[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ළතැවිල්ල

අත්වැල කැඩී ගියාලු
යන්නට තිබූ ඉහළට
ලියවැල් ඈඳුනාලු
ගෙවීමට තිබූ දිවිමඟ
ඔවුනට නෑසුනාලු
බුදු බණ අසා
ඇතැමුන් හිනැහුනා ලු
වැරදුණ පසු ඔවුනට
නිසි සිහිය එළඹුණා ලු

****

සතුන්ට හිංසා නොකරමු

සත්ව ලෝකයේ අසිරිය ලෝකයටම අසිරියකි. කුරුල්ලන්, කෘමීන් මෙන්ම බොහෝ සිව්පා සතුන් ද මිනිස් නෙත සිත තම වර්ණ රටා තුළින් ඇද බැඳ ගැනීමට සමත් වී ඇත. මෙම සතුන්ගේ විවිධාකාර හැසිරීම් මැනවින් අධ්‍යයනය කළ විට විස්මයජනක තොරතුරු රැසක් අපට දැන ගැනීමට හැකි වේ. එහෙත් කළගුණ නොදත් මිනිසා සත්ව හිංසනය විවිධාකාරයෙන් සිදු කරන්නේ හදවත් නැතිව මෙනි. මිනිසුන් තිරිසනුන් මෙන් සතුන් පසු පස හඹා යද්දි අහිංසක සත්තු පණ බේරා ගැනීමට වනය පුරා දුවති.

අනගාරික ධර්මපාලතුමා ගව ඝාතනයේ ආදීනව මිනිසුන්ගේ හදවතට දැනෙන පරිදි කොතෙකුත් කියා ඇද්ද, සත්ව හිංසනය පිටුදැකීම මෙන්ම, ජෛව විවිධත්වයට හානි කරන්නන්ට දැඩි නීති සම්පාදනය කිරීම වැදගත් වේ.

පරිසරයට ආදරය කරන, ජෛව විවිධත්වය රැක ගැනීමට වෙහෙස වන පරපුරක් බිහි කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු ය. එසේ සිදු වුවහොත් අපා, දෙපා, සිව්පා බහුපා ආදී සතුන්ට බියක් සැකක් නැතිව නිදහසේ ජීවත්වීමේ භාග්‍ය උදාවනු ඇත. මෙවන් අසිරියක් ලොවට දායාද කරන සත්ව සම්පත අප ආරක්ෂා කළ යුතු ය. එය අපේ වගකීමකි.

****

මගේ මව්බිම

මගේ රට ශ්‍රී ලංකාවයි. එය මහ මුහුදෙන් වට වී තිබේ. විවිධ ජාතීන්ට අයත් මිනිස්සු මගේ රටේ ජීවත් වෙති. අලංකාර දිය ඇලි සහ ගංගා මෙහි තිබේ. මගේ රට වටා පිහිටි මුහුදු තීරය මගේ රටට සුන්දරත්වයක් ගෙන දෙයි. රටේ මධ්‍යම කඳුකර ප්‍රදේශය මගේ රට නිරතුරුව ම අලංකාර කරයි. එහි පිහිටි ඇළ දොළ, දිය ඇලි මගේ රට නිරතුරුව ම අලංකාර කරයි. තැනිතලා ප්‍රදේශවල ඇති වෙල් යාය නිල් පලසක් ලෙස සැමගේ නෙත් සිත් පිනවයි. තවද රට පුරා පිහිටි වනාන්තර, අභයභූමි මගේ රට තව තවත් සුන්දර කරයි. අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියා හඳුන්වයි.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ජාතීහු ජීවත් වෙති. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග තේ, රබර්, පොල් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බෞද්ධ වේ. මීට අමතරව කතෝලික, හින්දු ආදී ආගම් ද වේ. මම මගේ රට පණ මෙන් සුරකිමි. මම මගේ රටට ආදරෙයි.

****

තාත්තා

රුවට රුවක් නැත
මෙහෙම රුවක් නැත
මගේ පියාගේ
රුව වාගේ

පිනට පිනක් නැත
මෙහෙම පිනක් නැත
ඒ රුව ලබන්න
පෙර මා කළ මහ
පින වාගේ

****

****

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]