[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තල්අරඹේ සිරි සුදස්සී රූමස්සල නාහිමි

තල්අරඹේ සිරි සුදස්සී රූමස්සල නාහිමි

මාතර දිස්ත්‍රික්කයේ තල්අරඹ නම් ග්‍රාමවරයේ දී 1940 වර්ෂයේ දී උපත ලද දයාසේන නම් මේ පින්වත් කුමරු වර්ෂ 1955 මැයි මස 09 වැනිදා කොග්ගල තලාතුඔය ආරණ්‍ය සේනාසනයේ දී සසුන්ගත විය. 1960 ඔක්තෝම්බර් 29 වැනිදා ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ නිර්මාතෘවර රාජකීය පණ්ඩිත කඩවැද්දුව ජිනවංශ හිමි, මාතර ඥානාරාම මාහිමි යන උතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා දොරපේ ඉන්දෝභාස නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මහෝපාධ්‍යාය ධූතාංගධාරි මඩවල ධම්මතිලක මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් කොග්ගල නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී උතුම් වූ උපසම්පත්ති ප්‍රතිලාභයට පත්වූහ.

අම්පාර දිගාමඩුල්ල ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ධූරය දරමින් හෑගොඩ ඉන්දසාර නාහිමියන් සමඟ අධ්‍යාපනික, ශාසනික හා ජාතික මහඟු මෙහෙවරක් ද සිදුකොට නැඟෙනහිර පළාතේ පිරිවෙන් අංශයෙන් උපහාර පවා ලබා ගනිමින් දැනට විශ්‍රාමික සුවයෙන් වැඩවෙසෙති.

වර්ෂ 1974 දි පොල් අතුවලින් ආවරණය කළ කුටියකින් ආරම්භ කළ ආවාසය අද ශිෂ්‍ය හිමිවරුන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන විද්‍යස්ථානයකි. මහ පිරිවෙනකි. තවද කතරගම පෙරගිරිගම බෞද්ධ ආශ්‍රමය නමින් විහාරස්ථානයක් ද මෑත භාගයෙහි ආරම්භ කර සසුනට දායාද කර ඇත.

ඉගෙනුමෙහි දක්ෂතාවය විදහා දක්වමින් බෞද්ධාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති, ප්‍රවීණාචාර්ය, විනයාචාර්ය සහ කම්මට්ඨානාචාර්ය (භාවනා පුහුණු) වැනි උපාධි සහ පාඨමාලා ගණනාවක් සමත් වී ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය වෙතින් “ශී‍්‍ර වනරතන ඉන්දෝභාස වංශාලංකාර ධර්ම ශාස්ත්‍ර සූරී කම්මට්ඨානාචාර්ය යන ගෞරව නාමයෙන් ද පුද ලැබූහ. සියක් නමකට අධික පැවිදි ශිෂ්‍ය සමුදායක් සසුනට ඇතුළත්කොට ලක් සම්බුදු සසුනට මහඟු මෙහෙයක් සිදු කරති.

ස්ව නිකායේ පමණක් නොව ශ්‍රී ලංකා ශාසනාම්බරයෙහි තෛ‍්‍රනිකායික භීක්ෂූ සංඝයා අතරෙහි ද සම්භාවනාවට පාත්‍රවූ උන් වහන්සේට තෛ‍්‍රනිකායික එක්සත් භික්ෂූ බල මණ්ඩලය මඟින් අධිකරණ සංඝනායක පදවියක් ද පිරිනමා ඇත. අසූ තුන්වන වියට පා තබන අප රූමස්සල නාහිමිපාණන් වහන්සේට ලෝසසුන් වැඩ වඩන්නට දිගාසිරි සම්පත් තෙරුවන් බෙලෙන් ලැබේවායි පතමු.

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]