[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවුරුදු පන්සියයක්ප්‍රේත ලොව දුක් විඳ දිව්‍ය සැප ලැබූ හැටි

අවුරුදු පන්සියයක් ප්‍රේත ලොව දුක් විඳ දිව්‍ය සැප ලැබූ හැටි

මගධ රට ඉට්ඨකාවතී සහ දීඝරාජී යන නමින් ගම්මාන දෙකක් විය. එගම් වාසීහු මිත්‍යා දෘෂ්ඨික වූහ. මෙම ඉට්ඨකාවතී නම් වූ ගමෙහි උපන් කාන්තාවක් පනුවන් සහ පළඟැටියන් මැරූ පවින් පේ‍්‍රත ලෝකයෙහි ඉපදුණි. අවුරුදු පන්සියයක් පේ‍්‍රත ලෝකයෙහි දුක් විඳින්නට සිදුවිය.

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. ඉහත කී පේ‍්‍රත ස්ති‍්‍රය ඉට්ඨකාවතී නම් ගමෙහි එක්තරා මවකගේ කුස පිළිසිඳ ගත්තා ය. මව් කුසින් බිහි වූ දැරිය ළමා වයසේ දී තවත් ළදැරියන් සමඟ ක්‍රීඩා කරමින් සිටින්නී ය. මෙකල සැරියුත් මහ රහතන් වහන්සේ අරුණවතී නම් වූ විහාරයෙහි වැඩ වාසය කරති. අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් සමඟ වැඩම කරන විට ක්‍රීඩාවේ යෙදි සිටි දැරියන් සැරියුත් මහ රහතන් වහන්සේට හා භික්ෂූන් වහන්සේලාට වැඳ නමස්කාර කළාහු ය. එහෙත් පේ‍්‍රත ලොවින් පැමිණි මේ ළදැරිය භික්ෂූන් වහන්සේලාට වැඳීමට නො පැමිණියා ය.

සැරියුත් මහ රහතන් වහන්සේ මෙම දැරිය නිරයෙහි උපදින බව දැක ඈ කෙරෙහි අනුකම්පාවෙන් භික්ෂූන් වහන්සේලා වන්දවන ලෙස පැවැසූහ. එවිට සෙසු දැරියන් ඇය ව බලෙන් ඇදගෙන විත් වන්දනා කෙරෙව්වා ය.

තරුණ වයසට සපැමිණි ඇය දීඝරාජී නම් ගමෙහි තරුණයකුට විවාහ කර දුනි. විවාහ වූ ඇය ගැබ්බරව සිටිද්දී හදිසියේ ම මිය ගියා ය. මිනිස් ජීවිතයේ දි පින් දහම් නොකළ ඒ ස්ත්‍රිය පේ‍්‍රත ලෝකයෙහි ඉපදුණි. සා පිපාසයෙන් පීඩිතව නග්නව දුර්වර්ණ ව සිටි මේ පේ‍්‍රත ස්ත්‍රිය සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දක්නා ලදහ. උන්වහන්සේ පේ‍්‍රත ස්ත්‍රියගෙන් මෙසේ වීමට ඔබ ඉහත ආත්මයේ දී කවර අකුසල කර්මයක් කළා දැයි විමසූහ.

ස්වාමීනි, දැඩි ලෝභයෙන් සිටි මා දන් සිල් භාවනාදී කිසිම පින්කමක් නොකළ බැවින් දුක් ඇති පේ‍්‍රත ලෝකයෙහි ඉපදුණ බව පැවසුවා ය. ස්වාමීනි, අනුකම්පා කොට මා මේ දුකෙන් ගොඩ ගන්නා මෙන් දුක්බර ආයාචනාවක් කළා ය.

සැරියුත් මහ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පිරිකර සහ දානය පූජා කොට ඇයට පින් දුන්හ. පින් අනුමෝදන් වූ පේ‍්‍රත ස්ත්‍රිය දිව්‍ය සැප ලැබුවා ය.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පුවත අර්ථෝත්පත්ති කොට දේශනා කොට වදාළ සේක.

නවම් පුර අටවක පෝය

පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ.
08 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]