[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මැදින් පොහොය වර්ණනාව

මැදින් පොහොය වර්ණනාව

සැදැහැති උවසුවන් ලක්බිම හතර දෙසේ
බැතියෙන් දරාගෙන සම්බුදු ගුණය හිසේ
පිළිවෙත් අද දී දම් අමොද රසේ
පවසමි මැදින් පුන් පෝ දින වරුණ මෙසේ

සිදුහත් කුමරු ගෞතම බුදු පදවි ලද
කපිල වස්තු පුරයට වැඩමවන ලද
තෙවරක් යැව් ඇමතිවරු රජ අණ ද බිඳ
සසුනේ පැවිදි විය සම්බුදු පා කමල වැඳ

සුදවුන් රජතුමා සිදුවන කරුණු දැන
කාළුදායි මහ ඇමතිඳු කැඳව ගෙන
ලැබදී අවසරය ඔහුටත් මහණ වෙන
මෙහෙවර පැවරුණා බුදුහිමි වැඩමවන

රහතුන් විසිදහක් සහ නැසූ භව සෝක
සැට යොදුනක දුරක් ගෙවනට අතිරේක
බුදුහිමි මැදින් පුර පසළොස්වක දාක
කිඹුල්වතට වඩිනට ඇරඹුව සේක

බුදුහිමි පිළිගන්න දරු දැරියන් එද් දී
සැකි කුළ වැඩිහිටියෝ සැඟවෙන අතරෙහි දී
පාමින් යමා මහ පෙළහර ගුවනේ දී
බුදුහිමි නෑයන්ගේ මානය බිඳින ලදී

සුදවුන් රජ මැදුර වෙත හිමි වැඩිය තැන
මහ රජතුමා සැම සැදැහෙන් සපිළි ගෙන
දන් පිළිගන්නවා අසමින් දෙසුව බණ
සක්දාගාමී වී සසරින් එතර වින

යශෝධරාවන් වෙත හිමි වැඩම කොට
ඇගෙ ගුණ කියා නෑ පිරිවර ඉදිරි පිට
වෙසතුරු සිරිත සඳුකිඳුරුව මෙනෙහි කොට
සුවපත් කළා ඇය සසරින් එතර කොට

සුදොවුන් පිය රජුන් සසරින් එතෙර වුණා
රාහුල හා නන්ද කුමරුන් පැවිදි වුණා
යශෝධරාවන් මොක් පුර දැක සතුටු වුණා
ප්‍රජාපතී ගෝතමියන් රහත් වුණා

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]