[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

වැරැදි දෙය නිවැරැදි ලෙස දකිනවාද? අමිහිරි ආදීනව විඳින්නට සිදුවෙය

අවජ්ජේ වජ්ජමතිනො - වජ්ජේ චාවජ්ජ දස්සිනො, මිච්ඡා දිට්ඨි සමාදානා - සතතා ගච්ඡන්ති දුග්ගතිං (නිවැරැදි දේ වැරැදි ලෙසත් වැරැදි දේ නිවැරැදි යහපත් ලෙසත් ගත්තෝ අපාගාමී වෙති) සැවැත්නුවර වැසි ජනයා අතර ඇතැම් පිරිසක් තුනුරුවන් කෙරෙහි සැදැහැති ව ජීවත් වූහ. තවත් පිරිසක් නිවටුන්ගේ දහම අදහමින් කාලය ගත කළහ. මෙම දෙපාර්ශවයේ ම ළමයි පිරිස කිසිදු භේදයකින් තොරව එකට එක්ව කෙළි සෙල්ලම්වල යෙදෙමින් තම දවස ගත කරන්නට විය. කෙළි සෙල්ලමේ යෙදෙන ඇතැම් අවස්ථාවන්හි තෙරුවන් කෙරෙහි සැදැහැයෙන් කටයුතු කරන වැසියන්ගේ දරු පිරිස තමාට යම් පිපාසයක් දැනෙන අවස්ථාවන්හි තම පිපාසය සංසිඳුවා ගැනීම පිණිස වෙහෙරට ගොඩවෙයි. නිවටුන්ගේ දහම අදහන අයගේ ළමා පිරිස කිසිදු හේතුවක් නිසා හෝ වෙහෙරට නොයයි. ඊට බලවත් හේතුව වූයේ තම වැඩිහිටියන් විසින් වෙහෙරට යාම ඔවුන්ට තහනම් කරනු ලැබ තිබීමයි. එක්තරා දවසක ළමයි පිරිස කෙළි සෙල්ලමේ යෙදෙන අවස්ථාවක ඔවුන්ට පිපාසයක් ඇති විය. ඒ මොහොතේ තෙරුවන් කෙරෙහි සැදැහැයෙන් කටයුතු කරන වැසියන්ගේ දරු පිරිස වෙහෙරට ගොඩ වී පිපාසය සංසිඳුවා ගනිමු'යි යෝජනා කළහ. එහිදී නිවටුන්ගේ දහම අදහන පිරිසගේ එක් දරුවෙක් සඳහන් කරන්නට වූයේ අපට වෙහෙරට යාම තහනම් කොට ඇති බැවින් වෙහෙරට නොයාහැකි බවත්, ඔබලා වෙහෙරට ගොස් ප්‍රමාණවත් තරම් පැන් පානය කොට පිපාසය සංසිඳුවා අපට ද පැන් ස්වල්පයක් රැගෙන එන ලෙසත් ය.


නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]