි දැකිය හැකි පෞරාණික වාස්තු විද්‍යාත්මක නටබුන් මඟින් පැහැදිලි වන, ප්‍රධානතම කරුණ නම්, පුරාතනයේ දී සැදැහැවතුන්ගේ පූජෝපහාරයට ලක් වූ ප්‍රමුඛ ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් මානාභරණ විහාරය පැවැති බවයි.

පොසොන් පුර අටවක

ජුනි 07 අඟහරුවාදා පූර්වභාග 07.55 පුර අටවක ලබා 08 බදාදා පූර්වභාග 08.30 ගෙවේ.
07 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

මැයි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]