[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපේක්ෂාවේ වැදගත්කම

උපේක්ෂාවේ වැදගත්කම

එක් සෙන් ආචාර්යවරයෙක් ඉතා පිරිසුදු ජීවිතයක් ගත කළේ ය. රූමත් තරුණියකට මෙම සෙන් ආචාර්යවරයා තමන් සතු කර ගැනීමට බලවත් අවශ්‍යතාවක් ඇති විය. සෙන් ඇදුරුතුමා එයට අකැමැති විය. කලක් යාමේ දී තරුණිය ගැබ්බර විය. තරුණියගෙන් දරුවාගේ පියා කවුදැයි දෙමාපියන් විමසූ කල මෙම සෙන් ආචාර්යවරයා බව පැවසීය. දෙමාපියන් එම දරුවා මෙම ආචාර්යවරයාට දොස් පවරමින් බාර දුනි. දරුවා භාර ගැනීමේ දී කිසිවක් නොකී ආචාර්යවරයා එක් වචනයක් පමණක් කීය. ඒ, ඒකත් එහෙමද?යනුවෙනි.

කල්යාමේ දී දරුවාගේ පියා සෙන් ඇදුරු නොව ගමේ වෙනත් තරුණයෙක් බව අනාවරණය විය. මව්පියෝ ලජ්ජාවෙන් සෙන් ඇදුරුතුමාගෙන් සමාව ගෙන දරුවා ලබා ගත්හ. එහිදී ද සෙන් ඇදුරුතුමා ප්‍රකාශ කළේ, ඒකත් එහෙමද? යන්න පමණි.

ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි
චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං
එතං මංගල මුත්තමං

අටලෝ දහමින් සිත කම්පා නොවේ ද , ශෝක රහිත ද, කෙලෙස් නැති ද එය උතුම් මංගල හෙවත් ශුභ කාරණාවකි.

උපදේශය

ඉවසීම සත්‍ය හෙළි කිරීමට සමත් ය.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]